MENU

The Capture (2019-) [S01 : E01] | මැදියම් රෑ උපන් අභිරහස!

DEEP FAKE පොටෝග්‍රැපි ගැන අහලා තියෙනවද? දැකලා තියෙනවද? අනිවාර්‍යයෙන් ඔබ ඒ පිළිබදව දැනුවත්. DEEP FAKE පොටෝග්‍රපි කියන්නෙ යම් කිසි පුද්ගලයෙක්ගෙ මූණක් ගෙන එය කෘතීම බුද්ධියක ආධාරයෙන් වෙනත් පුද්ගලයෙකුගෙ ශරීරයට සවි කරන එක. අනිවාර්‍යයෙන් ඔබ අන්තර්ජාලයේ සැරි සරන්නෙක්නම් මේ ආකාරයට නිපදවූ අසභ්‍ය වීඩියෝ පට දැක ඇතුවාට කිසිදු සැකයක් නෑ. ඉතින් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. මෙම කතාමාලාව නිපදව ඇත්තෙ DEEP FAKE කියන සංකල්පය පදනම්වයි.

ෂෝන් එම්රි. ඔහු හමුදා සෙබළෙක්. තම රට වෙනුවෙන් කැපවී සේවය කළ අයෙක්. නමුත් ඔහුට උරුම වුයේ නොකළ වරදකට සිරගත වෙන්න. යටත් වූ තලේබාන් ත්‍රස්ත සිරකරුවෙක් මරා දැමූ වරදට නිර්දය ලෙස ඔහුව තම රට විසින්ම සිරගත කරනවා. මාස හයක කාලයක්, සියළු චෝදනා උසුලමින් නොකළ වරදකට ඔහු සිරගතව සිටියා. නමුත් මාස හය අවසානයේ අභියාචනයක් මගින් සිය නිර්දෝෂිභාවය සනාථ කරන ෂෝන් එම්රි සිර අඩස්සියෙන් එළියට එන්නේ නිදහස් මනුස්සයෙක් විදිහට. බලාපොරොත්තු පොදි බැදගෙන. තම ආදරණීය කුඩා දියණිය සමග කාලය ගත කරන අපේක්‍ෂාවෙන්. මාස හයකින් යළි නිදහස් මිනිසෙක් ලෙස නිදහස භුක්ති විදිනා අපේක්ෂාවෙන් උන් ඔහුට සිදු වන්නෙ සිහිනයකින්වත් නොසිතූ දෙයක්. තම නිර්දෝෂීභාවය සනාථ කර නිදහසේ සුවය විදිමින් සිටි ඔහුට යළි පැය 24ක් ගත වන්නටත් මත්තෙන් හිරකුඩුවක කම්බි ගනින්න වෙනවා. ඒ කාන්තාවකට පහරදී ඇයව පැහැරගෙන යාමේ චෝදනා යටතේ. එයත් යළි ඔහු නොකළ වරදකට. ඉතින් මේ එවන් දෛවයේ සරදමකට ගොදුරු වූ සෙබළෙකුගේ කතාවක්!

ඉතින් ඉහතින් සදහන් කළාක් වගේ ෂෝන් එම්රි කියන සෙබළාව ඔහු නොකළ වරදකට හසු වෙනවා. නමුත් සාක්‍ෂිවලින් එනම් CCTV දර්ශනවලින් පෙන්නුම් කරන්නෙ වෙනත් යමක්. ඉතින් ෂෝන් පෙරදිත් මනුෂ්‍ය ඝාතන නඩුවක විත්තිකරුවෙක් වෙලා සිටි නිසාත් මෙම සාක්‍ෂි නිසාත් පොලිසිය විශ්වාස කරන්නත් ෂෝන් අදාළ පැහැරගැනීම සිද්ධ කළාය කියලා. නමුත් ෂෝන්ට විරුද්ධව ඇති එකම සාක්ෂිය අදාල CCTV වීඩියෝ පටය පමණයි. ඉතින් මේ වීඩියෝ පටය ඔස්සෙ පරීක්‍ෂක කේරි විමර්ශන කරගෙන යන අතරතුර බ්‍රිතාන්‍ය ආරක්‍ෂක සේවය, ඒ කියන්නෙ MI5වලින් ඇවිල්ලා අදාල වීඩියෝව සංශෝධනය කිරීමත් සමගම පොලිසියට ෂෝන්ට විරුද්ධව තිබු එකම සාක්ෂියත් අහිමි වීම නිසා ෂෝන්ව නිදහස් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ෂෝන්ගේ සිද්ධියට ආරක්‍ෂක සේවය සම්බන්ධ වෙන්නෙ ඇයි කියන ගැටලුව ගැන හොය හොයා ඉන්න අතරේ තමයි අදාළ වීඩියෝපටය පොලීසියේ අයෙක් විසින්ම අන්තර්ජාලයට නිකුත් කරන්නෙ. ඉතින් ඒ සමගින් විමර්ශනය යළි ආරම්භ වන අතර මේ පසුපස ඇති අදිසි බලවේගයන්ද ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සිද්ධියට ප්‍රබල රාජ්‍ය ආයතන මෙන්ම CIA සංවිධානයේ පවා අවධානය යොමු වෙනවා.

කතාව බලාගෙන යන කොට කට්ටියට තේරෙයි මොකක්ද වෙන්නෙ කියලා. ඒ වගේම DEEP FAKE ගැන නොදන්න අයට ඒ ගැන හොද අවබෝධයකුත් ලැබේවි.

BBC නාළිකාව තුළින් 2019 සැප්තැම්බර් 03 වැනි දින විකාශය ආරම්භ කොට 2019 ඔක්තෝම්බර් 08වැනි දින විකාශය අවසන් කළ කොටස් 6කින් සමන්විත IMDB දර්ශකයේ 8.1ක ඉහළ අගයක් කුණු තක්කාලි දර්ශකයේ 100%ක අගයක් ලබාගනිමින් ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබාගත් Crime film, Mystery, Conspiracy fiction යන කාණ්ඩවලට ඇතුළත් කතාවක් තමයි ඔන්න ගෙනාවේ. එසේම මෙහි රංගනයෙන් දායක වෙන පිරිස ගැන සදහන් කළොත් ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට මගින් බොහෝ දෙනෙක් දන්නා හදුනන පිරිසක් තමයි රංගන දායකත්වය සපයන්නෙ.

ප්‍රධාන චරිතය වන ෂෝන් එම්රිගේ චරිතය සදහා Callum Turner රංගන දායකත්වය සපයනවා. ඔහු Fantastic Beasts: The Crimes of Grindelwald, Assassin’s Creed, Victor Frankenstein, Green Room වැනි සිනමාපටවලට දායකත්වය සපයා තිබෙනවා. සෙසු චරිත වන හැනා රොබර්ට්ස්ගේ චරිතයට Da Vinci’s Demonsහි ලුක්‍රේශීයාගේ චරිතයට පන දුන් Laura Haddock රංගන දායකත්වය සපයනවා. පරීක්ෂක රේචල් කේරිගේ චරිතය Cinderella (2015), The Finest Hours, Tulip Fever වැනි සිනමාපටවල රග පෑ Holliday Grainger විසින් රග දක්වනවා. එසේම HELLBOY, Hellboy II: The Golden Army, Pacific Rim, Blade 2 වැනි සුප්‍රසිද්ධ චිත්‍රපටි ගණනාවකම රගපෑ Ron Perlman මෙන්ම X men චිත්‍රපට මාලාවේ Jean Grey චරිතයට පණ පෙවූ Famke Janssen ද මෙහි රංගනයට දායක වෙනවා.

Callum Turner සහ Holliday Grainger
Ron Perlman/Famke Janssen/Laura Haddock

ලිපියනම් සමහරවිට ටිකක් අවුල් වගේ ඇති, මොකද කතාවේ ගොඩක් දේවල් සිද්ධ උනත් ඒ සේරම කියන්න බැරි නිසා. එහෙම කළොත් කතාවේ තියෙන කුතුහලය සම්පූර්නම නැතිවෙලා යනවා. ඉතින් කාටහරි සැකයක් තියෙනවනම් ට්‍රේලර්යක් නරඹලාම මේක බාගන්න. හැබැයි කොටස් හයකින් සමන්විත මේ කතාමාලාව බැලුවට ඔබේ කාලය අපතේ නොයන බවනම් වගකීමෙන් යුතුව කියනවා.☺

ඉතින් මේ පිරිසගේ රංගනයෙන් හැඩවුනු නිමේෂයෙන් නිමේෂය සිදුවන්නේ කුමක්දැයි පෙර නිගමනයකට එළඹීමට නොහැකි වන සේ නිපදවා ඇති ත්‍රාසය, කුතුහලය පිරි THE CAPTURE කතාමාලාව නරඹන්නයැයි ඔබ සැමට ආරාධනා කරනවා!

ඔබ සැමට ජයෙන් ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | MTB | 320MB |

Direct Download

| HDTV | x264 | SD | 320MB |

x265

| HDTV | x265 | 720p | 230MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *