සුභ දවසක් වේවා හැමදෙනාටම, මේ අරගෙන එන්නේ Haunting Of Hill House කතාමාලාවේ හතර වන කතාංගය. එහෙනම් වැඩි විස්තර නැතුව කතාවට එමු..
කලින් කතාංගය බලපු අයට මතක ඇතිනේ කතාව ඉවර වුණ විදිහ . ඒකෙදි තියෝගේ විශේෂ දක්ශතාවයක් ගැනත් අපිට දැනගන්න ලැබුණා. මේ හැකියාව පරම්පරාගත එකක් කියලා තමා ඔලිවියා නැත්තම් තියෝගේ අම්මා කියන්නේ. කොහොම වුණත් මේ දක්ශතාවය ඇත්තටම මොකද්ද , ඒකෙන් සැළසෙන වාසිය මොකද්ද කියලා බලාගන්නනම් කතා මාලාව බලන්නම වෙනවා. ඉතින් ඒ කතාවෙදි අපිට තවත් එක අමනුස්සයෙක් ගැන දැනගන්න ලැබුණා.ඒ වගේම කතාව අන්තිමේදි, කට්ටිය හිල් මන්දිරයේ හිටපු අවසාන රාත්‍රියේ සිද්ධ වුණු ව්‍යසනයත් යම් තරමකින් පෙන්නනවා..
අද කතාව පදනම් වෙන්නේ ලූක් මත . මේ හිල් මන්දිරයේ භූත දෝස එක් එක්කෙනට බලපාපු ආකාරය වෙනස් කියලා හැමෝම දන්නවනේ. ඉතින් ලූක්ට එහෙමත් නැත්තම් අවුරුදු හයක පොඩි කොළු ගැටයෙක්ට මේවා බලපෑවේ කොහොමද කියන එක මේ කතාවෙන් පෙන්නනවා. එයා තමන්ගේ ඇබ්බැහියට හේතු වුණ කාරණයත් මේකේ කියනවා. මේ කතාව තුළිනුත් අලුත් අමනුස්ස චරිතයක් හදුන්වා දෙනවා. ඇත්තටම කියනවනම් මට වැඩිපුරම බය හිතුණ චරිතේ තමා ඒක. ඒ වගේම අනිත් කතා වලටත් වඩා බය වගේම දුක හොඳින්ම දනවන කතාවක් කියලා කියන්න පුළුවන් . එහෙනම් පස්වෙනි කතාංගයත් රවිදු රුක්ශාන් අයියා අරගෙන එයි. පළවෙනි ලිපියෙන් කියන්න බැරි වුනත් කවිෂල් රසින්ත අයියත් හය වෙනි කතාංගය සඳහා උපසිරැසිය කරනවා . ඒ හැමෝටමත් ස්තූතියි . එහෙනම් ආයේ හත් වෙනි කතාංගයෙන් හමු වෙනකම් සමු ගන්නවා. ?
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEBRip | x264 | XviD | 4.7GB | Complete S01 |
Direct Download
| WEBRip| x265 | 720p |190MB | PSA | 10Bit
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)