MENU

The Breadwinner (2017) | අසාධාරණය තුලින් මතු වූ පිය සෙනෙහස…..(Bluray Update)

ඔන්න එහෙනම් කාලේකට පස්සේ අරන් ආවා සිනමාපටයක්. මේක ඇවිත් ඇනිමේටඩ් සිනමා පටයක්. මේක අයිති වෙන්නේ Animation, Drama, Family කියන ගනයට තමා. මේකේ හොද කොපියක් ඇවිල්ලා නම් දවස් තුනක් විතර වෙනවා. මීට කලින් මේක දෙන්න හිටියත් දෙන්න බැරි උනා මගේ වැඩත් එක්ක. කෝම හරි ඔන්න කරලා අරගෙන ආවා.මේක ප්‍රදර්ශනය කරන්ක පටන් ගත්තේ 2017 නොවැම්බර් 17 වෙනිදා ඇමරිකාවෙන්. මේ පිලුම අධ්‍යක්ෂණය කරන්නේ Nora Twomey විසින්. ඇය තමා Song of the sea (2014) සහ The secret of kells (2009) යන නිර්මාණ අධ්‍යක්ෂණය කරන්නෙත්. මේ සිනමා පටයෙහි බොක්ස් ඔෆිස් ආදායම $304,074(පෙබරවාරී වන විට)වෙනවා. තව දෙයක් මේ සිනමා පටය එසේ මෙසේ සිනමා පටයක් නෙවේ. මේක මේ වෙද්දි සම්මාන 5ක් දිනාගෙන ඇති අතර තවත් සම්මාන 43 කට නාමයෝජනා නිර්දේශය වෙලා තියෙනවා. ඒ අතර විශේෂම දේ තමා මේ අව්රුද්දේ ඔස්කාර් සම්මාන උලළේ හොදම හොදම ඇනිමේටඩ් සිනමා පටයට නාම යෝජනා වී තියෙන එක.ඒ වගේම, golden globes, EDA award,Annie Awards යන හුගක් සම්මාන උලේළවල් වල සම්මාන සදහා නාම යෝජනා ඉදිරිපත් වී ඇති අතර සමහරක් සම්මාන දැනටමත් දිනා ඇත. මේ සිනමාපටයට පාදක වෙලා තියෙන්නේ මේ නමින්ම තියෙන නවකතාවක්. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.

මේ කතාව ගෙතෙන්නේ මුස්ලිම් පවුලක් වට. අන්ත දුගී දුප්පත් අසරණ පව්ලක් වටා තමා කතාව යන්නේ. කතාවේ කතා නයිකාව තමා පර්වානා..ඇගේ පව්ලේ තාත්තා, අම්මා අක්කා සහ මල්ලි කෙනක් තමා ඉන්නේ. මෙයාලා ඉන්නේ තලේබාන් සංවිධානයේ අනසකට යටත් උන ඇෆ්ගනිස්තානයේ කාබුල් කියන නගරේ. ශාරියා නිතිය ක්‍රියාත්මක වන මේ නගරේ, කාන්තාවන් හට සලකන්නේ ඉතාමත් තුච්ච අසික්කිත විදිහටයි. කතාවේ විදිහට පර්වානාගේ තාත්තා බොරු චෝදනාවකට වැරදිකරු කරලා හිරගෙදරට දානවා. ශාරියා නිතියට අනුව පිරිමි කෙනෙක් නැතුව කාන්තාවන්ට ගෙදරින් එලියට බහින්න තහනම් වන අතර තමන්ට අනිසි ලෙස අවදානයක් ගන්න තැත් කිරීමත් දඩුවම් ලැබිය හැකි වරදක් උනා. ඉතින් තාත්තා නැති මේ අසරණ පව්ල ජිවත් වෙන්නේ කොහොමද, වතුර ටිකක් ගේන්න හරි බඩු මුට්ටුවක් ගේන්නේ හරි එලියට යන්නේ කොහොමද? මෙන්න මේ වගේ ප්‍රශ්න වලට පර්වානා අැතුලු පව්ලේ අයට ⁣මුහුණ දෙන්න වෙනවා.ඉතින් මොකක්ද මේ බොරු චෝදනාව?? කව්ද ඒක කිව්වේ? පර්වානා ඇතුලු පව්ලේ අයට මොකද වෙන්නේ? තාත්තා මැරෙයිද? තාත්තා බේරිලා ගෙදර එයිද? මෙන්න මෙි වගේ ප්‍රශ්න ටිකක් මං ඔයාලට ඉතුරු කරලා ලිපිය මෙතනින් නවත්වනවා. ඒවට පිලිතුරු හොයන්න නම් කතාව බලලම ඉන්න. මං එක දෙයක් කියන්නම් ඇනිමේටඩ් එකක් නිසා බලන් නැතුව ඉන්න එපා. මොකද මේක සුපිරියටම කරලා තියෙනවා. මේක බලලා යම් විදිහක අදහසකුත් ගන්න පුලුවන් ඔයාලට ශරියා නිතිය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අදට මම සමු ගන්නවා.. හෙට අනිද්දම සුපිරි රුපවාහිනී කතාමාලවක කොටසක් එක්ක ආයේ හම්බෙමු.

ජය වේවා!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

 | Bluray | 720p | x264 | 870MB |

 Direct Download

| Bluray | 480p | x264 | 250MB |

 | Bluray | 720p | x264 | 550MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *