MENU

The Handmaid’s Tale [S02 : E03]| පැකේජය… (18+)

සුභ දවසක් වේවා හැමෝටම ! අත් උදව්කාරියන්ගේ ඉරනම් කතාව,මේ වන විට ගොඩාක් තියුනු ලෙස ඉදිරියට ගලාගෙන ඇවිත් තියෙනවා.දෙවන කතා සමයේ තුන්වැනි කතාවත් සමගයි අද එක් වන්නේ.ඊට මත්තෙන් අපි දෙවන කොටස පිලිබඳව පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

පසුගිය කොටසින්,

ජුන්ගේ පලායාමෙන් ඇරඹෙන පසුගිය කතාව ගොඩාක් දුරට වෙන්වුනේ කොලනිය පිලිබඳව තොරතුරු , “ඔෆ්ග්ලේන්” හෙවත් “එමිලිගේ” අතීතාවර්ජනය සමඟ කියාපාන්නටය.

ජූන්ගේ අදිටන කෙසේ හෝ ඉක්මනින් පලායෑම හෝ හැනාව නැවත ලබාගැනීම වුවත්, ඇය හිතන් ඉන්න තරම් ඉක්මනින් ඇයට ඉඩහසර වෙන්වන පාටක් නැති බව පේනවා.නික් පවසන පරිදි ඉදිරි මාස දෙකක් පමන,ඇයට ඇගේ නැවතුම්පොළ කරගන්නට වෙනවා.සතුන් මරා,ඇසුරුම් කල, අත්හැර දැමු ආයතනයක් තමයි ඇයට මෙවර ලැගුම්ගන්නට වන්නේ.

ඇය එහි කාලය ගතකරන ආකාරය පෙන්වන අතරවාරයේ එමිලිගේ අතීතය කරලියට ගෙන ආවා. ඇයගේ උසස් පාසල් ඉගැන්වීම් කාලය හා සම්බන්ධ විශ්වාසයේ හමුදාවන්ගේ බලපෑමත්,ඇයට සිය පවුල අත්හැර තනිවන්නට සිදුවු ආකාරය ගැන පැහැදිලි ඇති හැමෝටම, මේ කුරිරු සමාජයේ ඉගෙනගත් කාන්තාවන්ට කිසිම ස්ථානයක් වෙන්ව නැති බව පසක් කලා පසුගිය කොටසින්.ඒ වගේම මේ සමාජයේ සමලිංගිකත්වය වරදක් බව ඔප්පුවුන කතාවක් බවට පත්වුවා කිවහොත් මා නිවැරැදිය.කරුනු කාරනා එසේ වෙද්දී වැඩි කාලයක් වෙන්වුනේ කොලනියේ වත්මන් තත්වය විස්තර කරන්නටයි. මිහිපිට අපායකට නොදෙවෙනි වු එයා ගිලීඩයේ කුරිරුබව කියාපාන්නටය සමත් ස්ථානයක් බව නොරහසක් හැමෝටම දැන්. එමිලි කොලනියේ සිටිනා අනෙකුත් කාන්තාවන් සමග හොඳ සබඳතාවක් මේ වනවිට ගොඩනගාගෙන බව සාක්ෂි ලැබුනා කොලනියට පැමිනි wive(බිරින්දෑ) කෙනෙකුට ලබාදුන් පලිගැනීමෙන්.

කොච්චර නම් වෛරයක් හිතේ තද කරගෙන ඉන්නවා ඇතිද? මේ හෑන්ඩ්මේඩ්වරියන්.මේ කුරිරු සමාජය ඇයට සලකන ආකාරය කෙතරම් කුරිරුද?දරුවන් වදන්න පුලුවනිනම් වහලියක්,එය නොහැකිනම් වහලියකගේ නිදහසවත් උරුම නොවේවි ඈ හට. මිහිපිට අපායක් බඳු කොලනියේ විස්තර අවසන් වුයේ අපේ “අහින්සකාවිය”/ “ජෙනින්” කොලනියට සේන්දු වුවාට පසුවයි. ජෙනින් හා එමිලි එක් වී කිනම් පිස්සුවක් නටාවිද? මටනම් පුදුම කුතුහලයක් ඉතුරුකලා අවසනදී අපි බලමු මොකකින් මොකක් වේවිද කියලා.

අද කතාව,

අද ආරම්භයේ පටන් ජූන්ගේ පලායෑම උපරිම අදියරකට ඔසවා තබන කතාවක් බවට පත්වන බවනම් නොඅනුමානයි. ඒ සමඟම මෙතෙක් නොදැකපු සමාජ පැතිකඩක් ගැන දැනගන්නට හැකියාව ලැබෙනවා.

ජූන් තනියම සත්ව ඝාතකාගාරයේ මොනවා කරනවා ඇතිද? මාස දෙකක ඇවෑමෙන් පසුව පැනයාම, කෙසේ සැලසුම් කරගන්නට නික්ට හා Mayday එකට කෙසේ හැකියාව ලැබී ඇත්ද?

ඒ එක්කම, සීමාවෙන් එපිට ලෝකයේ මොනවා වෙනවා ඇතිද මේ වෙනකොට? මොයිරා,ලුක් ජූන්ව අමතක කරලා දාලද? නැත්නම් ඔවුන් මොනවා කරනවා ඇතිද?

අද කතාව අවසනදී ඔයාලව උස්සල පොලේ ගැහුවා වගේ තියේවි කියනදේ පමනක් මතක් කරමින් සමුගන්නවා, ? ඉක්මනින්ම සමගාමී විකාශයත් එක්ක හමුවන්න බලාපොරොත්තුවෙන්.හැමෝටම ජය…!!! ?
?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | 720p | 290MB |

F782B10AD890788B7DE6C0A50723BDDC8C53724E

Direct Download

| WEBRip | x265 | 720p | 290MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *