MENU

The Blacklist [S06 : E21] | ඇනා මැක්මහොන්

පහුගිය කොටස ගැන කියනවනම් නිවුන් නොවන නිවුන් දරුවන් පැහැර ගෑනීමක් ගැන තමා කතාව තිබුනේ. ඒ කියන්නේ නළ දරු උපත් ක්‍රමයේ ක්‍රියාවලිය වෙනස් කරලා නැත්නම් ජාන විකෘති කිරීමක් කරලා තමා නිවුන් නොවන නිවුන් දරුවන් බිහි කරලා තියෙන්නේ. ඉතින් ඒ දරුවන් පැහැර ගෙන එයාලව යොදා ගෙන පරික්ශනයක් කරනවා. ඒ තමයි අනාගත සීමිත සම්පත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් ආකාරයට කෘතිම පරිණාමයක් කරන්න. ඇත්තටම ඉතින් වර්ථමානයේ මිනිස්සු පරිසරය දූෂණය කරලා, මේ සොබාදහමට කරන විනාශය නිසා අනාගතයේ කොයි තරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද? ඒත් ඉතින් මේ වගේ දරුණු දේවල් වලින් විසදුම් හොයන එකනම් හොද ක්‍රමයක් නෙමෙයි. හරි ඒ කොහොම උනත් මේ කේස් එක කාර්ය බලකායට රෙඩින්ටන් දෙන්නේ ඒ හේතුව නිසාම නෙමෙයි. මතකනේ මැක්මහන් ගේ කුමන්ත්‍රණය. අන්න ඒක ගැන හොයාගන්න. ඔයාලට කලින් කොටසක මතක ඇති මේ කුමන්ත්‍රණය ගැන සදහන් ලේඛනයක් බැස්ටියන් මොරෝගෙ අතට පත් වෙනවා. බැස්ටියන් මොරෝව අල්ලගන්න නැත්නම් මරල දාන්න මොහොතකට කලින් ඒක ලග හිටපු ලමයෙක්ගෙ බෑග් එකට දානව. ඒක හොයාගන්න ඇනා මැක්මහන් කෙනෙක්ව කුලියට ගන්නවා අන්න ඒ කෙනා අර කලින් කියපු නිවුන් දරුවන් පැහැරගැනීමට සම්බන්ධයි. ඒක හොයාගන්න තමා ඒ කේස් එක රෙඩින්ටන් කාර්ය බලකායට දෙන්නෙ.

ඉතින් අද කොටසේ ඔය කියන ලේඛනය හොයාගන්න එක ගැන තමා කතාව වෙන්නේ. ඒ ලේඛනය නිසා හුගක් අයට මැරෙන්න සිද්ද උනා. මුල ඉදලම මේ කුමන්ත්‍රණය ගැන තමා කතාව ගලාගෙන ආවේ. දැන් ඒකේ අවසානෙට ලගා වෙලා තියනවා. ඔය අතර තුර රෙඩින්ටන්ගේ අනන්‍යතාවය ගැන ප්‍රශ්නය මතු උනා. රෙස්ලර් ඒ ගැන හොයන එක නතර කරේ නෑ. ඒකේ ප්‍රථිඵලයක් විදියට ලිස්ට එයාගේ සීයව හම්බඋනා. ඒත ඉතින් රෙඩින්ටන් ගැන කිව්ව දේවල් ඇත්ත නෙමෙයි කියල අන්තිමේට අපිට දැනගන්න පුලුවන් උනත් ලිස් තාමත් හිතාගෙන ඉන්නේ රෙඩ් කියන්නේ සීයා එයාට කියපු කෙනා කියල. ඔය ප්‍රශ්නය නිසාම ඩෙම්බෙත් රෙඩින්ටව දාලා යනවා. එහෙනම් ඉතින් අද කොටසින් මොකද වෙන්නේ කියල බලල ඉමු. හැමෝටම ජය වේවා කිව්ව එහෙනම්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SD | 220MB |

Direct Download

| HDTV | x264 | SD | 220MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *