MENU

Tangled: The Series [S01 : E17] | xx සිත්තරාගේ අවහිරය xx

ඔන්න එහෙමනම් 17 වෙනි කොටසත් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. පසුගිය සතියේ රපන්zසල් කුමරිය සැබෑවටම රැජින වශයෙන් වැඩ කලා මතක ඇතිනේ. ඒ එයාගේ අම්මයි තාත්තයි විවාහ සංවත්සරය වෙනුවෙන් පිට පළාතක සංචාරයකට ගියපු නිසා. මතක ඇති හැමෝටම මේ රැජිණ විදියට වැඩ කටයුතු කරන එක ඒ තරම් ලේසි පහසු දෙයක් වුනේ නැහැ රපන්zසල්ට. එයාට ගොඩක් අමාරු තීන්දු තීරණ ගොඩක් ගන්න සිද්ද වුනා. රාජධානිය ලොකු ව්‍යසනයකට මුහුණ දීපු නිසා ඒ වෙනුවෙන් රට වැසියන් බේරගන්න ඇයට ගොඩක් දේවල් කරන්න සිදු වුනා. ඒ වගේම තමයි එයාගේ අම්මයි තාත්තායි ගියපු අශ්ව කරත්තය අනතුරකට ලක්වෙලා ඒක බේරගන්න කට්ටිය යවන්න වුනා. මතකනේ වේරියන්. රාජධානිය හිම කුණාටුවකට මුහුණ දීලා තියෙන වෙලාවේ වේරියන් ඇවිත් රපන්zසල්ගේ උදව් ඉල්ලු එයාගේ තාත්තව බේරගන්න. හැබැයි ඉතිං ඒ වෙලාවේ රපන්zසල්ට තීරණය කරන්න වුනා වේරියන්ගේ තාත්තට උදව් කරනවට වඩා මුලු රාජධානියම බේරගන්න එක වඩා වැදගත් කියලා. අවසානයේදී රපන්zසල් සුරංගනා කතාවක් විශ්වාස කරලා ඒක හොයාගන ගිහින් මුළු රාජධානියම බේරගත්තා

ඉතිං අද කතාව පැත්තට හැරෙමු එහෙමනම්. අද කතාවෙදි රපන්zසල් පසුගිය කතාවේදි ගත්ත තීරණ වලට පසුතැවෙනවා. ඒ නිසා ඇයට මොනවත්ම කරගන්න බැහැ. විෙශ්ෂයෙන්ම චිත්‍ර අදින්න බැහැ. මේ වෙලාවෙදි ඇයගේ උදව්වට කෙනෙක් එනවා. මෙයා චිත්‍ර ගුරුවරියක් හැටියට තමයි එන්නේ. ඉතිං රපන්zසල්ට මේ ඇති වෙලා තියෙන තත්වයට හේතුව ඇය පසුගිය දින කිහිපයේදී ගත්ත දුෂ්කර තීන්දු තීරණ. ඉතං අපි බලමු ඇයට මේ සිත්තරාගේ අවහිරයෙන් ගැලවිලා නැවත චිත්‍ර අදින්න පුළුවන් වේවිද කියලා. ඒ වගේම මේකට ඇයට උදව් කරන්න එන කෙනා කවුද කියලත්.

මීළඟ කොටසින් හමුවෙමු.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | EZTV | 135MB |  

9A92AAEFDEDB3FB62B6F0E67FDE72BA6500C3DB4

Direct Download

| HDTV | x264 | EZTV | 135MB |      

    

 

  

 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *