MENU

The End of the F***ing World [E03-E04] | මිනීමැරුම (18+)

මේ දෙන්න යන්නේ The End of the F***ing World සීරිස් එකේ තුන්වෙනි සහ හතවෙනි කොටස් දෙක. පලවෙනි කොටස් දෙක බලලා දැන් කට්ටියට හොඳ idea එකක් ඇති නේ කතාව මොන වගේ එකක්ද, චරිත මොන වගේ අයද කියලා. ඒ නිසා වැඩි කතා නැතුවම අද කොටස් දෙකට පනිමු.

පලවෙනි කොටස් දෙකේ අපිට ප්‍රධාන චරිත දෙක ජේම්ස් සහ ඇලීසා මුණ ගැහුනා නේ. ජේම්ස් කියනවා පොර මනෝව්‍යාධිකයෙක් කියලා. පොර එහෙමෙයි කියල හිතන්න පුළුවන් වැඩ ටිකකුත් කරල නේ ඉන්නේ. ඊට පස්සේ ඉන්නවා කෙල්ල, ඇලීසා. ඒකි නම් අනුන්ට වධ දෙන්න උපන් එකියක්. කොහොම හරි දෙන්නා සෙට් උනා නේ. ඇලීසා හිතන්නේ ඒකි ජේම්ස්ට ආදරේ කරනව කියලා. ජේම්සුත් ඉතින් කෙල්ලට ආදරේ කරනව වගේ රඟපානවා. ඒත් පොරගේ හිතේ තියෙන්නේ වෙනම ප්ලෑනක්. ජේම්ස්ට දැන් සත්තු මරලා ඇති වෙලා ඉන්නේ, ඉතින් පොරට දැන් ඕන ඊට වඩා ලොකු දෙයක් මරන්න. පොර ඒකට තෝර ගත්තේ ඇලීසා. ඇලීසට ගෙදර එපා වෙලා තිබුනේ. ඒ නිසා ඇලීසා ජේම්ස්ට කතා කරනවා පැනලා ගිහින් ඒකිගේ තාත්තා හොයාගෙන යමු කියලා. ජේම්ස්ට ඕන ඇලීසා මරන්න නේ. ඉතින් පොරත් කැමති වෙනවා වැඩේට. ඉතින් දෙන්නත් එක්කම, ජේම්ස්ගේ තාත්තගේ කාර් එකෙන් පැනලා යනවා. නිකන් නෙමෙයි, ජේම්ස්ගේ හිතේ කාලයක් තිබුන ආසාවකුත් ඉෂ්ඨ කරගෙන, වෙන මොකක්ද ඉතින් ජේම්ස්ගේ තාත්තගේ හොම්බ සමතලා කරලා මිසක්. කොහොම හරි දෙන්නෙත් එක්කම කාර් එක ගහක හැප්පුවා නේ. ඊටපස්සේ ළමා අපචාරකාරයෙකුත් ජේම්ස්ට අතවර කරන්න හැදුවා. ඒකෙන් ජේම්ස් බේර ගත්තේ ඇලීසා. ඒක පොලීසියට කියනවා කියල ඒ පොර භය කරල, ඇලීසා පොරගේ සල්ලි ටික ඉස්සුවා. අද කොටස් වලින් බලාගන්න පුළුවන් දෙන්නට හදිසියේම සිද්ධ වෙන අකරතැබ්බේ. ඒකෙන් ඔක්කොම වෙනස් වෙනවා. ජේම්ස්, ඇලීසා මරයිද?

හරි එහෙනම් ඊලඟ කොටස් දෙකෙන් ඉක්මනින්ම හමුවෙමු.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | SKGTV | 120MB | E03

B681C847EC94EF70452AB36DF1D046A6BD941283

| WEB-DL | x264 | SKGTV | 139MB | E04

FCA69BE0E2B9D20D23582C962DB34F38820C7D4D

Direct Download

| WEB-DL | x264 | SKGTV | 120MB | E03    

  

| WEB-DL | x264 | SKGTV | 139MB | E04   

            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *