MENU

The End of the F***ing World [E05-E06]| පළායාම (18+)

මේ ගෙනාවේ සීරිස් එකේ පහ, හය කොටස් දෙක. අද කතාවට එන්න කලින් කලින් කොටස් දෙකේ මොකද උනේ කියල පොඩ්ඩක් මතක් කර ගනිමු.

අපේ කෙල්ලයි කොල්ලයි, ක්ලයිව් කොක් කියල මහාචාර්යවරයෙක්ගේ ගෙදර හොරට නතර වෙනවා නේ. එතකොට ඒ මහාචාර්යවරයා ගෙදර නෑ. ඉතින් මේ දෙන්නා ඒ ගෙදර නැතිබංගස්තාන කරලා දානවා. ඒ අස්සේ දෙන්නා අතර පොඩි වලියක් ගිහින් ඇලීසා ඒ ගෙදරින් පිට වෙලා ගිහින් කවුද ටෝෆර් කියල කොල්ලෙකුත් එක්ක ආයි ඇවිත් ජේම්ස්ට පේන්නම උඩ තට්ටුවට යනවා ඒ කොල්ලා එක්ක ලිංගිකව එකතු වෙනවා කියලා. ඇලීසා ඒ කිව්ව එකට නම් ජේම්ස්ට පොඩ්ඩක් රිදුනා. හැබැයි පොර ඒක ගනන් ගන්නේ නැතුව ඒ ගෙදර බඩු මුට්ටු අවුස්සල බලනවා. එතකොට පොරට අහු වෙනවා වීඩියො කැමරාවකුයි, පින්තූර ටිකකුයි. ඒවගේ තියෙන ඒවා දැකලා ජේම්සුත් ගැහිලා ගියා. දන්නෙම නැතුව දෙන්නා එක්ක ඇවිත් තියෙන්නේ දාම මිනීමරුවෙක්ගේ ගෙදරට. ඔය අතරේ ඇලීසටම ටෝෆර් එපා වෙලා පොරට යන්න කියලා ඇලීසා නිදා ගන්නවා. ඇලීසා නිදි අතරේ ජේම්ස් උත්සහා කරනවා ඇලීසව මරන්න. ඒත් බැරි වෙනවා. ඒ මොකද ජේම්ස්ට නොදැනීම ජේම්ස් ඇලීසට ආදරේ කරන්න අරන්. ඒ අස්සේ ක්ලයිව් කොක් එනවා තමන්ගේ ගෙදරට. කොහොම හරි ඇලීසව බේර ගන්න ගිහින් ජේම්ස්, ක්ලයිව්ගේ බෙල්ලට පිහියෙන් ඇනලා පොර මරලා දානවා. ඊට පස්සේ දෙන්නත් එක්ක එකතු වෙලා මිනීමැරුම උන තැන පිරිසිදු කරනවා.ජේම්ස්ගේ පිහිය නිසා ඇලීසා ජේම්ස්ව අවිස්වාස කරලා පොර දාලා යනවා. තම්න්ගේ අතින් මිනිහෙක් මැරුනා කියල දරා ගන්න බැරුව ජේම්ස් පොලීසියට කතා කරනවා. මේ ඔක්කොම අවසානෙට ජේම්ස් එක දෙයක් තේරුම් ගන්නවා. ඒ තමයි, තමන් මනෝව්‍යාධිකයෙක් කියල හිතුවට ඇත්තටම එහෙම නෙමෙයි කියලා. එතන ඉඳල තමයි අද කොටස් දෙක ගලාගෙන යන්නේ.

හරි එහෙනම් ඊලඟ කොටස් දෙකෙන් ඉක්මනින්ම හමුවෙමු.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | SKGTV | 135MB | E05

9BD3A380A8AEBDDE86154FD6BB0A918D0A8B271D

| WEB-DL | x264 | SKGTV | 160MB | E06

19D6BEAF736A9DA056175D7B03E1A5C727947E3B

Direct Download

| WEB-DL | x264 | SKGTV | 135MB | E05    

  

| WEB-DL | x264 | SKGTV | 160MB | E06  

            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *