MENU

The Handmaid’s Tale [S03 : E05]| නාදුනන ඇමතුම…

කොහොමද මිත්‍රවරුනි ,ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම තෙවන කතා මාලාවේ පස්වන කොටසත් අරගෙන මේ පැත්තට ආවා. සුපුරුදු පරිදි අදහස් දක්වන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔයාලට කතා මාලාව ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ ? පහළ ඉඩ ඕන තරම් තියෙනවා ඒකට, අවාසනාවට ඒ අවකාශය තවම හිස්.

සුපිරි බලයක්වත් , උදව්වට තවත් කණ්ඩායමක්වත් නැතිව අපේ කතා නායිකාව කරනා සටන ගැන කියන්න වචන මදියි කියලා මං හිතන්නේ. මෙවර කතා සමයේ සිදුවීම් කලින් කතා සමයන්ට වඩා වේගයෙන් ගලා යනවා කියලා ඔයාලටත් අදහසක් මේ වෙනකොට ඇති.

මේ වන විට කතාවේ අපි රැඳී ඉන්නේ පුංචි නිකෝල් හෙවත් හොලී සමගයි. පසුගිය කොටසින් ඇය බෞතිස්ම වන අතර වාරයේ, හැනාගේ බෞතිස්මයත් ගිලිඩයේ දරුවන්ගේබෞතිස්ම උත්සවයත් සමගාමිව ගලාගිය ඔබට මතක ඇති. ජෙනින්ගේ මව් සෙනෙහස නැවත වරක් දොරේ ගිය කොටසක් බවට පත් වුනා, එය සැබවින්ම සංවේදී දසුනක් වන්නට ඇති ඔබ සැමට. අපේ කතා නායිකාව හෙවත් ජූන් කමාන්ඩර් ෆ්‍රෙඩ් වත් , මිසිස්.වොටර්ෆෝඩ් වත් මෙහෙයවන හරි අපුර්ව කොටසකුත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති. ඉතිං මේ විදිහට දිගටම ජුන්ට ඔවුන්ව මෙහෙයවන්න ලැබේවිද ? සෙරීනා ෆ්‍රෙඩ් නැවත එකතු වි කුමක් කරාවිද පුංචි නිකෝල් වෙනුවෙන් ? අද කොටසේ මාතෘකාව ලෙස නාදුනන ඇමතුම කොහෙන් කොහාට ලැබේවිද ? මේ සියල්ලකටම විසදුම් සොයන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. ජය…!!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | TBS | 180MB | 

Speed4up ලින්ක් බාවිතා කිරීමට නම් ඔබට ඇඩ් බ්ලොක් ඉවත් කිරීමට (ad blocker disabled) සිදුවනු ඇත.ඩවුන්ලෝඩ් කිරීමේදී ගැටලුවත් ඇති වූවහොත් How to download from speed4up යන ස්ථානය ක්ලික් කර බලාගන්න පුළුවන්. 

Direct Download

| WEB | x264 | 480p | 130MB |

| WEB | x264 | TBS | 180MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *