MENU

The Handmaid’s Tale [S02 : E04] | වෙනත් කාන්තාවන්…(18+)

 

හැමෝටම කොහොමද? ඔන්න එහෙනම් ඉක්මනින්ම 4 වෙනි කොටසත් අරගෙන මං ආවා. කතාව උච්චතම අවස්ථාවකට පසුගිය කොටසින් ගෙන ගියා ඔයාලට මතක ඇති කියලා හිතනවා. අද කතාවට කලින් පසුගිය කොටස ගැන පොඩ්ඩක් කතා කරලම ඉමු.

පසුගිය කොටසින්,

සත්ව ඝාතකාගාරයේ තනිවුන ජුන් මාස දෙකක පමන කාලයක් තනිවම එහි ගතකරනවා. ඉඳහිට නික් ඇවිත් අවශ්‍යතා සපුරා දෙනවා, ඔයාලට දකින්න පුලුවන් වෙන්න ඇති.ජුන් පමණක් එහි සිටියත් ඇය තනි වූ බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ. මොකද අතීතයේ එහිසිටි අයගේ සිහිවටන අතර කාලය ගත කරන්නට ඇයට හැකියාව ලැබුණ නිසාවෙන්.

ඔය විදියට ඉන්න අතරවාරයේ තමයි ජූන්ට දැනගන්න ලැබෙන්නේ මේඩේ සකසා ඇති නව පියවර ගැන. එනම් බටහිට වෙට්ස්කෝ ගුවන්පථය හරහා කැනඩාවට යාමේ උත්සහය. ඒ සඳහා ඇයට අලුත් ගමන් සගයෙකගේ පිහිට පතන්නට සිදුවෙනවා, ඔහු සමඟ පිටවන ඇයට නතරවන්නට සිදුවෙනවා ගබඩාවක,මොකද කරුනුකාරනා හදිස්සියේම වෙනස්වන්නට වූ බැවින්. ඔහු ජූන්ව ගබඩාවේ තනිකර යන්නට උත්සහකල වෙලාවේ ජූන්ගේ බලවත් පෙරැත්ත හමුවේ ඔහුට ඇයව තනිකර යාමට නොහැකි වනවා. පසුව ඔහු ඇයව තමන්ගේ ගෙදරට එක්කගෙන යනවා. සියලු දේවල් හොඳ අතට හැරෙද්දී, ජූන් තම අතීතාවර්ජනය ලෙස අතීතයේ තම මෑණියන් හා ගෙවූ කාලය මතක් වෙනවා.ඒ තුළින් අතීත සිද්ධි පැහැදිලි කරනවා. බලාගෙන යන කොට ජූන් වගේම ජූන්ගේ අම්මාත් පෙරලිකාරියක්. ඇයගේ ගති ලක්ෂණ මවගෙන් උරුමවු බව පැහැදිලියි. ඇය මේඩේ හා සම්බන්ධයක් ඇතිද කියා සැකයකුත් පැන නගිනවා. අපි බලමු මොනවා වෙවිද කියලා ඉදිරියට.

අතීතාවර්ජනය එලෙස අවසන් වෙද්දී නැවතත් කොහේ හෝ වරදක් සිදුවී ඇති බව ජූන්ට වැටහෙන්නේ ඇයට නිවසේ සැඟවී සිටීමට කියා නිවසින් පිටව ගිය අරාම්, බිරිඳ හා දරුවා නැවත නොපැනීමයි. පසුව ඇය තීරනයක් ගන්නවා තනිවම ගුවන්පථය සොයා යෑමට, එම උත්සහය සාර්ථක කරගනිමින් ඇයට ගුවන්‍ යානයට ගොඩවන්නට හැකි වුවත්, එය ගුවනට පියාසර කරවන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. වෙඩි වරුසාවක් මැද යානය නවතිනවා. පසුගිය සතියේ කිව්වා වගේම බෙල්ලෙන් අල්ලලා පොලොවේ ගැහුවා වගේ දැනෙන්න ඇති ඒ වෙලාවේ නේද? ?

අනේ අපේ කුතුහලේ උපරිමේටම ගෙනෙහින් මෙහෙමත් කරනවද? ඔව් නිසැකයෙන්ම කතාව කනපිට ගැහුවා.?

අද කතාව,

අද කතාව පටන් ගන්නේ පසුගිය සතියේ කුතුහලයෙන්මයි. මොකද්ද මේ වුනේ ජූන්ට? කවුද මේ වෙඩි තියපු කට්ටිය? ජූන්ට කැනඩාවට පැනලා යන්න පුළුවන් වේවිද? අල්ලාගත්ත ජූන්ව කොහේට ගෙනියයිද? මොනවා කරයිද?

අද සුපුරුදු පරිදි කතාව සංවේදී අදියරයකට ගෙන යනවා. මෙතෙක් කතාවේ නොසැලී සිටි කෙනෙක් අද කෑලි කෑලි වලට කැඩී යනවා,පුදුම කේන්තියක් හිතේ ඇති වනවා නිසැකයි ප්‍රේක්ෂක ඔබට නම්.

ජූන් ඔස්බෝර්න්ගේ අතිශය විශිෂ්ට රංගනයක් අද දකින්න පුලුවන්. ආන්ට් ලිඩියා හා සෙරිනා සමග ජූන් එකට එක කල අවස්ථා, ජූන් මොලෙන් ගහපු ගේම් මතකද? පසුගිය කොටස්වල, ඒ කොටස් මතක් කරගනිමින්ම අද කතාව බලන්න කියලා මතක් කරනවා. එතකොට දුක අඩුවෙයි කියල හිතනවා.?

අද කතාවේ නම “වෙනත් කාන්තාවන්”, මේ ගැන අදහසක් ලබන කොටසින් දෙන්න පොරොන්දු වෙන්නම්. අද කතාව ගැන කියනවාට වඩා බලන එක තමයි ගොඩක් හොඳ. එහෙනම් අද කතාව බලලා ඔයාලගේ අදහසත් එක්කරන්න. ඊලඟ කොටස සමඟින් ඉක්මනින් හමුවෙන්නම්.හැමෝටම ජය..!!! ?
?✌

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | TBS | 205MB |

740E7B4C541AF74C49F043CE146F6404C6D90A19

Direct Download

| WEBRip | x265 | TBS | 205MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Handmaid’s Tale [S02 : E04] | වෙනත් කාන්තාවන්…(18+)

  • complete seson dennakooo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *