මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී හිතමිතුරනි. මෙන්න එහෙනම් 20 වෙනි කොටහත් අරගෙන ආවා. ඒ කියන්නේ තව කොටස් 3ක් වගේ තමයි එන්න තියෙන්නේ. වෙනදා වගේම අපි එහෙනම් කලින් කොටස ගැන ටිකක් මතක් කරමු.
ඔයාලාට මතක ඇති ඩාර්ක් මැටර් වලින් බලගැන්වුන හැරිගේ සිතීමේ හිස්වැස්ම අන්තිමේ එයාට හරහට හිටියා කියලා. සිස්කෝ මුලින් එයාට අනතුරු ඇඟෙව්වා. ඒත් එයා කිසිදෙයක් ගානකට ගත්තේ නෑ. දැන් හැරිගේ බුද්ධිය නැතිවෙනවා. ඩෙවෝයි ෆ්ලෑෂ් ටීම් එක දෙකඩ කරනවා. මුලින්ම එයා රැල්ෆ්ව ඩැහැගත්තා. එතකොට හැරිගේ බුද්ධිය නැතිවෙනවා. ඊටපස්සේ කිලර් ෆ්රොස්ට්ව. ඉතින් කවුරුත් දන්න දෙයක් තමයි ඩෙවෝයි ලොකු සැලස්මක ඉන්නේ කියලා. එයාගේ සැලසුමට අවශ්‍ය කරන උපකරණ හොයන එක තමයි දැන් එයාගේ වැඩේ.
ගිය සතියේ එයා මුලින්ම ගියේ ෆෝලවුට් පස්සේ. ඒ කියන්නේ අර න්‍යෂ්ටික බෝම්බයක් වගේ බලයක් තියෙන මෙටා පුද්ගලයා පස්සේ. එයාව රඳවලා තිබුනේ ට්‍රේසිගේ විද්‍යාගාරයේ. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට පොඩි අනතුරු ඇඟවීමක් ලැබෙනවා ඩෙවෝයි ඒ පැත්තට යනවා කියලා. ඉතින් ඊට කලින් ෆ්ලෑෂ් ටීම් එක ක්‍රියාත්මක වෙලා ෆෝලවුට්ව වෙන තැනකට අරගෙන යන්න සූදානම් උනා. ඉතින් ෆෝලවුට් උදාසීන කරන්න නම් කිලර් ෆ්රොස්ට් ඕන. ඒත් එයා දැන් නැති නිසා ෆ්ලෑෂ් earth-x වලට ගිහින් ස්නාර්ට්ව එක්කගෙන එනවා. ඒ ගියපු වෙලාවේ ස්නාට් හිටියේ earth-x වල ඉන්න siren-X ඒ කියන්නේ ලෝරා ලාන්ස්ගේ ඩොප්ල්ගැන්ඩර් එක්ක සටනක. කොහොමහරි ස්නාට්ව එක්කගෙන එනකොට siren-x ඒ පිටිපස්සේ ආවා.
ෆ්ලෑෂ් ටීම් එක දැනගෙන හිටියේ නෑ ෆෝලවුට්ව විද්‍යාගාරයෙන් වෙනතැනකට මාරු කරවන එක සිද්ධවෙන තැනට වැඩ කලේ ඩෙවෝයි කියලා. ඒක එයාගේ සැලැස්මක්. ඉතින් ෆෝලවුට් ප්‍රවාහනය කරන අතරතුරේ ඩෙවෝයි එයාගේ සැලසුමේ පරිදි කඩන්පාත් වෙනවා. හැබැයි එයා හිතපු විදියට වැඩේ උනේ නෑ. මොකද siren-x එතනට ඇවිත් වැඩෙ කනපිට ගැහුව නිසා. ඒත් අන්තිමේ ඩෙවෝයිට අවශ්‍ය දේ නම් සිද්ධවුනා.
ඉතින් මේ සතියේ කොටසට ෆ්ලෑෂ් ටීම් එකේ උදව්වට සින්තියා එනවා. ඩෙවෝයිගේ සැලැස්ම මොකක්ද කියලා මේ කොටසින් හරියටම දැනගන්න පුලුවන් වෙයි. ඒවගේම තමයි මම මාතෘකාව විදියට දාපු කාරණාව. කතාව බලාගෙන යනකොට ඒ ගැන ඔයාලාට හිතාගන්න පුලුවන් වෙයි. තවත් ගොඩාක් දේවල් තියෙනවා. අපි එහෙනම් ඊලඟ සතියේ මුණගැහෙමු.
මම හරිම ස්ලෝ කියලා කියන මහත්තුරු ටික ස්පීඩ් කෙනෙක්ව හොයලා දෙන්න සබ් එක කරන්න. මම බොහොම කැමැත්තෙන් ඒ කෙනාට බාරදෙන්න සූදානම්. එතකොට ඒ කෙනා ඔය හදිසි මහත්තුරුන්ට ඉක්මණට කරලා දෙයි.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | SVA | 274MB |
0C1CA6607840E7929031DE283B7D0EE716F2384D
Direct Download
| HDTV | x264 | SVA | 275MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
6 thoughts on “The Flash [S04 : E20] | හමුවීම වෙන්වීම ලෝකේ හැටි…”
sub eka denne kwdtd bro?????
Mehema film eka vitark dann epa..sub ekat ekkma denna…mokda dan dan baiscope sinhalen achchruwk wage sub ekak hoynn hena amraui..wenda kale download site eke epiya dapu gamn sub eka hena kattk kala hoypu eka…dan mehema sub natuwa dunnam..apita sub eka hamtissema hoya hoya inna wenwa…natnm download site eka wage piliwlakta sinhalen site ekat tiynn plzz
api sub krnne na.api tv witrak sub denna klin danwa e oylata ikmanta gnna puluwn wenna baya natuwa ewa gnna.ewata sub eknwa aniwryen.
Thank you epiya ikmanatama dunnata. Arrow S06E19 sub ekaiy episode ekai 2ma tma na neda. Mama TV Beasts eken download karn baluwa eth sub eka ekka aye balanna one.
Machan ganan ganna apa pisso ennava
Thanks !!!!!!!!!!!!