MENU

The 100 [S06 : E03] | ගේබ්‍රියල්ගෙ දරුවන්!

සමාවෙන්න ඕන අද කොටස ගේන්න ටිකක් පමා උනා. පමා උනා කිව්වට උපසිරැසිය ඇවිත් පැය 24ක් ඇතුළත වැඩේ ඉවරයක් කරගන්නනම් පුළුවන් උනා හැබැයි. ඔන්න එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටස ගැන කතා කළොත් ඔබට මතක ඇති ඇල්ෆා ග්‍රහලොවට මුලින්ම ආව පිරිස ගැන පෙන්නුවා කියලා. එයාලා ඇවිත් තිබ්බේ පවුල් වශයෙන්, ඉතින් මෙහෙම ඇවිල්ලා මේ ලෝකය ගැන විස්තර එකතු කරමින් බොහොම සතුටින් ඉන්න අතරේ තමයි එයාලටත් මුලින්ම රක්ත සූර්යයාගෙ බලපෑම විදින්න සිද්ද උනේ. ඉතින් ඒක ඉවරයක් උනෙත් එයාලගේ කීප දෙනෙක්ම මැරිලා. වෙන ඕන නෑ තමන්ගෙම බිරිද සහ දැරුවා මරන්න පවා මේ රක්ත සූර්යයාගෙ බලපෑම නිසා මිනිස්සු පෙළඹෙනවා.

ඉතින් කොහොමහරි එමෝරි කාටත් කලින්ම පිස්සු නටන්න ගත්තා. එමෝරිගෙ හැසිරීමයි පෙර පාසලකින් හම්බවෙච්ච පොතයි නිසා ක්ලාක් ඇතුළු පිරිසට තේරුම් ගියා තමන්වත් මේ රක්ත සූර්යයාගෙ බලපෑමට අහු වේගෙන එන්නෙ කියලා. ඉතින් ඒකට ක්‍රියාමාර්ගයක් විදිහට මතක ඇතිනේ කට්ටිය දෙන්නා ගානේ බෙදිලා දම්වැල් දාගෙන ඉන්න එකග උනා. ඒ වගේම හදිසියක් උනොත් කියලා හැමෝම ගාව නිර්වින්දකයක් තිබ්බා. ඉතින් එමොරිත් එකෝ දෙන්නා, මිලර් ජැක්සන් දෙන්නා, සහ බෙලමි ,ක්ලාක් සහ මර්ෆි තුන්දෙනා විදිහට තමයි කට්ටිය කාමරවලට බෙදුනේ.

කොහොමහරි මේ සූර්යයාගෙ බලපෑමෙන් මිදිලා ඉන්න කියලා මේ වැඩේ කළත් ඒ වැඩෙත් අසාර්ථක උනා මතක ඇති. අන්තිමේ බෙලමි, මර්ෆි, ක්ලාක් තුන්දෙනා එකිනෙකා මරාගන්න පටන් ගන්නවා. ඇත්තම කිව්වොත් ක්ලාක් සියදිවි නසාගන්න උත්සහ කරන්නෙ, එතකොට මර්ෆි හැමෝවම ආරක්‍ෂා කරන්න. ඉතින් බෙලමි තමයි කට්ටියව මරන්න හදන කෙනා උනේ. කොහොමහරි මර්ෆියි ක්ලාකුයි එකතු වෙලා බෙලමිව නතර කරන්න උත්සහ කළා මතක ඇතිනේ. පස්සේ තුන්දෙනාටම සිහිය නැතිවෙලා නතර උනේ.

ඔය අතරේ ප්‍රවාහන යානය හොරකම් කරගෙන ඇල්ෆා ග්‍රහලොවෙන් ගිය හතරදෙනෙක් එලිජියස්වළ හැමෝමව සිරබාරයට ගන්නවා. කට්ටියවම එකම කාමරේක හිර කරලා තියෙද්දී ඔක්ටේවියා අනිත් අය එක්ක පැටලුනා කට්ටියට මතක ඇති. හැබැයි එළියේ හිටිය රේවන් මේ කට්ටියව මුදාගන්න ඩියෝසාගෙ උදව් ගන්න එයාව ඇහැරවනවා. කොහොමහරි අවසානයේ ඩියෝසාගෙ සැලසුම් අනුව මැඩීවත් ඇහැරවලා යානයට ආව හතරදෙනාගෙන් තුන්දෙනෙක්වම මරලා දාලා කට්ටියව බේරගන්නවා. පස්සේ ඒ කට්ටියත් ක්ලාක් ඇතුළු පිරිසට මොකද උනේ කියලා හොයාගන්න පොළවට ආවා මතක ඇති.

ඉතින් අද කතාව එතන ඉදලා. එහෙමනම් අද මොකක්ද වෙන්නෙ කියලා මම කියන්නෙ නෑ. කට්ටිය බාගෙනම බලන්න. එහෙමනම් ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 300MB |    

Direct Download

| HDTV | x264 | 480p | 160MB |

| HDTV | x264 | TBS | 300MB |

| HDTV | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The 100 [S06 : E03] | ගේබ්‍රියල්ගෙ දරුවන්!

  • Rohitha Jayampathi

    ko meke episode 01 , 02 ewa nane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *