MENU

The Innocents [S01 : E06] | කාව විශ්වාස කරම්දෝ??

ඔන්න මටත් මේ කතා මාලාවට කරගහන්න සිද්ධ වුණා. වැඩිය කට්ටිය බලන පාටක් නම් පේන්න නෑ. දිගටම බලන අය එහෙනම් අද කොටස එක්කත් එකතු වෙන්නකෝ. පහුගිය කොටස මතක් කරලා ඉන්නම් එහෙනම්.

ජූන් සහ හැරී ගිහින් හොස්ටල් එකක නතර වෙනවනේ. ජූන් එහෙ ඉන්න අය එක්ක මුහු වෙන්න හදනවා. ඔය අතරේ ජූන් දකිනවා වෙබ් සයිට් එකක එයා ඉන්න වීඩියෝ එකක් දාලා තියෙනවා. මේක දැකලා එයා හොඳටම බය වෙනවා. ඒත් ඒ වීඩියෝ එකට කවුදෝ කමෙන්ට් එකක් දාලා තිබ්බා, මට ඔයාට උදව් කරන්න පුළුවන්ය කියලා. ඒ ඔස්සේ මෙයා ගිහින් හම්බෙච්ච කෙනාව මතක ඇතිනේ, ජූන් වගේම පෙනුම වෙනස් කරගන්න පුළුවන් කෙල්ලෙක්, කැම්. ජූන් සහ හැරී කැම් එක්ක නතර වෙන්න තීරණය කරපු එකත් මතක ඇතිනේ. ඔය අතර හැල්වර්සන් යනවා ජූන්ව හොයන් එන්න. රූනා එයා යන එකට ටිකක් අපහසුවෙන් හිටියේ, මොකද එයා පලවෙනි වතාවට පෙනුම වෙනස් කරේ මීට ටික දවසකට කලින් හින්දා. රූනාගේ මේ තත්වය නිසා සිග්‍රිඩ් තීරණය කරා තව ටික දවසක් ශුද්ධස්තානයේ නවතිනවා කියලා. ඔය අතරෙ ජූන්ට එලේනා එක්ක කතා කරන්නත් අවස්තාවක් හම්බුනානේ.

ඔය අතරෙ ක්‍රිස්ටීන් ඉස්පිරිතාලේ සීසීටීවී දර්ශන බල බල ඉද්දි දකිනවා ඩෙබෝරා කියන හෙදියගේ වෙස් අරන් හිටියේ ජූන් කියල. එයා පරණ කඳුකරේ සිද්ධියේ සීසීටීවී දර්ශනත් බලලා ජූන්එගේ අම්මා එලේනාමයි එතන ඉන්නේ කියල තහවුරු කරගන්නවා. ඒ අස්සෙම ගිහින් එයා එලේනගේ හස්බන්ඩව හම්බෙලා මේක ගැන කිව්වට එයා නෙමේ විශ්වාස කරේ. ඔය අතරේ ජූන්, හැරී, කැම් සහ එයාගේ කොල්ලා යනවා සෙක්ස් බාර් එකකට. එකේදී කොල්ලෝ දෙන්නට ඉන්න කියලා කෙල්ලෝ දෙන්නා තනි කාමරේකට යනවා බාර්ඩා එකේ ඩාන්ස් දාන කොල්ලෙක් එක්කලා. කැම් ජූන්ට බල කරනවා ඒ කොල්ලව අල්ලලා බලන්න කියලා. එතකොටම හැරී ඇවිදින් ඔය කොල්ලට නෙලනවනේ. ඊට පස්සේ තරහෙන්ම බාර් එකෙන් යනවා. පහුවදා උදේ ජූන් ඇහැරෙද්දි හැරී එයාට එහායින් නිදාගෙන හිටියේ. හැරී පොඩි වැඩකට මුලපුරන්න ලෑස්ති වෙද්දී කන්නාඩියෙන් ජූන් දකිනවා ඒ ඉන්නේ හැරී නෙමේ කැම් විත්තිය. කැම්ව තල්ලු කරලා ජූන් හැරීව හොයන් යද්දී කොල්ල කබඩ් එකක් ඇතුලේ සිහි නැතුව හිටියා. මුළු සීන් එක ගැනම කැම්ගේ කොල්ලා නම් හිටියේ අසතුටෙන්.
අද කොටසින් හැරී සහ ජූන් තීරණය කරා ඉක්මනට කැම්ගේ ගෙදරින් යන්න. ඔය යන අතරේදී ජූන් කියනවා එයාට හැල්වර්සන් කෝල් කරපු විත්තිය. ඉස්සරහට වෙන්න යන දේ එක්ක ජූන් හැරීට කියනවා එයාව දාලා යන්න කියලා. මොනා වෙයිද කියලා කතාව අරන්ම බලන්න. ගිහින් එන්නම්.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 480p | 1.1GB | Complete S01 |

 Direct Download

| WEB-DL | x264 | 480p | 140MB |

| WEB-DL | x265 | 720p | 185MB |

| WEB-DL | x264 | 480p | 1.1GB | Complete S01 |

| WEB-DL | x265 | 720p | 1.6GB | Complete S01 |

| WEB-DL | x265 | 720p | 10Bit | 1.7GB | Complete S01 |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *