MENU

The Crossing [S01: E11] | අවසන් අභිරහස…

ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු “The Crossing” කතාමාලාවේ අවාසන කොටසයි මේ රැගෙන ආවේ. පළවෙනි එපියෙදී කිව්ව වගේම මෙහි දෙවැන්නක් ගැන බලාපොරොත්තු තියාගන්නෙපා. අද කොටසින් පසුව මෙම කතාමාලාව අවසන් වෙනවා. එහෙනම් ඉතිං කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටස් ටික මතක් කරන්න ඕන නැහැයි කියල හිතනවා. අද කොටස පටන්ගන්නෙ ජූඩ් සහ රොසාරියො සරණාගතයන් පිරිසව බේරගන්න යන කොටසින්. මොකද කියනවා නම් ලින්ඩාර් සූදානම් වෙන්නෙ මේ කට්ටියව කඳවුරෙන් පිටමං නොකර මෙයාලව ඉවරටෙම ඉවරයක් කරන්න. ඔයාලා දන්නව ඇතිනෙ “ඒපෙක්ස්ලා” ගැන සිද්ධිය. ඉතිං මේ මෙහෙයුමට ලීහාගෙ අම්මත් එකතු වෙනවා. ඔන්න ඔය සිදුවීම අතරතුරදී තමයි ලීහා බිත්තියෙ ලියල තිබිච්ච අමුතු  දෙයක් දකින්නෙ. ඒ තමයි Ellis කියල වචනයක් බිත්තියෙ හැම තැනම වගේ කූරු ගහල තිබෙනවා, තව නම්, එක එක සිදුවීම් මාලාවන් ගැන එහෙමවත් මෙහි සඳහන් වෙනවා. ඔන්න මේ මෙහෙයුම කරගෙන යන අතරතුරදී රෝයි මෙයාට පැනගන්න යන වැඩේට උදව් කරනවයි කියල දැනගන්නෙ. ඉතිං අපි බලමුකො මෙයාට මෙතනින් පැනගන්න ලැබෙයිද නැත්තම් මෙයාලට මරණය උරුම වෙයිද කියල.
අවාසන කොටස නිසාවෙන් වැඩි යමක් කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකො අවසානය කොහොමද කියල. ඒවගේම තමයි කතාමාලාව ඉක්මනින් ඉවරයක් කරන්න උදව් කරපු කවීශ | උදයංග | දිලේකා සහෝදරියවමතක් කරනවා.
තවත් මෙවැනි අපූරු කතාමලාවකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x265 | 720p | 196MB | 

Direct Download   

|  WEB | x265 | 720p | 196MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *