MENU

The Flash [S05 : E09] Elseworlds Part 1 | ElseWorlds (වෙනත් ලෝක) – 1 කොටස

“මගේ නම බෙරි ඇලන්. මම තමයි ජීවත්ව සිටින වේගවත්ම මිනිසා…” අපි ඉතින් හැමදාම වගේ ෆ්ලෑෂ් බලන්න පටන් ගනිද්දී ඔය වචන පේලි ටික තමයි අපිට ඇහෙන්නේ. ඉතින් එදා ඉඳන්ම අපේ ෆ්ලෑෂ් බෙරි ඇලන් තමයි. හැබැයි ඔන්න මේ වතාවේ නම් වැඩේ වෙනස් වෙන්නයි යන්නේ. ඔයාලා බලනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකක්ද කියලා. මම ඒක කියන්නම්.

ඉතින් සමහරු නම් දැනටමත් දන්නවා ඇති. මේ අවුරුද්දේ ඔන්න කලින් අවුරුද්දේ වගේම ක්‍රොස්ඕවර් එක ආවා. මුල්ම කොටස ආවේ ෆ්ලෑෂ් 9 වෙනි කොටසින්. කලින් වතාවේ ලෙජන්ඩ්ස්ලා ක්‍රොස්ඕවර් එකට හිටියත් එයාලා මේ වතාවේ නම් සහභාගී වෙන්නේ නෑ. මම අර උඩ කියන්නම් කිව්ව කතාව කියන්නම්. ඔලිවර් ක්වින් එහෙම නැත්නම් ග්‍රීන් ඇරෝ උදේ පාන්දර ඇහැරෙනවා. හැබැයි එයාට නුපුරුදු තැනක. එයා ඉන්නේ බෙරිගේ ඇඳේ. අයිරිස් එයාට උදේ කෑම කන්න කතා කරනවා. අයිරිස් එයාට කතා කරන්නෙත් බෙරි කියලා, මොකක්ද මේ වෙලා තියෙන්නේ. ඔලිවර්ට ලොකු ප්‍රශ්නයක්. ඔලිවර්ට මේක අවුලක් උනාට අයිරිස් නම් සාමාන්‍ය විදියටම ඉන්නවා. ඒවගේම අනික් අයත්. ඉතින් බෙරිටත් ඒ සිද්ධියම තමයි වෙලා තියෙන්නේ. එයා ග්‍රීන් ඇරෝ වෙලා. එයා අවදි වෙන්නේ ඩිගල් එක්ක සටන් පුහුණු වෙන තැන. එයාටත් මේක හිතාගන්න බැරි වෙනවා. හැබැයි බෙරි නම් ග්‍රීන් ඇරෝ උන එකට කැමතියි වගේ ?

ඇත්තටම මොකද මේ ෆ්ලෑෂ් සහ ග්‍රීන් ඇරෝ චරිත දෙක මාරුවෙලා තියෙන්නේ. ඔයාලා කලින් සතියේ දකින්න ඇති 90 වෙනි පෘථිවියේ එක සිදුවීමක්. අර පොතක් අතට අරගත්තු කෙනා. එතන ෆ්ලෑෂ් කෙනෙක් හිටියා. ඒ පොතට අරගත්තු කෙනා තමයි මොනිටර් කියන්නේ. ඉතින් එයා තමයි මේ හැම සිදුවීමක් පස්සේම ඉන්නේ කියන එක කියන්න පුලුවන්. ඉතින් ෆ්ලෑෂ් ඇරෝ වෙලා ඇරෝ ෆ්ලෑෂ් උනාම කොහොම තියේවිද ? ඒක බලන්න නම් ඉතින් ඔයාලාට මේ කොටස බලන්නම වෙනවා.

ඉතින් ලොකුවට විස්තරයක් නම් කියන්න යන්නේ නෑ. මොකද මේ ලිපිය ලියන්න කාලය ගත කරනවාට වඩා මම කැමතියි ඔයාලාට උපසිරැසිය ඉක්මණින්ම ඔයාලාට ලබාදෙන්න. එහෙනම් Elsworld පලමු කොටස බලන්න ඔයාලාට බාරයි. දෙවෙනි කොටස බලන්න නම් ඔයාලාට ඇරෝ කතා මාලාවේ 9 වෙනි කොටසත්, තුන්වෙනි කොටස බලන්න සුපර්ගර්ල් කතා මාලාවේ 9 වෙනි කොටසත් අරගන්න වෙයි. තව ටිකෙන් අමතක වෙනවා. ෆ්ලෑෂ් 10 වෙනි කොටස එන්නේ ලබන අවුරුද්දේ 15 වෙනිදා කියලා සඳහන් වෙලා තියනවා.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 720p | 1.2GB |

Direct Download

| HDTV | x264 | SVA | 310MB |

| HDTV | x264 | 480p | 180MB |

| HDTV | 720p | x265 | 230MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Flash [S05 : E09] Elseworlds Part 1 | ElseWorlds (වෙනත් ලෝක) – 1 කොටස

  • thanks sub ekata. Anith ewata sub demmada bro. Arrow super girl ekata.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *