MENU

The Humanity Bureau (2017) | මිහිතලයේ ඉරණම මෙයද..?

ආයුබෝවන්! අද බයිස්කෝප් අඩවියට ගොඩ වුනේ 2017 තිරගත විච්ච ක්‍රියාදාම චිත්‍රපටියක් අරගෙන. සමීර අයියා දෙපාරක්ම කිව්ව හින්දා මම විභාග අස්සෙ නිවාඩුවක් ලැබුන ගමන්ම පුළුවන් තරම් ඉක්මනටම සබ් එක දැම්මේ ඒ හින්දම තමයි. හැබැයි ටිකක් කල් ගියාද මන්දා..

චිත්‍රපටය ගැන කියනවානම් මේක 2017 තිරගත කරලා තියෙන්නේ. අයත් වෙන්නේ Action, Sci-Fi ඝනයට. මේක කැනේඩියානු චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඇමරිකානු ජාතික Rob W. King විසින්. මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ මනාප 5,484 සමගින් රේටින්ග්ස් 6.4/10 ලබාගෙන තියනවා. මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ අපි කවුරුත් දන්න ඇමරිකානු නළු නිකලස් කේජ් (Nicolas Cage) විසින්.

කතාව ගැන කියනවා නම් මේකෙන් කියවෙන්නේ 2033 ලෝකේ මුහුණ දෙන්න වෙන ප්‍රධාන ප්‍රශ්නයක් ගැන. ඒ දිගින් දිගටම වෙන පරිසර හානිය හින්දා ලෝකේ ආහාර නිෂ්පාදනය නවතිනවා, ඒ පොලවේ වගාකරන්න බැරි හින්දා. ඒ හින්දා ලෝකෙම ආර්ථික පරිහානියක් සිද්ද වෙනවා. ඒ වගේම ස්වභාවික විපත්, යුද්ධ වගේ නොයෙක් අපල උපද්‍රව වගේ දේවල් ඇති වෙනවා. අන්තිමේට රජයට සිද්ද වෙනවා මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න එක ආයතනයකට පවරන්න. ඒ ආයතනයේ නම තමයි The Humanity Bureau නැත්තන් මානුෂිය කාර්යාංශය කියන්නේ. ඉතින් මේ ආයතනය මොකක්ද? ඒකට මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් වෙයිද? ඔයාලම බලලා කියන්නකෝ….

නැවත හමුවෙමු. ඔබට ජය!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 920MB |

B0B407A000A62B21F3E151BB244DEEEF9859878C

Direct Download

| Bluray | x264 | 720p | 920MB | 

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Humanity Bureau (2017) | මිහිතලයේ ඉරණම මෙයද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *