MENU

Tere Ghar Ke Samne (1963) | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා!

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවාස දෙකක් එක ළඟ ඉඳි කිරීමට භාර ගනියි. එය තම පියාගේ නිවස සහ තම ආදරවන්තියගේ පියාගේ නිවසයි. මෙම පියවරුන් දෙදෙනා එක ළඟ පිහිටා තිබූ මෙම ඉඩම් කැබලි දෙක වෙන්දේසියකින් මිලට ගැනීමට යාමේදී ඇතිවූ ප්‍රශ්නයක් නිසා විරසකයක් ඇතිවේ. මෙම විරසකය නිසා ගෘහ නිර්මාණ ශිල්පිගේ ප්‍රේමයට ඉමහත් බාධක සහ ගැටළු ඇතිවේ. දේව් ආනන්ද්, නූටාන් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත. ඒ අතරින් ඉතාමත් ජනප්‍රිය ගීතයක් වන්නේ එච්.ආර්. ජෝතිපාලයන් ගායනා කළ ”මහද නමැති වන බඹරා, ළංවී කනට ඔබේ…” ගීතයයි. එසේම මෙම සිනමාපටය සඳහා සිංහල උපසිරසි ලබාදෙන මෙන් පැරණි හින්දි සිනමාව ප්‍රිය කරනා රසිකයන් කීපදෙනෙක්ම මගෙන් ඉල්ලා සිටි බව මතක් කිරීමට ද කැමැත්තෙමි.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති  “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්“,  “සුරාජ්“, “ගීත්” ,”අප්නා දේශ්“,”අර්සු“,”කැරවෑන්“, “අල්බේලා“, “ජන්ග්ලී“, චෝරි චෝරි  යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන විසිහත්වෙනි සිංහල උපසිරසිකරණයයි. පැය දෙකයි, මිනිත්තු දහසයයි. තත්පර පනස් හතක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන බව සලකන්න. ඉහත දක්වා ඇති ධාවන කාලය අනුව මෙම වීඩියෝව පහසුවෙන් අන්තර් ජාලය තුළින් සොයාගත හැකිය. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 

Direct Download

| DVDRip | x264 | 480p | 400MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Tere Ghar Ke Samne (1963) | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා!

  • Subtitle ekata adala Video eka hoyaganna naha. Eka denna please.

    Reply
  • Ayyo, video eka nahane. Please re upload.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *