MENU

Supernatural [S15 : E09] | දෙවියන්ගේ කූට උපක්‍රම හමුවේ දෙසොහොයුරන්!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ සුපර්නැචුරල් අවසාන කතා සමයේ නමවෙනි කොටස. පරක්කු වුනා අරගෙන එන්න, දැන් කලින්ටත් වඩා කාර්‍යබහුල වෙලා ඉන්නේ අධ්‍යාපන වගේම රැකියාවේ කටයුතුත් නිසා, ඒ ගැන අහිතක් හිතන එකක් නෑ. ලබන සතියේ ඉදලා ඉක්මනට අරගෙන එන්න උපරිම උත්සහ කරන්නම්කො.

පෙර කොටසින්…

කලින් කොටසෙදි ඩීන් සෑම් සහ කෑස් එකතුවෙලා මයිකල්ව ගෙන්න ගන්නවා, ජැක් මරපු මයිකල් නෙමේ, ඩීන්ලගේ සහෝදරයයි සෑමුයි එක්ක අපායේ කූඩුවට වැටුන මයිකල්ව, මයිකල්ව හොයාගෙන අපායට ගියාම තමා දකින්නේ දැන් අපායේ පාලකයා රොවීනා කියලා, කොහොමහරි එයා කොල්ලන්ට උදව් කරනවා මයිකල්ව හොයාගන්න, ඒත් ඒ වෙනකොටත් මයිකල් පොලවට ඇවිල්ල ඉවරයි මොකද සීසන් එක මුලදි උන චක් අපායේ දොරවල් ඇරපු එකෙන්. මයිකල් දෙවියන්ව නවත්තන්න ක්‍රමයක් දන්නවා ඇති කියලා තමා කට්ටිය මයිකල්ව හොයන්නේ, කෝමහරි අන්තිමේ හොයාගෙන ඒන්ජල් උගල්ක් ආධාරෙන් හිර කරලා, දෙවියන් ගැන මයිකල්ගේ හිතේ කහටක් ඇති කරලා දෙවියන්ව අන්ධකාරය කලින් හිර කලා වගේ හිරකරන්න පුළුවන් මන්තරයක් ඉල්ලගන්නවා, ඒ මන්තරේ කරන්න ලවායතන් බ්ලෝසම් කියන මලක් ඕන වෙනවා, ඒක හැදෙන්නේ පාතාලේ විතරයි, ඒක ගන්නත් දොරක් මයිකල් ඇරලා දීලා, ඇඩම් එක්කම යනවා යන්න. ඒ අතරේ තමා සෑම් එයිලීන්ට ලැබුන වැඩක් බලන්න්න එළියට යන්නේ, ඒත් නොහිතපු විදිහට ඒ වැඩේ පිටිපස්සේ ඉදල තියෙන්නේ චක්.

අද කොටසින්…

අද කොටසෙදි චක්, සෑම්වයි අයිලීන්වයි අල්ලගෙන මොකද කරන්නෙ කියලා බලන්න පුළුවන්, ඒ වගේම කෑස් සහ ඩීන් පාතාලයට ගිහිල්ලා ලවායතන් බ්ලෝසම් එක ගන්න හැටිත්, ඒ අරගෙන හදන මන්ත්‍රයෙන් මොකද වෙන්නෙ කියලත් බලාගන්න පුළුවන්. ඒනම් වැඩි විස්තර ඕන නෑ අරගෙන බලන්න.. ලෙජෙන්ඩ්ස් ඔෆ් ටුමෝරෝ එපියත් අද හෙටම ඔයාලට ලැබෙයි..මම ඒක කරන්න හිටියා නම් තව කල් යන නිසා වෙන කෙනෙක් දැනටමත් ඒක කරන ගමන් ඒ නිසා ඉක්මනට එයා අරගෙන ඒවි. එනම් ජයවේවා…!!

___ ____

අද කතාවේ නම “The Trap”
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 ජනවාරි 16
මීලග කොටස: The Heroes’ Journey |2020 ජනවාරි 23

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 260MB |

Direct Download

| HDTV | x264 | 480p | 240MB |

| HDTV | x264 | SD | 260MB |

x265

| HDTV | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *