මෙම ප්‍රහාරය ගිලීඩයට විරුද්ධව එල්ල කල, පලමු වෙඩි මුරය බවට පත්වුවා. ඒත් ඔබත් මාත් හෑන්ඩ්මේඩ්වරියන්ගේ පාර්ශ්වය නියෝජනය කරන නිසාවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වූවා නොවේද? ඒ කෙසේ වෙතත් මෙවැනි එක් ප්‍රහාරයකින් පමනක් ගිලීඩය නැතිකරන්න බැරි බව අප සැමට මෙයින් පසක්වුවා. ප්‍රහාරය අවසානයේ ගිලීඩයේ කුරිරුකම නැවත පෙන්වමින්, මෙයට වගකිවයුත්තන් සොයා ගෙයින් ගෙයට ගොස් , ප්‍රශ්න කිරීම් සිදුවූවා. එහිදී කිසියම් හෝ සැකයක් දැනුන විගස කිසිඳු වග විභාගයකින් තොරව ඔවුන්ට දඩුවම් දීම සිදුකලා. එය ගොඩක් දුරට එල්ලා මැරීමකින් හෝ වෙඩි තැබීමකින් කෙලවර වූ බව අපට දැක ගන්නට ලැබුනා.
මෙයට පෙරමුන ගෙන ක්‍රියා කලේ කමාන්ඩර් කුශින්. ඔහු එහිදී සීමාව ඉක්මවා යන බවක් තමයි පෙනෙන්නට තිබුනේ.මෙසේ ගෙන් ගෙට යන ගමනේ ජූන් සොයා පැමිනෙන්නටත් ඔහු අමතක කරන්නේ නැහැ. මොන ජගතා ආවත් ජූන් ගෙන්ද වචනයක් ගන්නේ? එය කිසිසේත් කල නොහැකි බව කමාන්ඩර් කුශින් ත් පසුව තේරුම් ගන්නවා. ඔහු ජූන්ගේ ගෙදරින් නික්මෙන්නේ දන්න ඔක්කොම සෙල්ලම් දැමීමෙන් පසුව බව ඔයාලට මතක ඇති නේද?
මේ බෝම්බ ප්‍රහාරයේ ප්‍රවෘත්තිය සීමාවෙන් එපිට ලෝකයාටත් දැන ගන්නට ලැබෙනවා. පසුගිය කොටසේ මොයිරාගේ අතීතාවර්ජනය සමග ඇයගේ පෙම්වතිය වූ ඔඩෙට් මේ ප්‍රහාරයෙන් මිය ගිය වූවන් අතර සිටිනා වග ඇයට දැන ගන්නට ලැබෙනවා. ලුක් තවමත් ජූන්ව අපේක්ෂාවෙන් සීමාවෙන් එපිට රැදී සිටිනා අතර, කොලනියේ සිට ජෙනින්, එමිලි ඇතුලුව තවත් වහලියන් පිරිසක් ජනපදයට කැඳවනවා.ඒ බෝම්බ ප්‍රහාරයෙන් පුරප්පාඩු වූ හෑන්ඩ්මේඩ්වරියන් සඳහායි. නැවතත් ජූන්ට තම සගයින් ලැබෙන්නේ හොඳකටනම් වෙන්න බැහැ. අපි බලමු ඉස්සරහට මොනවා කරයිද මේ රජ තුන් කට්ටුව එකතු වී.
ඒ අතර වාරයේ සෙරීනා හා නික් එකතුව කමාන්ඩර් ෆ්‍රෙඩ් විසින් නිකුත් කලා මෙන්, වරෙන්තුවක් හොර රහසේ සකසනවා. එම වරෙන්තුව කමාන්ඩර් කුශින් සඳහායි.මෙයට කමාන්ඩර් වොරන්ගේත් සහය සෙරීනා ට හිමිවනවා. අවසනයේදී කුශින් ඇසෙහි අත්අඩංගුවට පත්වනවා. මේ අත්අඩංගුවට පත්වීමට හේතු පාදක වූ සාක්ෂි ගැන පැහැදීමක් තවම අපට නොමැති වුවත්, අපි බලමු මෙවර කොටසින්වත් එය නිරවුල් කරාවිද කියා.
මෙවර කතාවෙන්,
අද කතාව නැවත වරක් IMDb දර්ශකය සොලවන්නට සමත් වූවා. එනම් එහි අගය 9.3ක් දක්වා ඔසවා තබන්නට අද කතාව සමත් වෙනවා. මාතෘකාවේ අර්ථයෙන්ම එය “කාන්තාවන්ගේ රාජකාරිය” වනවා නොඅනුමානයි.
මෙතෙක් රෝගාතුරව සිටි කමාන්ඩර් ෆ්‍රෙඩ් රෝහලේ සිට නැවත ගෙදරට පැමිනෙනවා. ඉතින් සෙරිනා කමාන්ඩර්ට නොදන්වා සිදුකල රාජකාරී පිලිබඳව කමාන්ඩර් දැන ගනීද? මේ වෙනුවෙන් කමාන්ඩර්, ඇයට හා ජුන්ට සමාව දේවි ද ? මොනවද මේ කාන්තාවන්ගේ රාජකාරි?
පසුගිය සතිය අවසන් වෙනකොට මම කීවා ඔයාලට මතකද දන්නේ නැහැ , මෙතෙක් සතුරන්ව සිටි පුද්ගලයින් මිතුරන් වන බව. අද ඒ කාරනාව මනාවට දැක ගන්න ඔයාලට පුලුවන් වෙනවා. වෙලාවකට හිතෙනවා, ජූන් සෙරීනාව දැන් ප්‍රයෝජනයට ගන්නවාදෝ කියා. හැමදාම කතාව බලන එකේ ඔයාලගේ අදහස මොකක්ද ?
අද කතාව ගිලීඩයේ මෙතරම් සැහැසිකම් හමුවේ බිඳහෙලිය නොහැකි වූ, එක් උතුම් කාරනයක් උදෙසා පෙල ගැසෙනවා. විටක එය තීව්‍රය වන අතර,තවත් විටක එක හදවත් කම්පා කරමින් ආදරය උතුරා යන දසුනක් වනවා නොඅනුමානයි. බලන්න අද කතාවේ නායිකාව ජූන් නම් නෙමේ , ඒ වෙනත් කෙනෙක්. ගිහින් එන්නම්.? හැමෝටම ජය…!!! ?✌
Torrents Download
| WEBRip | x264 | TBS | 175MB |
DFA24EB45DE330961C6252C3B8548EEA9FA09778
One thought on “The Handmaid’s Tale [S02 : E08] | කාන්තාවන්ගේ රාජකාරිය…(18+)”
Link eka weda karanne nehane