MENU

Talaash: The Hunt Begins… (2003) | දඩයමේ ආරම්භය..!

චෝටේ පතන් කියන්නෙ ආයුධ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ගනිකාවන් සපයන තව ගොඩක් නීතී විරෝධී වැඩ කරන කල්ලියක නායකයෙක්. මනුශ්‍යයෙකුට වැඩිය යක්ශයෙක් කියල කිව්වොත් නිවැරදියි.බාබු කියන්නෙ මේ කල්ලියෙ සාමාජිකයෙක්. ඒ වගේම මේ කල්ලියෙ රහස් සඟවාගෙන ඉන්නෙ මේ බාබු තමයි. ඔහු කිහිප සැරයක්ම පොලීසියට අහු උනත්, කල්ලියෙ රහස් එලි නොකර ඉන්නවාට, ගෙවීමක් වශයෙන් ඔහුගේ පවුලේ අයව රැක බලා ගන්නා බවට චෝටේ පතන් පොරොන්දු වී තිබෙනවා. ඔහු පොලීසියට අසු වූ අවස්තාවේදී පොලිස් කමිශනර් විසින් ඔහුව ඇප ලබා දී නිදහස් කරන අතරම අපරාධ ආදීනව දේශනයක්ද ලබා දෙනවා.ඔහු නිදහස් වී ගෙදර පැමිනුනත්, චෝටේ පතන් ඔහුගේ පවුල රැක බලා ගන්නා බවට වූ පොරොන්දුව ඉශ්ට කර තිබුනේ නෑ. ඔහුගේ බිරිඳ, පුතා සහ දුව ඉතා දුක්බර ජීවිතයක් ගත කරනවා.

ඒ දැක බාබු චෝටේ පතන්ගෙන් පලි ගැනීමට සිතා කල්ලියේ සියලු රහස් පොලිසියට හෙලි කරනවා. ඒ වගේම කල්ලියේ සාමාජිකයින් වැඩි දෙනෙක් පොලිස් අත් අඩංගුවට පත් වෙනවා. එයින් වියරු වැටෙන චෝටේ පතන් බාබුගෙන් පලි ගැනීමට තීරනය කරනවා. බාබුව ඔහුගේම නිවසට රැගෙන ගොස් බිරිඳ හා දරුවන් ඉදිරියේම දඩුවම් කිරීමට තීරනය කරනවා.බාබුගෙ පුතා අර්ජුන් ඒ මොහොතේ රැකියාවට ගොස් සිටි නිසා නිවසේ සිටියේ නෑ. බාබුගෙ බිරිඳ ඔවුන් නගරය අත හැර යන බව පවසා සමාව අයැද සිටියත් චෝටේ පතන් ඒ කිසිවකට ඇහුම් කන් දෙන්නේ නෑ. දියනිය පූජා ව ඔවුන් විසින් පැහැරගෙන යනවා. අවුරුදු දහයක් දොලහක් උස් මහත් කර ඇයව විකුනා දමන බවට තර්ජනය කරනවා. බාබු ඇයව බේරා ගැනීමට මැදිහත් වුනත්, චෝටේ පතන් ඔහුව මරා දමනවා. රැකියාව අවසන් කර නිවසට පැමිනෙන අර්ජුන් දකින්නේ මියගිය සිය පියා ලග හඬා වැටෙන මවයි. බාබුගේ මරනයෙන් පස්සෙ බාබුගෙ බිරිඳ මානසික වැටෙනවා. ඇය ඇගේම පුතා අර්ජුන්ව හඳුනන්නෙත් නෑ. ඇය සිතාගෙන ඉන්නෙ දියනියගේ බෝනික්කා ඇගේ දියනිය කියායි.

පොලීසියට යන අර්ජුන් පොලීසිය හා එක් වී නගරයෙ හැම අස්සක් මුල්ලක් පාසාම චෝටේ පතන්ව හොයනවා. එහෙත් ඔවුන් ගැන කිසිම හෝඩුවාවක් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. චෝටේ පතන් සහ ඔහුගේ සහචරයින් වන රජ්ජෝ සිං සහ ශර්මා සම්පූර්නයෙන්ම අතුරුදහන් වෙලා. ඒත් අර්ජුන් අතාරින්නෙ නෑ. තමන්ගෙ සොහොයුරියව සොයාගෙන පියා මැරූ පලිය ගන්නා බවට පොරොන්දු වෙනවා.

ඉතින් අර්ජුන්ට තමන්ගෙ පලිය ගන්න පුලුවන් වෙයිද කියල කතාව බලලම දැනගමු.

මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2003 වර්ෂයෙ ජනවාරි 3 වෙනිදා. අධ්‍යක්ශනය කරන්නෙ Ajay (1996), Jaanwar (1999), Ek Rishtaa (2001), Andaaz (2003), Barsaat (2005), Dosti: Friends Forever (2005), Mere Jeevan Saathi (2006), Shakalaka Boom Boom (2007) Ek Haseena Thi Ek Deewana Tha (2017) චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු සුනිල් දර්ශන්. රංගනයෙන් දායක වෙන්නෙ අක්ශෙ කුමාර්, කරීනා කපූර්, පූජා බත්‍රා, කබීර් බේදි, ගුල්ශන් ග්‍රෝවර්, ශක්ති කපූර්, දිලිප් ටහිල්, අර්බාස් අලි කාන්, අනිරුද් අගර්වාල්, සහ අශිශ් විද්‍යාර්ති.මේ චිත්‍රපටියට මුලින් තෝරගෙන තියෙන්නෙ සනී ඩියොල්, ආක්ශේ සහ කරීනා කපූර් ව. ඒත් පස්සෙ සනී චිත්‍රපටිය ප්‍රතික්ශේප කරනවා. ඔහුගේ චරිතය වෙන කෙනෙකුට බාර දෙනවා වෙනුවට අධ්‍යක්ශක ප්‍රධාන චරිත දෙකක් යොදාගෙන තිර පිටපත වෙනස් කරනවා. ආක්ශේ හා කරීනා මුල්ම වරට එකට රඟපාන්නේ මේ චිත්‍රපටියෙයි. ඒ වගේම 2012 වර්ෂයෙදි මේ නමින්ම තිරගත වුන අමීර් කාන්ගෙ චිත්‍රපටියෙත් කරීනා චරිතයක් නිරූපනය කරනවා.

සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sanjeev-Darshan. ගී පද රචනය Sameer. ගීත ගායනයෙන් Alka Yagnik, Udit Narayan, Kumar Sanu, Shaan, Anuradha Sriram සහ Vasundhara Das දායක වෙනවා. ඒ වගේම ලස්සනම ලස්සන සිංදු එකතුවක් මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙනවා.

චුට්ටක් පරණ උනත් හැමෝටම බලන්න පුලුවන් ලස්සනම කතාවක් තමයි මේ අරගෙන ආවෙ.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| HDRip | x264 | 720p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Talaash: The Hunt Begins… (2003) | දඩයමේ ආරම්භය..!

  • Bombay velet film eka dannooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *