MENU

The Chilling Adventures of Sabrina [S03 : E05] | නොනවතින චක්‍රය…

එහෙනම් මේ අරගෙන එන්නේ සබ්‍රිනා කතාමාලාවේ පස්වෙනි කොටසයි. ඒවගේම කොටසක් කරන්න මාවත් මේකට සම්බන්ධ කරගත්තු රවිඳු සහෝටත් මං ස්තූතිවන්ත වෙනවා. වැඩි කතා නැතිව කලින් කොටස් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.

සබ්‍රිනා නික්ගේ සිරුරෙන් ලුසිෆර්ව ඉවත් කරලා දානවා. නමුත් එහෙම කලත් වෙනදා නැති අමුතු හැසිරීමක් තියෙනවා කියලා සබ්‍රිනා දැනගන්නවා. මායා කවය විසින් අඳුරු ස්වාමියාව සිරගත කරනවා. ඒවගේම සබ්‍රිනා අපායේ, එහෙමත් නැතිනම් නිරයේ රැජිනිය ලෙසින් අභිශේක ලබනවා. ඒ අතර තුරේ සියලුදෙනාගේ බලයන් අහිමිවීමට හේතුව ඇම්බ්‍රෝස් විසින් හොයාගන්නවා. නමුත් ඒ දේ සාර්ථක කරගන්න සබ්‍රිනා ඇතුලු පිරිසට හැකිවෙන්නේ නෑ.

එහෙනම් මේ අද කොටස ගැන කෙටි සටහනක්. දැන් හැමකෙනෙක්ම උත්සහ කරන්නේ ගල් ගැහිලා වෙලා ඉන්න අයව බේරගන්න ක්‍රමයක් හොයාගන්නයි. ඉතින් හිතන තරම් ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒවගේම නික් කරපු දෙයින් දැන් හැමදෙයක්ම කනපිට ගැහිලා තියෙන්නේ. කොහොමත් දැන් නික්ට හිටියටත් වඩා අමාරුයි. ඉතින් ඇම්බ්‍රෝස් මේ සේරම දේවල් වලට බෙහෙතක් හොයන්න වෙහෙසෙනවා. නමුත් අවසානයේ එයා තේරුම්ගන්නවා මිත්‍යාදෘශ්ඨිකයින්ව පරාදකරන්නත් පැරණි මායාකාරියන්ගේ උදවු ලබාගන්න පුලුවන් කියලා. ඒ අතරේ ලිලිත් ප්‍රමුඛ අපායේ සමූහය සබ්‍රිනාට අභියෝගයක් බාරදෙනවා. හැබැයි ඒක කරන්න ඕනෙත් කැලිබන් එක්ක. ඒ තමයි ගොල්ගතා වල ඉන්න පයිලේට්ගේ බඳුනක් හොරකම් කරන එක. ඒකත් හිතන තරම් ලේසි නෑ. මොකද ඒක තියෙන්නේ කාල ලූපයක හිරවෙලා වෙනත් කාල මානයක. ගිහින් වැඩේ වැරදුනොත් ආපහු එනවා බොරු.

ඉතින් එහෙනම් අපි බලමු, සබ්‍රිනාට පයිලේට්ගේ බඳුන හොරකම් කරන්න හැකි වෙයිද? නික්ව සුවකරගන්න පුලුවන් වේවිද? කණ්ඩායමට පැරණි මායාකාරියන්ගේ උදවු ලබාගන්න පුලුවන් වෙයිද? මේ කොටස නරඹලාම තමයි මේ සේරටම පිලිතුරු ඔයාලාට දැනගන්න වෙන්නේ.

එහෙනම් මං මෙතනින් නවතිනවා.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.3GB | Complete S03

Direct Download

| WEB | x264 | 480p | 180MB |

Complete S03

| WEB | x264 | 480p | 1.6GB | Complete S03

| WEB | x264 | 720p | 2.3GB | Complete S03

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *