ආයුබෝවන්..!
ඉතිං කොහොමද වැඩේ..! මං කිව්ව වගේ කතාව එන්න එන්න උද්වේගකර වෙනව. තාම අපි ඉන්නෙ කතාවෙ මැද්දෙ. මෙතනින් ඉස්සරහට තමයි හොඳම ටික වෙන්නෙ. ඉතිං කලින් කතාංගයේදි අපි දැක්ක, මිනිස්සු දසදහස් ගාණකගෙ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් එස්‍රන් තමන්ගෙ කිරුළ අතහැරියා. මේක ඇත්තටම කවුන්සලයේ හිටපු කෙනෙක්ගෙ සැලැස්මක්. ඔහුට අවශ්‍ය වුණේ විරන් සිහිසුනට ගේන්න. ඔන්න සැලැස්ම ඒ විදියටම ක්‍රියාත්මක වෙනව. ඒ අතරෙ රෙයිලාගෙ ගමේ අය රෙයිලාව, රැහෙන් පිටමං කරල. ඒකට හේතුව පොකුණට දාපු මල් වලින්, රෙයිලාගෙ හැරෙන්න අනිත් හැම මලක්ම ගිලිලි. හැබැයි අපි දැක්ක එක මලක් බාගෙට ගිලිල, මැණික් ගලේ ආලෝකය නිවිල තිබුණෙ නෑ. ඒ කාගෙද, ඇයි ඒක බාගෙට ගිළුණෙ කියල අවසාන කතාංගයේ දි කියන්නම්. රෙයිලාගෙ ගමේ අයගෙ මූණු නැතිවෙන්න හේතුව, ඇය ඇගේ වර්ගයාගෙන් පිටමං කිරීම. තවදුරටත් ඇය මූන්ශැඩෝ වංශයට අයිති නැහැ. හැබැයි රුනාන්ගෙ පෙම්වතා, එතාරි ඇයට උපකාර කළා සිම්ව මකර රැජිණ ලඟට එක්කගෙන යන්න. එහෙම යද්දි ඔහු යවපු පණිවිඩය නික්ස් හොරකම් කළා මතක ඇති. ඒ වගේම නික්ස් සිම්වත් හොරකම් කරගෙන, රෙයිලා සහ කැලම් දෙන්න මිඩ්නයිට් කාන්තාරය මැද්දෙ අතරමං කරල යන්න ගිහින් තිබුණ.
ඉතිං මිඩ්නයිට් කාන්තරයෙන් රෑට එළියට එන්න ක්‍රමයක් නැහැ කාටවත්, නික්ස් ලඟ ඉන්නව වගේ දැවැන්ත සතෙක් නැත්තං. ඒකට හේතුව සෝල්ෆැන්ග් සර්පයින්. මේ සෝල්ෆැන්ග් සර්පයින් මොන තරම් භයානකයි ද කියල අද දැකගන්න පුළුවන්. නික්ස් පැනල ගියාට, රෙයිලා සහ කැලම් උදේ වුණාට පස්සෙ ඇය පස්සෙන් පන්නගෙන යනව. බලන්නකො සිම්ව බේරගන්න පුළුවන් ද කියල. රෙයිලා සහ කැලම් දෙන්නට තියෙන ලොකුම අභියෝගය තමයි නික්ස්ට පියාඹන්න හැකිවීම. ඒ වගේම විරන් කිරුළ ලබා ගන්නව. සොරෙන් මේ කතාංගයේදි අනපේක්ෂිත දෙයක් කරනව. හැබැයි සොරෙන්ගෙ ගති ලක්ෂණ එක්ක බැලුවම, ඒ ක්‍රියාව පුදුම වෙන්න ඕන දේකුත් නෙවෙයි.
හයවැනි කතාංගය තුළදි දැකගන්න පුළුවන් ලොකු ඉතිහාස කතාවක්. ඒ තමයි හැරෝ රජු සහ ඇවිසැන්ඩියම් අතර යුද්ධයේ කතාව. මේ වෙනකල් කතාව බැලුවනම් දන්නව ඇති “ඇරවෝස්” කියල පෙනී ඉන්න, කැඩපත හරහා විරන් එක්ක සම්බන්ධ වුණු හාදයා තමයි විරන්ගෙ හැම ක්‍රියාවක්ම මෙහෙයවන්නෙ කියල. ඒ වගේම ඇරවොස්ටත්, ඇවිසැන්ඩියම් එක්ක ලොකු පලහිලව්වක් තිබිල තියෙනව, හැබැයි අපිට මේ කතා සමය ඇතුළෙ නම් ඒ ගැන පැහැදිලි කිරීමක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම කැලම් ඇතුළු පිරිස ඔන්න දැන් “කුණාටු ගිර” නැත්තං මකර රැජිණගේ ලෙන ලඟටම ඇවිල්ල ඉන්නෙ. එහෙනම් ඊලඟ කොටස් දෙක එක්ක ඉක්මනින් මුණගැහෙමු. ජයවේවා..!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | SD | 268MB | E05 |
Direct Download
| WEB | x264 | SD | 268MB | E05 |
| WEB | x264 | SD | 280MB | E06 |