MENU

The Handmaid’s Tale [S01 : E09] | ජෙනින්, දරුවා සහ පාලම… (18+)

කොහොමද හැමෝටම? අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ අවසාන කතාවට පෙර කතාවයි මේ. නමවන වෙළුම, ගොඩක් සංවේදී මෙන්ම තියුණු බවක් කතාවට එක්කරන්නට සමත් කතාවක් බවට පත්වුණා. IMDb දර්ශකයේ 8.9ක ඉහළ අගයක් දක්වා දිවයන්නේ අද කතාවේ ඇති තියුණු බව සංවේදී කරනා තුලින් මතු කරන්න දරපු උත්සාහය නිසාවෙන් වියහැක.මෙතෙක් කතාව

මේ වෙනකම් කතාව, මම කෙටියෙන් ටිකක් මතක් කරන්නම්,මොකද අවාසන කතාංගයේ ලිපියට ඉඩ ඉතුරු කරගන්න අවශ්‍ය නිසාවෙන්. ජූන් හෙවත් ඔෆ්රෙඩ් අපේ කතා නායිකාවයි, ඇයට අමතරව මොයිරා, ජෙනින්, ඔෆ්ග්ලෙන් නමැති අනෙකුත් හෑන්ඩ්මේඩ්වරියන් ඇයගේ කතාව වටා අපුරුවට එකතුවී කතාව ගලාගෙන යන අයුරු අපිට මෙතෙක් කතාවෙන් දැක ගන්න ලැබුනා. ජූන් තාම දරුවා හා සැමියා ලුක් සමග දේශ සීමාවෙන් පැන යන්නට දරන උත්සාහයේදී ගිලීඩයේ හමුදාවන්ට හසුවන අතර එහිදී ඇයට තාම දරුවා අහිමි වෙනවා. දරුවා ගැන මෙතෙක් හෝඩුවාවක් අපිට දැකගන්න ලැබුනේ නැතත් ලුක් කැනේඩියානු සරණාගත කඳවුරක දිවිබෙරා ගන්නට සමත්වුනා. මොයිරා ජුන්ගේ පාසල් කාලයේ සිට මිතුරියයි.ජෙනින් Red Center තුලදී ජුන්ට හමුවූ තවත් තරුණියකි. ඇයට පිස්සු කියලා ජුන්ටනම් හිතෙන්නේ නැහැ. මොකද ඇය ඒ හා සමාන ජීවිතයක අත්දැකීම් උහුලන නිසාවෙන් වෙන්න ඇති.හෑන්ඩ්මේඩ්වරියන් ගැන කතාව එලෙස වෙද්දී,

කමාන්ඩර්වරුන්ගේ හා ඔවුන්ගේ බිරින්දෑ වරුන්ගේ පැතිකඩ එක් පසෙකින් ගලා ගියා. මේ වන විට ඔවුන්ගේ සැබෑ ස්වරූපය, අරමුණු හුදෙක් පැහැදිලි. ඔවුන් ඒවා මනාවට සාධාරණිකරණය කරන්නට සමත්කම් දක්වා ඇත. ගිලීඩයේ විකාශනය, ඇසෙහි සාමාජිකයන්ගේ/ හමුදාවන්ගේ පැමිණීම, පරිසර දුෂණය, ස්ත්‍රී පුරුෂ වඳභාවය,ඇමරිකාවට පමණක් සිමා නොවූ මේ යථාර්තය පිලිබඳ දැන් නම් ඔබට පැහැදිලි ඇති. ගිලීඩයේ අරමුණ හෑන්ඩ්මේඩ්වරියන් මගින් දරුවන් බිහිකර එම දරුවන් සැපයීම තුලින් අනෙක් රාජ්‍යයත් ඇසෙහි සාමාජිකයන් කරවා ගැනීමයි.කතාව ගලා යන ආකාරයට එසේ කරනවා හැරෙන්නට වෙනත් විකල්පත් නොමැති බවයි පෙනෙන්නට තියෙන්නෙ, ඒ කෙසේ වෙතත් අපි බලමු අනාගතයේදී කතාව මොන පැත්තකට යොමුවෙයිද කියලා.

සැඟවුන ජිසෙබෙල් පිළිබඳව පසුගිය කතාවෙන් අපිට දැනගන්න පුළුවන් වුනා.ගිලීඩයේ නීති කිසිවක් මෙහිදි අදාල නොවන බවනම් වැටහුණා, එපමණක් නොව ජුන්ගේ මිතුරිය වූ මොයිරාද මෙහෙදී ඇයට හමුවනවා. ඇය බිඳුණු ස්වරූපයකින් සිටින බව තමයි අපිට පසුගිය කතාවෙන් පෙන්නුවේ, නමුත් ඇය මේ කතාවට විශාල පෙරලියක් ගෙන ඒවි කියලා හිතෙනවා මටනම්. අනෙක් පසින් ජූන් හා නික් අතර ඇති පලහිලව්ව කතාව තවත් පැතිකඩකට යොමුවේවි කියලා අපිට හිතා ගන්න කරුණු කරනා මේ වනවිට එක්රැස් වී හමාරයි.

අද කතාව දෙසට

හැමෝටම මතක ඇතිනේ ජෙනින් කමාන්ඩර් ඔෆ්වොරන් හා එක්වී බිහිකළ දරුවා ඇන්ජෙලාව. මිසිස්.පුට්නම් ට අවශ්‍ය ජෙනින්ව ඉක්මණින්ම ගෙදරින් පන්නා දමා දරුවා ලබාගැනීමටයි.නමුත් ගිලිඩයේ නීති රීති අනුව හෑන්ඩ්මේඩ් කෙනෙකුට දරුවා සමීපයේ රැඳී සිටීමට ලැබෙන්නේ දරුවා මව් කිරි ලබා ගන්නා තෙක් පමණි. දැන් දින කාලය ගතවී පුංචි ඇන්ජෙලා රළු ආහාර වලට හුරුවන දින ආසන්නයට පැමිණ ඇත. කමාන්ඩර් වොරන් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ජෙනින්ට බොරු කරන බව අසරණ ජෙනින් මේ වෙනකම් දන්නේ නැත, ඉතිං කතාව මෙහෙම තිබෙද්දී ජෙනින්ගෙන් දරුවා ලබාගෙන ඇයව වෙනත් නිවසකට පිටමන් කරන අවස්ථාව කුමක් වේවිද? අසරණ ජෙනින්ගේ කතාව අද ඔයාලගේ හිත උණු කරවයි.අපි බලමු අද කතාවේ උණුසුම නොයවාම. අවසාන කොටසින් හමුවන තුරු ජය !!! ? ?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 720p | 4.1GB |Complete S01|

3C048BCF4345FF7D28262EE2A2F71C2C1524C4C7

Direct Download 

| WEBRip | x264 | 720p | 226MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *