MENU

The Flash [S04 : E17] | නල්!..

එහෙනම් ඔන්න කට්ටිය මග බලාගෙන හිටපු 17 වෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. සෑහෙන පරක්කුයි නම් තමයි. ගිය සතියේ තමයි මගේ 150 වෙනි උපසිරැසිය කරන්න සිද්ධවුනේ. අනික් කාරණය තමයි ඉතින් අවුරුදු දවස් නිසා තව කාර්යබහුල වෙනවා. සමන් ප්‍රසාද් සහෝදරයා මේ කොටසේ මුල හරිය කරන්න මට සහයෝගයක් දුන්නා. ඒ සහෝටත් කරගන්න බැරි තත්වයක් උදා උන නිසා පරක්කු උනත් අන්තිමේ මටම මේ එපිය කරන්න සිද්ධවුනා.

ගිය සතියේ කොටසේ හැරි නිර්මාණය කරනවා බුද්ධි වර්ධකයක්. ඔයාලාට මතක ඇති ඩෙවෝයි එයාගේ බුද්ධිය ලබාගත්තු විදිය. හැරි සූදානම් උනේ ඒ විදියට විශාල බලයකට මුහුණදීලා එයා හදපු මේ බුද්ධි වර්ධකයෙන් ඩෙවෝයි වගේ බුද්ධියක් ලබාගන්න. ඒත් ඒකට ෆ්ලෑෂ් ටීම් එකේ අය විරුද්ධ උනා. මොකද ඒ වගේ බලයකින් හැරි මැරෙන්න උනත් පුලුවන් අවදානමක් තියෙන නිසා. මොකද ඒ බලය ජූල් බිලියන 10ක් විතර වෙනවා. මේ වැඩේ සාර්ථක කරගන්න සිස්කෝ තමයි අත්‍යවශ්‍යම පුද්ගලයා. එයා තමයි හැරිට මේකට උදව් කරන්න ඉන්නේ. ඒත් සිස්කෝ ඒකට කැමති උනේ නෑ.

නගරයේ බැංකුවක කොල්ල කන්න මෙටා කෙනෙක් එනවා. එයාට තියන බලය තමයි ඕනම දෙයක් උණු කරන එක. ඉතින් එයා බැංකුවේ සේප්පුර උණු කරලා වැඩේ කරන්න හදනකොට තව කෙනෙක් ඒකට් හරස් වෙනවා. ඒ පුද්ගලයා තමයි මැතිව් කිම්. එයත් මෙටා කෙනෙක්. වැඩේ කියන්නේ මැතිව් අර බැංකුව කොල්ලකන්න ආපු මෙටාගේ බලය නැති කලා. ඉතින් මෙතන මෙටාලා දෙන්නෙක් හිටියා. හැබැයි එයින් එක්කෙනයි අර බස් මෙටාලාගෙන් කෙනෙක් උනේ. ඒ තමයි මැතිව්. එයාට තියන බලය තමයි මෙටා කෙනෙක්ගේ බලය උරාගෙන ඒක වෙන කෙනෙක්ට ලබාදෙන එක. ඔයාලා දකින්න ඇතිනේ බෙරිගෙ බලය අයිරිස්ගේ ඇඟට ගියා. එතනත් ලොකු අකරතැබ්බයක් උනේ. අන්තිමේ කොහොමහරි බෙරිට එයාගේ බලය ආපහු ලැබුනා.

ඉතින් වැඩි විස්තරයක් නම් කියන්න ගියේ නැ. මේ 17 වෙනි කොටස බලන්න ඔයාලාට බාරයි. 18 වෙනි කොටසත් පුලුවන් ඉක්මණට අරගෙන එන්නම්. සමහරු කියනවා ඇති කරන්න බැරි නම් වෙන කාටහරි දෙන්න කියලා. ඒත් අවාසනාවකට එහෙම කරන්න කෙනෙක් එකපාර හොයාගන්න නෑ. මොකද මේක බලන අය දැන් අඩුයි. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 294MB |

8625EE9D3EAFF123DD5BBE3F289C2749B5DDA9D3

Direct Download

| HDTV | x264 | 480p | 192MB |      

           

| HDTV | x264 | SVA | 294MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Flash [S04 : E17] | නල්!..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *