ඔන්න එහෙනම් 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 12 වන දින නෙට්ෆ්ලික් ආයතනය මගින් නිකුත් කෙරුණු මෙම කතාමාලාව මට එකතු වෙන්න හම්බවුණා.හැමෝම වගේ දන්නවනේ ඇතිනේ මේකේ රේටින් 9.0 වගේ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම මෙය හරිම සුවිශේෂීයි මොකද මිට පෙර හොරර් කතාමාලාවකට මෙවැනි අගයක් අරගන්න සමත් වෙලා නැහැ. අනික කලින් කොටස් වල නාට්යම ගතිය වැඩියෙන් තිබිච්ච් නිසා හිතෙනවා ඇති ”ඊයා” මේක මෙලෝ රහක් නැතිව ඇති කියලා. ඒ අයට කියන්න ඕන ”ඔබ මේ මිස් කරගන්න යන්නේ හොදම කතාමලාවක් කියලයි” හැබැයි දැන් ඉදන් තමයි කතාවේ හොදම කොටස් ටික පටන්ගන්නේ.ඒවගේම කියන්න ඕන අවසානයේදී ඔබ නොසිතු දෙයක් සිද්ධ වෙන්නේ. ඒ කොහොමහරි මාව මේකට සම්බන්ධ කරගත්තු බේනුක මලයට ස්තුතිවන්ත වෙනවා.හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකො..
කලින් කොටසේදී දකින්න ඇතිනේ ලූක් ගැන සම්පුර්ණ විස්තරයක්.ඒ කොටසෙන්ම වගේ කියවුණේ ලූක්ගෙ පසුබිම ගැන.ඕන්න අද කොටසේදී දකින්න ලැබෙයි නෙලීගෙ පසුබිම ගැන.ඔයාලට පළවෙනි කොටසේදී දකින්න ඇතිනේ නෙලී කවුදෝ ගෑණු කෙනෙක්ව දැක්ක කියලා.එයාගෙ නම් බෙනට්-නෙක් ගෑණු කෙනා කියලා තමයි කියන්නේ.ඉතින් අද කොටසත් පටන්ගන්නේ එතන ඉදන් ඔයාලටම දකින්න ලැබෙයි නෙලී කුඩා කාලයේදී දකින දේවල්.ඒවගේම තමයි තරුණ අවධියේදී සිද්ධ වෙච්ච දේවල්. ඇය කසාද බදින පුත්ගලයා පවා.ඔහුගෙ නම් ආතර්.ඔහු ඇත්තටම ස්ලිප් ටෙක්නොලෝජිස්ට් කෙනෙක්.ඒ වෘත්තීය හරියටම නින්ද පිළිබද රෝගී තත්ත්වයන් වලට පිළියම් කරන වැඩක්.ඉතින් නෙලී ඇයට මේ රෑට රෑට සිද්ධ වෙන දේවල් ගැන ඔහුත් එක්ක කියනවා.හරියට බය වෙච්ච වෙලාවට විනාඩි දෙක තුනක් වගේ යනකම් අතපය හොලවන්න බැරි වෙනවා වගේ දේවල් ගැන..
තින් කොහොමහරි ආතර් මේකට පිළියමක් හොයාගන්නවා වගේම ඇය සමග ආදරෙන් පෙළෙනවා.ඇයව කසාද බදිනවා.හැබැයි ඒ හැමදෙයක්ම වගේ ටික කාලයක් තියෙන්නේ.කසාද බැදලා මාස අටකට පස්සේ ඔහුට මැරෙන්න සිද්ධ වෙනවා.ඒක ඔයාලට කොටස බැලුවම තේරුම් යයි කුමක්ද ඒ සිදු වෙන්නේ කියලා.ඉතින් කොහොමහරි ආතර් මැරුණට පස්සේ නෙලී ගත කරන්නේ බෙහෙවින්ම අමාරු කාලයක්.ඇය ලූක් හම්බවෙන්න යනවා,ඒවගේම ස්ටීව්ව,තියෝව නමුත් කිසිම කෙනෙක් ඇය ගැන හිතන්නේ නැහැයි කියලයි හිතාගෙන ඉන්නේ.ඉතින් මෙයාගෙ චිකිත්සකවරයා පවසනවා මේ හැමදෙයක්ම වෙන්නේ අර ගේ නිසා කියලා. ඔහු ඇයව පවසනවා එතනට ගිහින් මේකේ ඇත්ත නැත්ත තමන්ම හොයාගන්න කියලා.හරියට ඒක නිකන්ම නිකන් ගෙයක් විතරයි ඇති දෙයක් නැහැ වගේ දෙයක් පවසන්නේ.ඉතින් නෙලී දවසක් රෑ මේ ගෙය ඇතුළට යනවා.එවෙලේ ඔබ නෝසිතු දෙයක් තමයි සිද්ධ වෙන්නේ.ඒක කිව්වොත් එහෙම අගේ නැති වෙනවා.බලලම තේරුම් ගන්නකො එහෙනම්. ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEBRip | x264 | XviD | 4.7GB | Complete S01 |
Direct Download
| WEBRip| x265 | 720p |230MB | PSA | 10Bit
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “The Haunting Of Hill House [S01 : E05] | ඇය මමමද?”
veryyy interesting… ekak balala iwara wela anika danakan web site eka refresh kra kara inee..plss ikmanin episodes tka danna..plz plz