MENU

The Chilling Adventures of Sabrina [S03 : E04] | පුරසඳ….

අද කොටසේ තියෙන්නේ පුරසඳ පායන දිනයක් නිසා අද මායා කවයේ උදවියට විශේෂ දවසක්. මේ දිනය නිමිත්තෙන් මෙයාලා සාම්ප්‍රදායානූකූලව සැමරීමක් සැලසුම් කරනවා. ඉතින් මේ අතරතුර මෙතෙක් හොයාගෙන නොතිබුණු, මේ කට්ටියගෙ බලයන් නැති වීමට හේතුව ඇම්බ්‍රෝස් විසින් අද සොයාගන්නවා. පසුව මෙයාලා ඒ නැතිවුණු බලයන් නැවත ස්ථාපිත කරගන්න ක්‍රමයක් සොයාගන්නවා. ඒ දේ ක්‍රියාවට නංවන්න සූදානම් කරන්නෙ පුරසඳ දිනය වෙනුවෙන් කරන සැමරීම කිරීමෙන් අනතුරුව. ඒත් ඒ සැමරීමට අනපේක්ෂිත විදිහට අනපේක්ෂිත පිරිසකගෙන් බාධාවක් ඇති වෙනවා. ඔවුන් මිත්‍යාදaෂ්ටිකයන් පිරිසක් බවට තමා සබ්‍රිනා ඇතුලු පිරිස විශ්වාස කරන්නෙ. ඔවුන්ව එම ස්ථානයෙන් පිට කරන්න සබ්‍රීනා ඇතුලු පිරිස උත්සහ කලත් ඒ වෑයම සාර්ථක වෙන්නේ නෑ. ඔවුන් ඇකඩමියේ හා මායා කවයේ පැවැත්මට තර්ජනයක් වෙයිද ? එසේ වුනොත් බලයන් රහිතව ඔවුන්ට මුහුණදෙන්නේ කොහොමද? මේ අතරතුර රෝස්ටත් අනතුරකට මුහුණපාන්න වෙනවා. ඒවගේම නික්ගේ සිරුරෙන් ලුසිෆර්ව ඉවත් කලත් නික්ගෙ හැසිරීමේ වෙනදා නැති අමුතු ස්වභාවයක් ගැන සබ්‍රීනාට වැටහෙනවා. නික්ගෙ මේ අමුතු හැසීරීමට හේතුව හොයාගන්න සබ්‍රීනාට හැකිවෙයිද? ඇත්තටම නික්ට පහලදි මොකක්ද සිද්ධවුණේ?

ඉතින් මේ දේවල් හරියටම දැනගන්නනම් අද කතාව බලන්නම වෙනවා.මේ කොටස බැලුවොත් ඉතින්, ඒ කියන්නේ ඊළඟ කොටසත් අනිවාරෙන්ම බලන්න වෙනවා. මොකද එතරම් කුතුහලට දනවනසුළු සිද්ධියක් තමයි මේ කොටසේ ඇතුලත් වෙන්නේ. කොටින්ම කියනවානම් මේ කොටස ඉවරවෙන්නෙත් ඔබේ කුතුහලය මදක් අවුස්සලා. ඒවගේම ඊලඟ කොටස නරඹන්නත් අනිවාර්යෙන්ම අප සමගම එක්වෙන්න කියලා ආරධනා කරමින්ම මම මේ කාර්යභාරය මෙතනින් අහවරක් කරනවා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S03

Direct Download

| WEB | x264 | 480p | 235MB |

| WEB | x264 | 720p | 320MB |

Complete S03

| WEB | x264 | 480p | 1.6GB | Complete S03

| WEB | x264 | 720p | 2.3GB | Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *