MENU

The Chilling Adventures of Sabrina [S01 : E05] | බැටීබැට් නොහොත් ස්ලීප් ඩීමන්..

ඔන්න එහෙනම් සබ්‍රිනාගෙ චාරිකාවේ 5 වන කොටසින් සමගයි මේ හමුවන්නේ.අපි එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. අද කොටසේදී දකින්න ලැබෙයි ස්ලිප් ඩීමන් කෙනෙක්. මේ ඩීමන් කරන්නේ තමන්ගේ ගොදුරු සිහිනයේදීම වද හිංසාවකට ලක් කරන එකයි. කොහොම නමුත් මෙයා නිදහස් වෙන්නේ සබ්‍රිනාගෙ අතින්. අවුරුදු ගාණකට කලින් ස්පෙල්මන්ලා මේ යක්ෂයාව එම ඇක්රොන් ආකෘතිය ඇතුළේ හිර කරනවා. ඇත්තටම කිව්වොත් මේක කරන්නේ සබ්‍රිනාගෙ තාත්තා. ඕන්න ඉතින් සබ්‍රිනා මේක ඇතුළේ තියෙන දේ නොදැන එම යක්ෂණියව නිදහස් කරනවා. මෙයා එවෙලේම දුවගෙන එන්නේ නැන්දාලා ගාවටයි. කොහොමහරි එයාලා මන්ත්‍රයක් කරනවා හැබැයි වැඩේ හරියන්නේ නැහැ. මේ යක්ෂණිය ඇම්බ්‍රෝස්වයි සබ්‍රිනාවයි සෙල්ඩාවයි හීල්ඩාවයි නපුරු සිහිනයට ඇතුළු කරනවා. කොහොමහරි මේ යක්ෂණියට අවශ්‍ය වෙන්නේ නිවාස ඇතුළෙන් පැනගන්න. මොකද මේ යක්ෂණියට එළියට පැනගන්න බැහැ ස්පෙල්මන්ලා මුද්‍රා කරලා තියෙනවා නිසා. ඉතින් මේ මන්ත්‍රය දන්නේ ස්පෙල්මන්ලා විතරමයි. ඉතින් මේ යක්ෂණිය ගොඩක් උත්සහ කරනවා ස්පෙලම්න්ලාගෙ බය කරලා මේ මන්ත්‍රය අරගන්න.

ඕන්න ඔය වෙලාවේදී තමයි වෝර්ඩ්වෙල් මේ බැටීබැට් යක්ෂනියට පවසන්නේ සබ්‍රිනාට අතකවත් තියන්නේපා කියලා. නමුත් මේ යක්ෂණිය ඒ කීම කනකටවත් අරගන්නේ නැහැ.මොකද අවුරුදු ගාණකට කලින් වෝර්ඩ්වෙල් වගේ වෙස්වලාගෙන ඉන්න යක්ෂ මාතාව බැටීබැට්ව මෙම ආකෘතියේ කුණු වෙන්න ඉඩහරිනවා.ඉතින් වෝර්ඩ්වෙල් යම් මන්ත්‍රයක් පාවිච්චි කරලා බැටීබැට්ගෙ මේ සිහින බලප්‍රදේශයට එනවා සබ්‍රිනාව බේරගන්න කියලා. නමුත් වෝර්ඩ්වෙල් පවසනවා කවුරුත් ගැන නොසිතා ගෙදරින් එළියට පැනගන්න කියලා. හැබැයි සබ්‍රිනා මේකට වැඩිය් කැමති වෙන්නේ නැහැ.මොකද එයාලට අනිත් අයව දාලා යන්න හිත නැහැ.ඉතින් අපි බලමුකෝ සබ්‍රිනාට මේ බැටීබැට්ගෙන් බේරිලා ඇයගේ නැන්දලා සහ ඇම්බ්‍රෝස්ව බේරාගෙන මේ යක්ෂණියව ආපහු එම ඇක්රොන් ආකෘතියේම හිර කරගැනීමට හැකියාවක් ලැබෙයිද කියලා.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | STRiFE  | 240MB |

Direct Download

| WEBRip  | x264 | 720p| 450MB | Mkvcage

| WEBRip | x264 | STRiFE | 240MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *