MENU

The Brave [S01 : E10] | සතුරු ග්‍රහණයෙන් ජැස් මුදවාගැනීම…!!

ඔන්න එහෙනම් “The Brave” දහවැනි කොටසත් අරගෙන ආවා…
අද කොටස ගැන මම වැඩි විස්තරයක් කියන්න යන්නෙ නැහැ. මොකද කට්ටිය කලින් කොටස බලන්න ඇතිනෙ. ඉතින් ඔයාල දන්නවා ඇති පළවෙනි කොටසෙදි සිද්දවුණු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වෙච්චි ෆාහිම් ජරීඩ්ව ඝාතනය කරන්න ගිය ජැස්, සාර්ථකව මෙහෙයුමේ එයාට පැවරුණු කොටස ඉවර කළත් හෝටලයෙන් එළියට පැනගන්න උත්සහ කරද්දි ආරක්ෂකයෙකුට අහුවුණු බව. ෆාහීම් ජරීඩ් ඝාතනය කරන්න යන ජැස් අහුවෙන්නෙ කුඩ්ස් කියල හඳුන්වන ඉරානයේ ඉන්න ප්‍රභූ ආරක්ෂක බළාකායකට. මේ කට්ටිය ජැස්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් කරන්න ඉරානයේ ටෙහෙරාන් නගරයේ තියන කුඩ්ස් බළකායේ රහසිගත කඳවුරකට අරගෙන ගිහින් හිරකරනවා. මෙතනදී ජැස්ට ගොඩක් දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. ඒත් ඩොල්ටන්වත් මූලස්ථානයවත් ජැස්ව අරන් ගියේ කොහෙටද කියල දන්නෙ නැහැ. ඉතින් ඩොල්ටන්ට සිද්දවෙනවා ජැස්ට කරදරයක් වෙන්න කලින් වගෙම ජැස්ගෙන් රහසිගත තොරතුරු සතුරන් අතට පත්වෙන්න කලින් ජැස්ව බේරගන්න. ඒත් ජැස්ට මේ වුණු දේ නිසා ඩොල්ටන් කණ්ඩායමේ අනිත් සාමාජිකයින්ට වඩා වැඩි කනස්සල්ලකින් වගෙම කලබලේකින් තමයි ඉන්නෙ. ජැස්ගෙ සිද්දිය නිසා  නියෝජ්‍ය අධ්‍යක්ෂක කැම්ප්බෙල්ටත් රාජත්‍රාන්තික මට්ටමෙන් නොයෙක් විදිහෙ බලපෑම් එල්ලවෙනව විතරක් නෙවෙයි ජැස් වෙනුවෙන් තීරණාත්මක තීරණයක් අරගන්නත් සිද්දවෙනවා. ඉතින් කවුරුත් නොදන්න රහසිගත කඳවුරක හිරකරල ඉන්න ජැස්ව බේරගන්න මූලස්ථානයත් එක්ක එකතුවෙලා ඩොල්ටන් වගෙම කණ්ඩායමේ අනිත් සාමාජිකයිනුත් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් මේ කොටසත් එක්ක මමත් The Brave කතාමාලාවෙන් සමුගන්නවා. අවසාන කොටස් තුනත් බලන්නකෝ එහෙනම්…

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 271MB |

29672059D4048CA42F960862369553380B0E67BF

Direct Download

| HDTV | x264 | KILLERS | 271MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Brave [S01 : E10] | සතුරු ග්‍රහණයෙන් ජැස් මුදවාගැනීම…!!

  • meke sub eka neni,page not found kiyala enwa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *