MENU

The Capture (2019-) [S01 : E04] | සත්‍යය පසුපස..

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවන කොටස. මේ වෙනකම් වෙච්ච දේවල් එක්ක කතාවේ කුතුහලේ හොදටම වැඩිවෙලා නේද තියෙන්නෙ? එහෙමනම් මේ කොටස ඒක තවත් වැඩි වෙයි. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ ෂෝන්ව කවුද කට්ටියක් අල්ලගෙන ගියා. ඒ අයටත් දැනගන්න ඕන වෙලා තියෙන්නෙ හැනා ඉන්න තැන. පේන හැටියටනම් මේ කට්ටිය ඇමෙරිකානුවෝ. ඒ කියන්නෙ CIA වගේ තමා පේන්නේ. ඉතින් CIA වගේ ආයතනයක් පවා හැනාගේ අතුරුදහන් වීම ගැන උනන්දු වෙන්නෙ ඇයිද කියන එක ලොකු ප්‍රහේලිකාවක්. ෂෝන්ගෙන් ඇත්ත එළියට ගන්න කියලා ෂෝන්ගේ යාලුවා මැට්වත් එතනට අල්ලගෙන ඇවිල්ලා. නමුත් ඉතින් ෂෝන් කියන්නෙම දන්නේ නෑ කියලා. මොකද ඉතින් ෂෝන් ඇත්තටම මොකුත් කලේ නෑනේ. ඉතින් ෂෝන්ව ඔහොම රදවගෙන ඉන්න අතරේ ලතීෆ් සහ පැට්‍රික් වීඩියෝ එක මාධ්‍යයට නිකුත් කළ නිසා පොලිසියට සිද්ධ වෙනවා කේස් එක ආපහු විවෘත කරන්න.

ඉතින් කේස් එක විවෘත කළාම කරන්න වෙන මූලිකම දේ තමා ෂෝන්ව නැවත සිරබාරයට ගන්න එක. හැබැයි කවුරුවත් දන්නේ නෑ ෂෝන් ඉන්න තැනක්. ඔය අතරේ තමා DI කේරි තමන් CCTVවලින් නිරීක්‍ෂණය කළ දේ පොලිසියට පවසන්නෙ. ඉතින් ඒ අනුව ෂෝන්ව රැගෙන ගිය ඊටන් චතුරශ්‍රයෙ අදාළ නිවස පොලිසිය සෝදිසි කිරීමකට ලක් කළත් කිසිවෙක් හොයාගන්න ලැබෙන්නෙ නෑ. මේ සිද්ධිය නිසාම කේරිට පවා හිතෙන්න ගන්නවා ෂෝන් කියන දේ ඇත්ත වෙන්නත් පුළුවන් කියලා. ඉතින් ඔය අතරේ ෂෝන්ව රදවගෙන හිටි අය ඔහුව නිදහස් කරනවා. ඊළගට ෂෝන් කෙළින්ම එන්නේ මාකස් ලීවී ළගට.

ඉතින් මාකස් ලීවී ෂෝන්ව දැකලා සෑහෙන්න බයවුනා. කොහොමහරි ෂෝන් කියනවා තමන්ගේ වීඩියෝ එක ගැන ඇත්ත හොයාගන්න ලීවීට. ඉතින් ඒ අනුව ලීවී යම් නිගමනයකට එනවා. ෂෝන් කියන විදිහට වීඩියෝ එක බොරුවක් වෙන්න පුළුවන් කියන කාරණෙ ගැන. පස්සෙ ලීවී පරීක්ෂක කේරිවත් ඒ ගැන දැනුවත් කළා මතකයිනෙ. ඉතින් ඊට පස්සෙ ෂෝන් තමන්ගේ පරණ තැනකට ගිහිල්ලා හැංගිලා ඉන්නවා. නමුත් මැට් එතනට ගියා මතකයිනෙ. ඒ කියන්නෙ මැට්ට මොකුත් වෙලා නෑ. එහෙනම් කාටද වද දුන්නෙ? ඒ වෙලාවේ ෂෝන් තීරණය කරනවා ලන්ඩන්වලින් පිට වෙන්න. එහෙමයි කියලා මැට්ගේ වාහනයත් අරගෙන යන කොට තමා පොලිසිය පස්සෙන් පන්නන්න ගන්නේ.ෂෝන් පොලිසියෙන් බේරෙන්න කියලා පැනලා යනවා. එහෙම ගිහිල්ලා අන්තිමේ නතර වෙලා බලනකොට තමා දකින්නෙ හැනාගේ මිනිය කාර් එක ඇතුලේ. එකත් තමන්ගේ මිත්‍රයාගේ වාහනේ. ඉතින් කොහොමහරි දැන් සේරම සාක්‍ෂි එල්ල වෙන්නෙ ෂෝන්ට විරුද්ධව.

එහෙමනම් අද කොටසින් බලමු පොලිසියට හැනාගේ මිනියත් ලැබුනට පස්සෙ ෂෝන් කොහොමද බේරෙන්නේ කියලා? ඒ වගේම කේරි තමන්ට තියෙන ප්‍රහේලිකාවලට විසදුම් සොයාගනිවිද කියලා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 270MB |

Direct Download

| HDTV | x264 | SD | 270MB |

x265

| HDTV | x265 | 720p | 210MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Capture (2019-) [S01 : E04] | සත්‍යය පසුපස..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *