MENU

The Dragon Prince [S03 : E03 & E04] | භූතයා සහ මිඩ්නයිට් කාන්තාරය..!

ආයුබෝවන්..!

හරි ඉතිං ඔන්න පළවෙනි කොටස් දෙක බැලුවනම් දැන් දන්නව මේ මොකද්ද වෙන්න යන්නෙ කියල. මේ වෙනකොට ළමා රජෙක් විදියට එස්‍රන් බොහොම ඍජු තීරණ ගන්නව. නමුත් ඒක රාජ්‍යයේ ස්ථාවර බවට හානිකර වෙන්නෙ, කේසෆ් කුමරු මේ තත්වය නිකම්ම බැහැර නොකරන නිසා. රෙයිලා සහ කැලම්, සෝර් රේගම් කියන මකරගෙ අතින් මැරුම් කන්න ඔන්න මෙන්න ගිහින් කොහොමහරි වෙට්ටුවක් දාල ක්ෂේඩියාවට ඇතුළු වුණා. මේ වෙද්දි විරන් ඉන්නෙ හිරබාරයේ. ඒ රාජ්‍ය බලය අයථා ලෙස භාවිතයට ගැනීමට තැන් කිරීම නිසා. ජෙනරල් අමායා ඉන්නෙ සන්ෆයර් එල්ෆ් අත්තඩංගුවේ. ඒකට හේතුව ක්ෂේඩියාව සහ මනුෂ්‍ය භූමිය අතර සීමාව ආරක්ෂා කරන්න විනාශ කරන්න ගියපු නිසා ඇය ක්ෂේඩියා සීමාවෙ හිර වීම. ඔහොම තමා මේ වෙද්දි සිදුවීම් ගලාගෙන යන්නෙ.

ඉතිං අද කතාංගයන් දෙක තුළින් බලාගන්න පුළුවන් ක්ෂේඩියාවට ආපු කැලම් සහ රෙයිලා දෙන්න, රෙයිලා හැදුණු වැඩුණු ගමට එන හැටි. රෙයිලා මේ ගැන ලොකු කුල්මත් වීමකින් ඉන්නෙ. හැබැයි එකපාරට තත්වය උඩුඋඩුයටිකුරු වෙනව. රෙයිලාගෙ ගමේ ඉන්න හැම මූන්ශැඩෝ කෙනෙක්ගෙම මූණු නැතිවෙලා ගිහින්. එහෙම වෙන්නෙ කොහොමද? මොකද්ද මේ වෙලා තියෙන්නෙ? ඉතිං රෙයිලා යනව ඇයව හදාවඩා ගත්ත “එතාරි” කියන මූන්ශැඩෝ නායකයව මුණගැහෙන්න. හැබැයි එතාරිගෙත් මූණ නැහැ. කොහොම වෙතත් එතාරිට හැකි වෙනව රෙයිලා එක්ක කතා කරන්න. එතාරි කියන්නෙ, රුනාන්ගෙ පෙම්වතා. මතක ඇති රුනාන් ඇතුළු පිරිස අත් පළඳනාවකින් බන්ධනය කර ගන්නව, තමන්ගේ ඉලක්කය ඝාතනය කරනව කියල. ඒ වගේම එතාරි මේ අය ජීවත් වෙනවද, නැද්ද කියල දැනගන්න තව මායාවක් පාවිච්චි කරල තිබුණ. ඒකත් අද දැකගන්න පුළුවන්.

ඒ වගේම හතරවැනි කතාංගය කතාව කණපිට හරවන එකක් වෙනව. කේසෆ් කුමාරයා හදන්නෙ කටෝලිස් රාජ්‍යයට එරෙහිව යුධ වදින්න. ඉතිං දසදහස් ගාණකගෙ ජීවිත බේරගන්න ඕන නිසා, එස්‍රන් තීරණයක් ගන්නව සිහසුන අතාරින්න. ඉතිං ඊලඟ රජු කවුරු වේවිද? මේ අතරෙ තමයි රෙයිලා සහ කැලම් මකර ‍රැජිණිය වෙත් සිම්ව අරගෙන යන්නෙ. මෙහෙම යද්දි තව අලුත් චරිතයක් මගදි එකතු වෙනව. ඒ තමයි “නික්ස්.” මේ නික්ස් පේන කෙනාම් නෙවෙයි. බලන්නකො වෙන දේ. එහෙනම් ඊලඟ කොටස් දෙක එක්ක ඉක්මනින් මුණගැහෙමු. ජය වේවා..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | SD | 260MB | E03 |

| WEB | x264 | SD | 260MB | E04 |

Direct Download

| WEB | x264 | SD | 260MB | E03|

| WEB | x264 | SD | 260MB | E04|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *