MENU

The Crossing [S01: E01] | අනාගතයෙන් පැමිණි ආගන්තුකයින්..

අන්තර්ජාල සිංහල උපසිරැසකරණයෙ මහගෙදර වන “බයිස්කෝප් සිංහලෙන්” ඔවුන්ගෙ 10 වෙනි උපන්දිනය සමරන මොහොතෙ මේ අපේ සූදානම 2018 වර්ෂයෙදී නිකුත් වූ අපූරු විද්‍යා ප්‍රබන්ද රූපවාහිනී කතාමලාවක් ඔබ හමුවට රැගෙන ඒමටයි. හැබැයි මේ සෑම දෙයක්ම කෙනෙකුගෙ සිහිනයක් පමණයි. මේ සිහින සැබෑ වෙන්නෙ මෙවැනි වෙබ් අඩවියක් අපි අතරෙ ඇති නිසා. ඉතිං උපසිරැසකරුවන් ඔබට හැකි අයුරින් දිරිගන්වන්න. අද ලබාදෙන්න යන කතාව ගැන කෙටියෙන් හැඳින්වීමක් කරන්නම්කො.

”වෙලාව 10.45 හිත එකලහසයක් කරගන්න කියලා යෝග පංතියට ගියා. හැබැයි ඒක වැඩි වෙලාවක් තිබ්බේ නැහැ. මගේ යහළුවා රොසාරියෝ ඇවිත් මාව එතනින් එක්කරගෙන ගියා හදිසියක් කියලා. කවුදෝ මිනිහෙක් වෙරළට ගහගෙන ඇවිත්ලු. හැබැයි ඉතින් මට මේක මුලදී විශ්වාස කරන්න බැරි උනා. මොකද කියනවා නම් අවුරුද්දේ මේ කාල වලට ඔය වෙරළ පැත්තේ මොකෙක්වත් යන එකක් ඈ. ඉති මං රොසාරියෝ එක්ක ගිහින් බලනකොට තමයි දැනගත්තේ එතන මිනිස්සු තුන්දෙනෙක් ඉන්න බව. ඒ වගේම මේ තිදෙනාගෙන් කෙනෙක් පොඩි ගැහැණු දරුවෙක්. පස්සේ ඇයව ගොඩට අරගත්තා.”

”දෙයියනේ ඇය හුස්ම ගන්නවා. පස්සේ මම රොසාරියොට කිව්වා උදව්වට කට්ටිය ඉල්ලලා කතා කරන්නයි කියලා. ඒත් රොසාරියෝ මුහුද දිහා පුදුමෙන් වගේ බලාගෙන සිටියා. මාත් හරිය බැලුව මොකක්ද මේ ඔහු පුදුමයෙන් වගේ බලන දේ. පසුව මටත් අදාහගන්න බැරි උනා මේ මොක්කද කියලා. මිනිස්සු 400 කට වඩා පිරිසක් ගහගෙන ඇවිත්. සමහරුක් පණපිටින් තවත් සමහරුක් මැරිලා ගිහින්. නමුත් මොහුන් කොහෙන් ආවාද කියලා කිසිම අදහසක් නැහැ. මොකද කිසිම ආපදා සංඥාවක් ගැන සඳහනක් වෙලා නැහැ. කිසිම යාත්‍රාවක් තියා ගුවන් යානයක්වත් ගැන සදහනක් නැහැ. මොවුන් එතකොට කොහෙන්ද කඩාපාත් උනේ. ඒ ප්‍රශ්ණයට උත්තරයක් ලබාදෙන්න කාටවත් බැරි උනා.”

ඉදිරියේදී සිද්ධ වෙන යන දේ ගැන උඩ කිව්වා දෙයින් අදහසක් අරගන්න ඇති කියලා හිතනවා. ඔන්න මේ පාරත් වගේම Sci-Fi | Adventure | Drama යන කාණ්ඩයට අයත් වෙන රූපවාහිනී කතාමලාවක් තමයි මේ අරගෙන එන්නේ. IMDb දර්ශකයේ නම් 7.3 ක අගයක් සහ කුණු තක්කාලු අගය 58% අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙය කොටස් 11 කින් අවසානය සනිටුහන් කරනවා. කියන්න නම් තියෙන්නේ ”කම්මැලි කමක් නැතිව” නරඹන්න පුළුවන් කතාමලාවක් කියලයි. ඒ වගේම මෙය කිහිපදෙනෙක් එකතු වෙලා තමයි කරන්නේ. ඊළග කොටස වෙනත් උපසිරැසකරුවෙක් අරගෙන එයි.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 226MB | 

Direct Download   

|  WEB | x265 | 720p | 226MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “The Crossing [S01: E01] | අනාගතයෙන් පැමිණි ආගන්තුකයින්..

  • Next episode aka ikmnata dannna bro jaya wawa

    Reply
  • machan sub akata galapanne nane

    Reply
    • Dilan Ranga

      koi link ekada machan..

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *