MENU

The Handmaid’s Tale [S02 : E12] | පශ්චාත්තාපය…

ඉතිං කොහොමද හැමෝටම, සැප සනීපෙන් ඉන්නවා නේද ? රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන කතා සමයේ අවසන් කතාංගයට පෙර කොටසත් සමගයි අද එකතු වන්නේ. ලබන සතියේ කොටසින් සමස්ථ කතා මාලා දෙකම හකුළුවා ලිපියක් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වන නිසා අද වැඩිය කරුණු ඉදිරි පත් නොකරන්න හිතුවා. ඒ කොහොම වුනත් ඒ අවසන් ලිපියට ඔයාලගේ අදහස් එකතු කරන්නත් කැමැත්තෙන් ඉන්නවා. අපි බලමු එහෙනම් මෙතක් කල් හෑන්ඩ්මේඩ්වරියන් සමඟ රැඳී සිටි ඔයාලගේ අදහස් ටිකක් අදවත් එලියට ඒවිද කියලා.

පසුගිය කොටසින්,

ඔයාලට මතකනම් පසුගිය කොටස බෙහෙවින් සංවේදී වූ කොටසක් බවට පත්වූවා.එය කෙතරම් සංවේදී වුවාද පැවසුවොත් මෙතෙක් සමස්ථ කතා මාලා දෙකෙහිම අඩුම දෙබස් තිබුණ කොටස බව‍ට පසුගිය කොටස පත්වූවා. මවක් දරුවෙක් වදන්න කෙතරම් දහදුක් විදිනවද යන්න පපුව පලාගෙන යන තැනටම ඔයාලට දැනෙන්න ඇති කියලා හිතෙනවා. ඒ එක්කම කාලෙකට පසුව ජූන් හා ඇගේ මව හා සම්බන්ධ අතීතාවර්ජනයක් ගෙන ආවා ඔයාලට මතක්වෙනවා ඇති.

පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ ලෙසම ජුන්ට පැනයාමට අවස්ථාවක් ලැබුනත් එය තම දරුවා හා කල නොහැක්කක් බවට පත්වූවා. කෙසේ නමුත් සියලු බාධක කම්කටොළු මැද ජූන් තාම දෙවන දරුවාව පාළු මිටියාවතක, පාළු නිවහනක ,සීතල රැයක බිහිකරන්නේ කිසිවකුගේ හව්හරණක්, උදව්වක් නැතිවයි. ඇය ජුන්ට නමින් හෝලි නම් වුවා. එය තාම මෑණියන් සිහිගන්වන බවයි ඇය අපට පැවසුවේ.

ජූන් හා නික් සොයා පැමිණි කමාන්ඩර් ෆ්‍රෙඩ් හා සෙරීනා තව ඩිංගෙන් ජුන්ගෙන් වෙඩි කන්නට තිබුනත් ,එය වැලකි ගියේ තිදෙනාගේම පුරුවේ පිණට වන්නට ඇති. මා පෙර සදහන් කලා මෙන් පසුගිය සතියේ කොටසින් වැඩිමනක් වෙන්වූයේ ජූන්ගේ දරු උපත හා කාලය ගත කරන්නටයි.

අද කොටසින්,

මේක කතාව පටන්ගත්ත දා පටන්ම ප්‍රේක්‍ෂක ඔබව කුතුහලයට පත්කරමින් හැමවෙලේම ඊළඟට කුමක් වන්නේද යන්න නොදන්නා තැනට පත් කලා, ඔයාලට හොඳට හුරු ඇති දැන්. ඉතිං මේ දෙවන කතා සමයේ අවසන් අවසන් කොටසට පෙර කොටසයි. අද කතාව නැවත වෙනත් මානයකට හරවනවා කියුවොත් මම නිවැරදියි. එය ලොකු පිම්මක් වෙනවා. ඒ පිම්ම එක්කෙනෙක්ට දෙන්නෙක්ට පමණක් නොව කතාව තුල ඇති චරිත කිහිපයකගේම හැඩරුව නැවත සකසනවා,

මෙතෙක් අපි එක්ක හිටපු දෙන්නෙක් අවසන් ගමන් යන්නේ මෝඩකමටද ? නැත්නම් වයසේ වැරැද්දට ද ? කියලා, තීරණය කිරීම ඔබට භාර කරන්න කැමතියි, ඒ වගේම නව චරිත දෙකක් කතාවට එකතු වන්නේ තෙවන කතා මාලාවට අඩිතාලම දමන්නට වෙන්න ඕනි.

ඉතිං ඔයාල මොකද හිතන්නේ ජූන් තාම දරුවා වැදීමෙන්හි අනතුරුව කිනම්න් තීරණයකට පැමිනේවිද ? ආරක්ෂකයින් රැගෙන ගිය නික් හට කුමක් වේවිද? කමාන්ඩර් ෆ්‍රෙඩ් හා සෙරීනාට දරුවා සමීප කරගන්නට, කිනම් කැපකිරීමක් කරන්න වේවිද ? අද කතාවේ කුතුහලය ඔයාලට සමීප කරමින් මම නවතිනවා, එහෙනම් ගිහින් එන්නම්.? අවසන් කොටසින් හමුවන තුරු ජය…!!! ?✌

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | TBS | 160MB |

05855E32F52185A63FA27381FAF4BA77DB54C974

Direct Download

| WEBRip | x264 | TBS | 160MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *