MENU

The 100 [S05 : E01] | විනාශයකින් පසු ලොව…

කොහොමද හිතවතුනි. ඔන්න එහෙනම් මේ සූදානම ඔබ පුනපුනා බලා සිටි THE 100 කතාමාලාවේ පස්වැනි සමය ආරම්භ කරන්නයි. එහෙමනම් අද කොටස ගැන කියන්නට මත්තෙන් පෙර කතාසමයන්වල අන්තර්ගතය කෙටියෙන් මෙලෙස ඔබ හමුවේ තබන්නම්.

පළමු කථාමාලාව.
න්‍යෂ්ටික විනාශයකට ලක් වූ පෘථිවියෙන් පණ බේරාගෙන ඒකාබද්ධ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිවි ගෙවන්නන් පිරිසක් වසර 97කට පසුව තම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දෝෂයක් හේතුවෙන් පෘථිවිය ජීවිත්වීමට සුදුසුදැයි යන්න පරික්ෂා කිරීමට තරුණයින් 100 දෙනෙකු පෘථිවිය වෙත එවනවා.ඒ අතරින් ක්ලාක්,බෙලමි,ඔක්ටෙවියා,ජස්පර්,ෆින්,වේල්ස්,මොන්ට්,මර්ෆි යන අය මුලිකත්වයක් ගත්තා නොවෑ.පෘථිවියේ පාරිසරික තත්වය සහ වාතය ජිවය පැවතීමට යෝග්‍ය ලෙස තමා තියෙන්නේ. නමුත් ඔවුන්ට වෙනත් තර්ජනයක් එල්ල වෙනවා. ඒ තමා පෘථිවියේ ජිවත්වෙන්නන් හෙවත් ‘භුමිවාසින්”. ඉතින් මේ භුමිවාසින් සමග අහසින් පැමිණි අයට සටන් වැදීමට සිදුවෙනවා. පිරිස් බලයෙන් අඩුවුනත් ඔවුන්ගේ තාක්ෂනය සහ දැනුම ඔවුන්ගේ වාසියට හේතුවක් වුනා.අවසානයේ සටනකින් භුමිවාසින් 300කට අධික පිරිසක් මරා දමා ජය ගැන්මට ඔවුන් සමත්වෙනවා. නමුත් ඒ හා සමගම නව තර්ජනයක් මතුව එනවා.

දෙවැනි කථාමාලාව.
පළමු කතාමාලාව අවසානයේ කදුකරවාසින් විසින් ඔවුන්ව අල්ලාගන්නවා. මේ වෙද්දී අභ්‍යවකාශයේ හිටපු පිරිසත් පෘථිවියට ඇවිත් ඉවරයි. කවුද මේ කදුකරවාසින් කියන්නේ? ඔවුන් ම්ලේච්ඡ හෝ ග්‍රෝත්‍රික ජන කොටසක් නෙවෙයි.මවුන්ට් වෙදර් නම් භූගත හමුදා කදවුරක දිවි ගෙවන ආකාශ වැසියන් මෙන්ම ඉහල තාක්ෂණයකට උරුමකම් කියමින් දිවි ගෙවන පිරිසක්.භුමිවාසින් පවා මොවුන්ට බියක් දක්වනවා. ඔවුන් මිත්‍රශීලි ලෙස පෙනී හිටියත් ඇතුලතින් ඔවුන් භුමිවාසින්ටත් වඩා රුදුරු බව ක්ලාක් දැනගන්නවා.අවසානයේ ඇය ඒ ස්ථානයෙන් පලාවිත් තම මිතුරන් සහ භුමිවාසි ජනයා කදුකර වාසීන්ගෙන් මුදාගැනීමට දෙපක්ෂයේ ඒකාබද්ධ සේනාවන් සමග සටනකට මුල පිරුවත් භුමිවාසි නායකයා අවසන සටනින් ඉවත්ව යන්නේ කදුකරවාසින් සමග ඇති කරගත එකගතාවයක් නිසාවෙන්. මේ නිසා ක්ලාක් තීරණය කරනවා තනිව තම මිතුරන් මුදාගැනීමට. ඒ සදහා ඇය සියලුම කදුකරවාසින් ඝාතනය කරනවා.

තෙවැනි කතාමාලාව.
තෙවැනි කතාමාලාව පටන්ගනිද්දී කට්ටියටම මතක ඇතිනේ ක්ලාක් ආකේඩියාවේ නැහැ. ඇය වනයකට වෙලා තනියම තමා දිවි ගෙවන්නේ. කදුකරවාසින්ව ඝාතනය කළ නිසාම ඇයට වන්හේඩා නැතිනම් මරණයේ පාලකයා කියලා නමක් එහෙමත් පට බැදෙනවනේ.ඒවගේම කතාව ආරම්භයේදී අයිස් ජාතින් සමග යුද්දෙකට එහෙමත් මුල පුරන්න වෙනවා. කොහොමින්හරි ආකේඩියාව දහතුන්වන ගෝත්‍රය ලෙස කමාන්ඩර්ගේ(ලෙක්සාගේ) පාලනය පිළිගැනීමත් සමග එය අවසන් වෙනවා. ඒවගේම කට්ටියට මතකද දන්නේ නැහැ කතාවේ මැද හරිය වගේ වෙද්දී ප්‍රධාන මාතෘකාවක් වෙන්නේ ආලෝකයේ නගරය. ඒ ජාහා ආලෝකයේ නගරයට ඇතුල්වෙන යතුරුත් සමග නැවත පැමිණීමත් සමග. මේ ආලෝකයේ නගරයට ආකේඩියාව මෙන්ම බොහොමයක් ගෝත්‍රික ජනයාද නතු වෙනවා. නමුත් අවසන සුපුරුදු ලෙස ක්ලාක් ඔවුන්ව බේරගන්න මුල පුරනවා. ආ ඒවගේම තෙවන සමය කතාමාලාවේ ප්‍රධාන චරිත සමුගැන්මකට ලක්වූ සමයක් වූහ.

සතරවැනි කතාමාලාව
තුන්වන කතාසමයට පාදක වුනේ ආලෝකයේ නගරය කියලා මතකයිනේ. ඉතින් මේ ආලෝකයේ නගරයේ පාලක තැන වුනේ ඇලී. ඇලී කියලා කියන්නෙ මනුස්සයෙක් නොව කෘතීම බුද්ධියක් බවත් මතකයිනේ. ඉතින් ක්ලාක් ආලෝකයේ නගරයට ගිහින් ඇලීව විනාස කරන මොහොතේ ඇය පවසනවා තමන් උත්සහ කලේ මානව වර්ගයා බේරාගැනීමට බව. ඉතින් ඇලී පවසන ආකාරයට න්‍යෂ්ටික බලාගාර උනුවිම නිසාවෙන් ඇතිවෙන මහා පිපිරීමෙන් ලෝකය විනාශ වීමට නියමිතයි. ඉතින් හතරවන සමයට පාදක වන්නෙ මේ විනාශයෙන් බේරීමට දරන උත්සාහයන් සහ ගෝත්‍ර අතර ඇතිවෙන බල අරගලයන්. විවිධ උත්සාහයන් දැරීමෙන් අනතුරුව හමු වූ බංකරයක ආධිපත්‍යය සදහා සටනක් පැවත්තුනා මතක ඇතිනේ. ඒකෙන් ජය ගත්තේ ඔක්ටේවියා. ඉතින් ඔක්ටේවියා තීරණය කළානේ සෑම ගෝත්‍රයක් සමගම එය සමව බෙදාගන්න. නමුත් මේ මොහොතේ ක්ලාක්, බෙලමි ඇතුළු පිරිස යානයකින් අභ්‍යවකාශ ගත උනා මතකයිනේ. ක්ලාක්ටනම් හැබැයි යන්න උනේ නෑනේ. කොහොමහරි ක්ලාක් දිවි බේරගෙන තවත් අළුත් සාමාජිකයෙක් සමග ඉන්නකොටම අභ්‍යවකාශයෙන් යානයන් කඩාපාත් වෙන තැනින් තමා හතරවන කතාසමය අවසන් උනේ.

පස්වන කතාමාලාව.
පස්වන කතාමාලාව ආරම්භ වෙන්නේ ෆ්‍රයම්පායා එනම් ලෝක විනාශයෙන් පසුවයි. පිරිසක් ඔක්ටෙවියාගෙ නායකත්වය යටතේ භූගත බංකරයකට යද්දී පිරිසක් අභ්‍යවකාශගත උනා මතකයිනේ. ඒ යද්දී ක්ලාක්ව මග ඇරුනා. ඉතින් ඊට පස්සේ කාලය තුළ ක්ලාක් තමන්ගේ දිවි ගැට ගසාගනිමින් ගත කාලය අද කොටසින් දැකගන්න පුළුවන්. අද වෙන්නේ මොනාද කියලා මම මොකුත් කියන්න යන්නෙ නැහැ. අපි ඒ ගැන ලබන සතියේ කතා කරමු.

එහෙමනම් ඔයාලටම කුතුහලය සමගින් කතාව නරඹන්න ඉතුරු කරමින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 390MB |    

FDFB09606181081996731BD314F027B9BA9BB848

Direct Download

| HDTV | x264 | 480p | 230MB |       

         

| HDTV | x265 | 720p | 310MB |       

         

| HDTV | x264 | SVA | 390MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

6 thoughts on “The 100 [S05 : E01] | විනාශයකින් පසු ලොව…

  • Danushka Bandara

    නියමෙටම තියනවා….❤️❤️??

    Reply
    • Kohamada download karanne?

      Reply
  • koooo sinhala sub nene ganna,khomada ganne,ikmanata kiyandooo

    Reply
  • ado video me link valin dhennene

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *