MENU

The Crossing (2018) [S01 : E07] | මවාපෑම්..!

ආයුබෝ වේවා බයිස්කෝප්..!
පහුගිය කොටසින්…

ඉතිං කලින් කොටසෙ දකින්න ඇතිනෙ ශෙරිෆ් ජූඩ් එයාගෙ යාළුව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරගන්න මහන්සි වුණු විදිය. ඒ වගේම රීස් එයාගෙ ව්‍යාජ අනන්‍යතාවක් හදාගන්න උත්සාහ කළා. මේ අතරෙ 47 දෙනා රඳවල ඉන්න කඳවුර වටේ විදුලි වැටවල් ගහල ආරක්ෂාව තර කරපු නිසා කේලබ් මේක ප්‍රශ්න කරනව. කොහොමහරි කේලබ්ට හැකි වුණා මාර්ෂල් එව්ව ෆෝන් එකෙන් ෆොටෝ අරගෙන මාර්ෂල්ට යවන්න, එයාලගෙ සත්‍ය තත්වය ලෝකයට හෙළි කරන්න ඒ අනුව රටට හෙළි වුණා. නමුත් මේ ෆෝන් එකත් ඇතුළෙ ඉන්න කෙනෙක් නිසා අහු වුණානෙ. ලියාට සනීප වුණාට පස්සෙ ඩොක්ටර් ෆෝබ්ස් එයාගෙ පරීක්ෂණ වලින් ඉවත් කරන්න ලින්ඩවුර් වගබලා ගත්ත. ෆෝබ්ස් හිතාගෙන හිටියෙ රීස්ගෙ ලේ වලින් ලෝකයට අලුත් ඖෂධයක් හදන්න. හැම රෝගයක්ම සනීප කරන්න රීස්ගෙ ලේ වලට හැකියාව තියෙනව. නමුත් ෆෝබ්ස්ගෙ ඉවත් කිරීමත් එක්ක ෆොබ්ස්ගෙ හදවත් රෝගය උත්සන්න වෙලා කාර් එක හප්ප ගන්නව පාරෙ තියෙන තාප්පයක. කිසිම කෙනෙකුට යුක්තිය ඉෂ්ට වුණේනම් නෑ. ජූඩ් ලින්ඩවුර් අත්තඩංගුවට ගත්ත වුණත් ඒක වැඩක් වේවිද කියන්න නම් දන්නෙ නෑ.

අද කොටසින්…
කොහොමහරි ජූඩ් ලින්ඩවුර් අත්තඩංගුවට ගත්තට පස්සෙ ප්‍රශ්න කිරීමක් කළත් කෛරාටික ලින්ඩවුර් ඒවයින් ලිස්සල යනව. මේ අතරෙ නගරාධිපතිණිය එනව ජූඩ් හොයාගෙන. ඇවිල්ල කියනව ලින්ඩවුර්ව නිදහස් කරන්න කියල. ඔන්න එතකොට තමයි ඇය දැනගන්නෙ මේ කඳවුර හොර එකක් කියල. ඉතිං ඇය ගිහින් ලින්ඩවුර්ගෙන් ප්‍රශ්න කරනව. ඉතිං ඒ අනුව විනිවිදභාවය රකින්න කියල හිතාගෙන ලින්ඩවුර් පොරොන්දු වෙනව කඳවුරේ තෝරගත්ත පිරිසක් නගරයේ එක්දින සංචාරයකට එක්කගෙන එන්න. මේ සංචාරයේ යන පිරිස අතරට ලියා, රෙබෙකා වගේම හැනාත් එකතු වෙනව. මේ අවස්ථාවෙන් රීස් ප්‍රයෝජන අරගෙන ලියා එතනින් එයාගෙ ලඟට ගන්නව. නමුත් මේ සිදුවීම තමයි ලින්ඩවුර්ට ලැබෙන ලොකුම අවස්ථාව වෙන්නෙ. බලන්නකො 2008 කණ්ඩායම මේක එයාලගෙ වාසියට හරව ගන්නෙ කොහොමද කියල. ඊලඟ කොටස ගෙන්නෙත් මම. ඒකෙන් හමු වෙමු. ජය වේවා.!
Hail බයිස්කෝප්..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 211MB | 

Direct Download   

|  WEB | x265 | 720p | 211MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *