MENU

The 100 [S05 : E02] | ලෙයින් උපන් රතු රැජිණ!

කොහොමද කට්ටියට. ඔන්න එහෙමනම් අද මේ ආවේ THE 100 පස්වන සමයේ දෙවැනි කොටසත් අරගෙනයි. අදත් ඔන්න ආව දවසෙම රෑ 8.30 වෙද්දී උපසිරැසිය ඉවරයක් කරගන්න පුළුවන්කම ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

මේ සමයත් වෙනදා වගේම ආරම්භ උනේ හොද පටන්ගැන්මකින් කියලා කලින් කොටහා බලපු උදවිය දකින්න ඇතිනේ. ගිය සතියේ හුදෙක්ම පාදක උනේ ෆ්‍රයම්පායා විනාශයෙන් පසුව පොළව මත ඉතුරු වෙන ක්ලාක් සිය ජීවිතය ගැට ගහගත් ආකාරය පෙන්වන්නයි. ඒ වගේම අලුත් චරිතය වෙන මැඩි කවුද කින්දමන්ද කියන එකටත් ගිය සතියේ කොටසින් අපිට පිළිතුරක් ලැබුනා. ඒ වගේම අපිට දැකගන්න ලැබුනා අභ්‍යවකාශ ගතවුණු උදවියවත්. එහෙදි ඇතැම් සබදතා බිදී යද්දී නව සබදතා එහෙම බිහිවෙලා තිබ්බා. දකින්න ඇතිනේ එමොරි සහ මර්ෆි වෙන් වෙලා. එතකොට බෙලමි එකෝ එක්කලා හාදවෙලා. මං හිතන්නේ ඒ සිදුවීමත් එක්කලා රසිකයෝ ගොඩක් ආසාවෙන් බලන් හිටිය ක්ලාක්/බෙලමි ආදර අන්දරයක් මේ පාරවත් පටන්ගනිදෝ කියන මතය සුනුවිසුනු වෙලා ගියා.

ඒ වගේම ගිය සතියේ කොටසින් දැකගන්නට ලැබුනා අළුත් පිරිසක් අභ්‍යවකාශ යානයකින් පෘථිවියට පැමිණෙන ආකාරය. බැලු බැල්මට මේ අය පෙනුනේනම් හොද අය වගේ නෙවෙයි. ඒක තවත් සනාථ උනානේ දෙන්නෙක් මැඩිව මරන්න උත්සහ කළ එකෙන්. හැබැයි මේ ආව අය ඉතාමත් දියුණු අවි තාක්‍ෂණයක් සහ දැනුමක් සහිත අය කියලනම් කිව්ව හැකි. කට්ටියට මතකද දන්නේ පෙර කොටසක මේ අය ගැන සදහනක් තිබ්බා කියලා.

හතරවැනි සමයේ සදහන් උනා eligius corporation යටතේ තාරකා පතල්වලට සිරකරුවන් ප්‍රවාහනයක් සිද්ද උනාය කියලා. බෙකා මුලින්ම නයිට්බ්ලඩ් නිර්මාණය කරලා තිබ්බෙත් මේ අයට විකිරණවලින් ආරක්ෂා වෙන්න කියලානේ. ඉතින් එහෙම යවපු පිරිසක් තමා මේ පාර ඇවිත් ඉන්නෙ. සිරකරුවෝ කියන්නේ ඉතින් කොහොමත් හොද උදවිය වෙන්න විදිහක් නෑනේ ඉතින්.

ඉතින් ගිය සතියේ හුදෙක් ක්ලාක් ගැනම පෙන්නුවනේ ඔන්න අද බංකරේ ඇතුලෙ පිරිස ගැනම විතරයි පෙන්වන්නේ. ගෝත්‍ර 13ක් එක්කලා ඔක්ටේවියා බංකරේ ඇතුළට ගියාට මොකද ටික දවසක් යද්දී මෙයාල අතර ප්‍රශ්න මතුවෙනවා. ආහාර නිෂ්පාදනය කරන්න තියෙන සීමිතකම නිසාම ආකාශ ගෝත්‍රය යළිත් වරක් බංකරේ කොටසක පාලනය තමන් යටතට ගන්නවා. හැබැයි ඒක කරන්නෙ ගෝත්‍රයේ එක්තරා පිරිසක්. අනිත් කොටසට වෙන්නේ භුමිවසින් එක්ක ඉන්න. ඉතින් ඔක්ටේවියාගෙ නායකත්වය පවා මේ වෙද්දී අභියෝගයකට ලක්වෙලා. දන්නවනේ භුමිවාසින් පිළිගන්නේ නයිට්බ්ලඩ් තියෙන කමාන්ඩර්ලව විතරයි කියලා.ඉතින් කොහොමහරි ආකාශ ගෝත්‍රයේ මේ වරදත් නිවැරදි කරමින් සිය පාලනාධිකාරිය පිහිටුවාගන්නට ඔක්ටේවියා සමත් වෙනවා. ඒ වගේම කතාවේ ආරම්භයේ පටන්ම සිටියා වූ විටෙක වීරයෙකු විටෙක දුෂ්ටයකු වූ චරිතයක් අද කොටසින් අවසන් ගමන් යනවා.

එහෙමනම් මම මෙතෙකින් ලිපිය හමාර කරනවා. ලබන සතියේ ආයේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

තව කියන්න දෙයක් තියෙනවා. මම දැක්කා සමහරු කමෙන්ට් කරලා තියෙනවා උපසිරැසිය බාගත කර ගැනීමට නොහැකි අපහසුතා ඇතිවෙනවා කියලා. එහෙම අයට කියන්න තියෙන්නෙ ඒ වෙලාවට පොඩ්ඩක් තමන්ගෙ බ්‍රවුසර් ඒකෙ කෑෂ් ක්ලියර් කරලා නැවත උත්සහ කරන්න කියලා. මොකද එහෙම දේවල් අපිට හදලා දෙන්න පුළුවන්කමක් නෑනේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 244MB |    

4CE0BA389345ED6140058EC00FF443536E575102

Direct Download

| HDTV | x264 | 480p | 126MB |

   

| HDTV | x265 | 720p | 190MB |

   

| HDTV | x264 | SVA | 242MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

4 thoughts on “The 100 [S05 : E02] | ලෙයින් උපන් රතු රැජිණ!

  • Elama jathiiii ikmanata sub eka danna thankx

    Reply
    • IKMNIN SUB KRPN BRO..THANX

      Reply
  • sherlock holmes

    Thanks bro……විශේෂයෙන් ..×265 කොපියට 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *