MENU

The 100 [S06 : E13] | ව්‍යාකුලත්වයක නිමාවද? ආරම්භයද?

ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 හයවැනි කතාමාලාවේ 13වැනි කොටස හෙවත් අන්තිම කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද උනේ කියලා.

ගිය සතියේ කොටස ගැන මතක් කළොත්, ප්‍රයිම්ලා ඇබිගෙ සහයෙන් මැඩිව යොදාගෙන නයිට්බ්ලඩ් හදන එක ආරම්භ කළා. ඉතින් ඒකෙ ආරම්භය හැටියට එකෝව යොදාගෙන සිමෝන්ට යලි පණ දෙන්න ගිහිල්ලා රයිකර් මැරුම් කෑවා මතක ඇතිනේ. කොහොමහරි මැඩිගෙන් දිගටම ඇටමිදුළු නිස්සාරණය කරන එකෙන් ඇය මිය යන්න පුළුවන් නිසා ඇබි තීරණය කළා නයිට්බ්ලඩ් කෙනෙක් වෙලා අවශ්‍ය අටමිදුළු ලබා දෙන්න. ඉතින් එහි ප්‍රතිපලයක් විදිහට අන්තිමේ ඇබිට උනේ සිමෝන්ගෙ ධාරකයා වෙන්න. ඒ විදිහට කතාවේ තවත් ප්‍රධාන චරිතයක් සමුගත්තා කියලා කියන්න පුළුවන්.

ඉතින් ඔය අතරේ ජොසෆින් විදිහට ඇතුළට ආව ක්ලාක්ගෙ සැලැස්ම උනේ රයිකර්ව යොදාගෙන ආරක්‍ෂක ආවරණය අයින් කරන එක, නමුත් රයිකර් මිය ගිහින් නිසා ප්‍රියා ලව්වා ඒක කරවගන්න ක්ලාක් සමත් වෙනවා. ඔය අතරේ පහර දෙන්න එළියට වෙලා බලාන ඉන්න ගේබ්‍රියල් ඇතුළු පිරිසෙන් ගේබ්‍රියල් කාටත් කලින්ම ඇතුළට එන්නෙ පණ දීම නවත්තන්න කියලා. හැබැයි වැඩේ අසාර්ථකයි, අන්තිමේ ගේබ්‍රියල් නතර උනෙත් හිරකාරයෙක් වෙලා. කොහොම නමුත් ආවරණය ඉවත් වීමෙන් පස්සෙ ගේබ්‍රියල්ගෙ දරුවන් ප්‍රමුඛ බෙලමි ඇතුළු පිරිස පහරදෙන්න කියලා ආවත් රසෙල් ඒ සැලැස්මට හසු නොවීම නිසා වැඩේ අවුල් උනා. කොටින්ම කියනවනම් රසෙල් සැන්ටම්වල මහා ව්‍යසනයක් ඇති කරලා අභ්‍යවකාශයට යන්න තීරණය කළා.රසෙල් ඇති කෙරුව ව්‍යසනය උනේ රක්ත සූර්ය විෂ නිදහස් කරන එක. මේකෙන් සිද්ධ උනේ විශ්වාසය ඇති නැති දෙපිළ අතර ගැටුමක් ඇතිවෙලා එකිනෙකා මරාගන්න එක. ඉතින් ක්ලාක්, ගායා එහෙම අභ්‍යවකාශයට යනකොට මර්ෆි සහ එමෝරි තීරණය කළා දෙවියෙක් වෙන එක නතර කරලා තමන්ගෙ යාලුවන්ට උදව් කරන්න. ඒ අනුව මර්ෆි එමෝරි දෙන්නා සැන්ටම්වල නතර උනා.

ගිය සතියේ ඔය ආකාරයට සිද්ධ වෙන කොට අද කොටසින් සැන්ටම් බේරගන්න බෙලමි ඇතුළු පිරිස දරන උත්සාහය බලාගන්න පුළුවන්. ඒ වගේම තමා ක්ලාක් තනිවම ප්‍රයිම්වරුන්ගෙන් සිය ජනයා බේරගන්න උත්සහ දරනවා. එසේම ෂෙයිඩ්හෙඩා සපුරාම මැඩිව යටපත් කරගෙන ඉන්න බවක් තමා පේන්න තියෙන්නෙ. කොහොම නමුත් මීට පෙර කතාමාලාවල මෙන් ප්‍රවේගකාරී, සටන්කාරී අවසානයක් දකින්නට නොමැති උනත් කතාවේ අවසානය සනිටුහන් කරන්නෙ මනස කැළඹීමකට ලක් කරන සිදුවීමකින්. ඇත්තම කිව්වොත් ඒ වගේ සිදුවීම් දෙකක්ම දක්නට ලැබෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | XviD | SD | 400MB |

Direct Download

| HDTV | x264 | 480p | 190MB |

| HDTV | x264 | SD | 320MB |

| HDTV | XviD | SD | 400MB |

| HDTV | x264 | 720p HQ | 1.1GB | 

HEVC x265

| HDTV | x265 | 720p | 230MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “The 100 [S06 : E13] | ව්‍යාකුලත්වයක නිමාවද? ආරම්භයද?

  • thankz bokka film ekatai sub ekatai dekatma ……..

    Reply
  • Sanjeewa

    Meka episode 1 idan ganne kohomada the 100

    Reply
  • Chamod Chandrasiri

    සීසන් 7 එකත් ඕන……️️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *