MENU

The Crossing [S01: E04] | මතකයේ වූ මුහුණ

අද මම ඔයාලව හමුවෙන්නේ The Crossing කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්කයි. රවිඳු රුක්ෂාන් මල්ලි නිසා තමයි මට මේකට දායක වෙන්න ලැබුණේ. ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන ගමන්ම අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

පසුගිය කොටසේදී හැනා කඳවුරෙන් එළියට ආවාම එයාට මාර්ෂල්ව මුණ ගැහුණා. ඒ වගේම කොහොමද මන්දා විදිහකින් එයාගේ ලොකට් එකේ මාර්ෂල්ගේ ෆොටෝ එකකුත් තිබුණනේ. ඒ වගේම ලියාව බලාගන්න ආව වෛද්‍යවරයා සොෆියා ෆෝර්බින්ට ඒපෙක්ස් ගැන අහන්නත් ලැබුණා. අන්තිමේදී රීස් ජූඩ්ගේ පුතා ඔලිවර්ව පැහැරගත්තා. අද කොටසේදී රීස් ජූඩ්ට කියනවා එයාගේ පුතාට හානියක් නොකරන්න නම් තමන්ලේ දුවව තමන් ළඟට ගෙනත් දෙන්න කියලා. ජූඩ් ඒක කරන්නයි යන්නේ. ඒත් ජූඩ්ට අන්තිමට දැනගන්න ලැබෙනවා ලියා ඉන්නේ බරපතල ලෙස අසනීපෙන් කියලා. ඉතින් ජූඩ්ට සිද්ධ වෙනවා මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න. ඒ වගේම මේ අතරේදි පෝල් කියන කඳවුරුකාරයා තමන් හොයන කෙනෙක්ගේ පින්තූරයක් අතේ තියාගෙන ආරක්ෂකයෙක්ගෙන් ඉල්ලනවා පින්තූරයේ ඉන්න කෙනාව හොයලා දෙන්න කියලා. ඒත් ඉතින් අන්තිමේදී ආරක්ෂකයා නියෝජිත රෙන් ළඟට ගිහින් මේක ගැන කියනවා. අපි බලමුකෝ මේ පින්තූරේ ගැන තොරතුරු හොයාගන්න එයාට පුළුවන් වෙයිද කියලා.

සුභ දවසක්!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 274MB | 

Direct Download   

|  HDTV | x264 | KILLERS | 274MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *