MENU

The Haunting Of Hill House [S01 : E07] | බිත්ති අතර සැඟවගිය රහස..

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මේ අරගෙන එන්නේ කවුරුත් දන්න විදිහට Haunting Of Hill House කතාමාලාවේ හත් වෙනි කතාංගය. ඉතින් මේ කතාංගය ගේන්න ටිකක් පරක්කු වුණා. ඒකට හේතුව පාඩම් වැඩ අස්සේ හම්බ වෙන වෙලාවක කරන්න ඕන නිසා. විභාගෙකුත් ළග ළගම එනවා නොවැ. හරි එහෙනම් අන්තිම කතාංගයේ සිද්ධ වුණ දේවල් පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ.

කලින් කතාව සම්පූර්ණයෙන්ම ගෙතෙන්නේ නෙලීගේ භූමදානයට කලින් දවසේ රෑ ක්‍රේන් පවුල නැතිනම් සදාකාලිකව ශාපලත් පවුල නැවත එකට එකතු වෙන සිදුවීම ඔස්සේයි. කොහොමත් තරහා නහරේ වැඩි ස්ටීව් උත්සහා කරනවා මේ සිදුවීමේ සියලුම වරද තාත්තගේ පිට පටවන්න. තාත්තා නෙලීට අවශ්‍ය අවධානය දුන්නේ නෑ කියලා වගේම එයාගේ ඔළුව තේරුමක් නැති බහු භූත වලින් පුරවලා එයාට සියදිවි නසාගන්න සැළැස්වුවා කියලා ස්ටීව් තාත්තට බොහොම නරක විදිහට දොස් කියනවා . ඉතින් කතාව අන්තිමේදි අපිට දකින්න ලැබෙනවා නෙලී හැමෝටම නොපෙනී එයාලා ළගටම වෙලා ඉන්න හැටි.

ඉතින් අද කතාවේ ටිකක් වැඩිපුර අතීත කතාව ගැන කියනවා. කලින් කතාංගයේ මතක ඇතිනේ ඇති වුණ දරුණු කුණාටුව. ඉතින් ඒකේ ප්‍රතිපල වෙන්නේ ගෙදර හැම තැනම කැඩුණු බිදුණු දේවල් තාත්තට නැත්නම් හියුට නැවත පිළිසකර කරන්න වීම. ඒත් බොහොම අමුතු විදිහට හිල් මන්දිරයේ තට්ටු තුනක් පහළට බිත්ති වලට වතුර කාන්දු වීමක් දකින්න ලැබෙනවා. ඉතින් මේ අළුත්වැඩියා කටයුතු සිද්ධ කරද්දි හියුට නැත්නම් මෙයාලගේ තාත්තට බිම් මහලේ බිත්ති අතරේ හැංගිලා තියන රහසක් හොයාගන්න ලැබෙනවා. ඒ වගේම අද කතාව ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් එක්ක. එහෙනම් ඉක්මනටම අනිත් කතාව ගේන්න උත්සහ කරන්නම්. එතකන් සමුගන්නවා.

  Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | XviD | 4.7GB | Complete S01 |

Direct Download

| WEBRip| x265 | 720p |240MB | PSA | 10Bit

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *