MENU

The Christmas Chronicles (2018) | නත්තල මැද්දේ මහ ජරමර..

ඔන්න එහෙනන් අදත් අරන් ආව ලස්සන සිනමා නිර්මාණයක්. මේ දවස් වල පොඩි විප්ලවයක් කරන්න ගිහින් සහෝදරවරුත් එක්කම කොනට වෙලා ඉන්නේ. ඉතින් ඔය අතරේ රවිදු රුක්ශාන් සහෝදරයා ආරාධනා කරා The Christmas Chronicles ෆිලුමට සබ දෙමු කියලා. ඉතින් මාත් පොඩ්ඩක් බැලුවා ට්‍රේලර් එක. අම්මෝ හිත කඩාගෙන ගියා. එවලෙම සයිට් එකට මේල් එකක් දාල කතාවට සෙට් වුනා. මේ සීතල දෙසැම්බර් මාසය උණුසුම්වෙලා යන ලස්සන කතාවක්.

මම දන්නවා ඔයාල හැමෝම අනිවාරෙන්ම හෝම් එලෝන් බලලා තියෙනවා, ඒ වගේම හැරී පොටර් නොබලපු කෙනෙක් නැතුව ඇති. අන්න ඒ වගේම හැගීමක් එයි ඔයාලට මේ කතාව බලන් යද්දී. පවුලේ සැමට නරඹන්න පුළුවන්, නෙට්ෆ්ලික්ස් ආයතනය නිර්මාණය කල විශිෂ්ඨම සලරුවක් කියලා වගකීමෙන් කියනවා. මුළු කතාව පුරාම ලොකු කුතුහලයක් රැදිල තියෙනව වගේම අවසානය දක්වාම එක හුස්මට රසවත්ව ගලායනවා. කතාව අතරතුර කිසිම කෙනෙක් ඇස් ඉවතට ගන්න එකක් නෑ මොකද ඒ තරමටම කතාව රසවත්.

IMDB මීටරය 7.2 ක අගයක් දක්වා කරකවන්න පුළුවන් වෙලා තියෙන මේ සළරුව විනාඩි 104 පුරා දිව යනවා. ඒ වගේම Adventure, Comedy, Family කියන වර්ගීකරණයන්ට යටත්ව තමා එළිදක්වන්නේ. කතාව ගැන පොඩ්ඩක් කියනවනන් ටෙඩී සහ කේටී කියන්නේ අයියයි නංගියි ඉතින් මෙයාල එකතුවෙලා නත්තල් සීයව අල්ලගන්න පොඩි ප්ලෑනක් ගහනව. අල්ලගන්නම නෙවේ බලාගන්න. කොහොමහරි අන්තිමට දෙන්න නතර වෙන්නෙ නත්තල් සීයගෙ කරත්තේ. ඔන්න ඔතනින් තමා සේරම වෙනස්වෙන්නෙ. එතනින් පස්සෙ වෙන දේ දැනගන්න ඔයාලට කතාව නරඹන්නම වෙනවා. ඔක්කොටම කලින් කට්ටිය ට්‍රේලර් එක බලලා සෙට් වෙන්න. ඔයාල දෙපාරක් හිතන්නේ නෑ අනිවාරෙන්ම කතාව බාගත කරගන්නවා.

හරි එහෙනන් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේ කතාව ගැන මාව දැනුවත් කරපු රවිදු රුක්ශාන් සහෝදරයට. ඒ වගේම මට මේ කතාව කරන්න අවසර දුන්න හසන්ත අයියට. මේක මගේ අට වන උපසිරසි ගැන්වුම. මුල ඉදන්ම මට සහයෝගය ලබා දුන්නේ ඔහු තමා. ඒ වගේම අපේ විප්ලවකාරයෝ ටික අමතක කරන්න බෑ. කවිශාල් රසින්ත, බේනුක නිම්හාන් සේනාධීර, කවිනු වීරක්කොඩි. කට්ටියම කොනට වෙලා ඉන්නේ මේ දවස්වල. මේ කට්ටිය ගොඩක්ම උදව් කරා මේකේ තිබුනු විශේශ වචන තේරුම්ගන්න. මොකද නත්තලටම ආවේණික වචන ගොඩක් තිබ්බා.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download
| WEBRip | 720p 
878 MB |

Direct Download

WEBRip | 720p 878MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Christmas Chronicles (2018) | නත්තල මැද්දේ මහ ජරමර..

  • sajithlakshan

    thanks …………….

    Reply
  • tnx machannn….. jaya wewaaaaa !!! digatama saba diyann…..

    Reply
  • uddeepana

    can’t download this

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *