MENU

The Invisible Man (1933) | අදෘශ්‍යමාන මිනිසා…

ඔන්න මේ පාර අරගෙන එන්නෙ ටිකක් අමුතුම ජාතියෙ චිත්‍රපටයක්. ඇත්තම කියනවා මේක 1933 තිරගත වෙච්ච චිත්‍රපටයක්. මං හිතනවා පැරණි චිත්‍රපට වලට කැමති උදවිය ඇතියි කියලා. මෙයට IMDb අගය 7.7 ක් ද කුණු තක්කාලි අගය 100% ක් වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Comedy l Horror l Sci-Fi කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය අධ්‍යක්ෂණය කරන්නෙ James Whale විසින්ය. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

මේ ඔක්කොම පටන්ගන්නෙ ජැක් තමන්ගෙ ශරීරය අදෘශ්‍යමාන කිරීමේ බෙහෙතක් හොයාගත්තම. මොහු තනියෙම වගේ පර්යේෂණ කටයුතු කරමින් මෙය සොයාගන්නවා. තමන්ගෙ සහකාරයටත් නොකියාම. පස්සෙ මොහු එය පරික්ෂා කරනවා තමන්ට එන්නත් කරගනිමින්. ඒවගේම මොහුට එය නැවත හරිගස්සන්න බෙහෙතක් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මොහු පැනල යනවා වෙන පොඩි ගම්මානයකට. මොකද මේක රහසිගත දෙයක් නිසා. ඔන්න එතැනදී හැමදෙයක්ම වෙනස් වෙනවා. හෝටලේ වැඩ කරන කෙනා මොහුගෙ ස්වරුපය දකිනවා. පස්සෙ මොහු පොලිසීයෙ කට්ටියට කතා කරනවා. ඒවගේම තමයි ජැක් අදෘශ්‍යමාන උනාට පස්සෙ ගොඩක් බිහිසුණු කෙනෙක් බවට පත්වෙනවා. කවදාවත් හිංසා නොකරපු මොහු මිණිමරන්න පටන්ගන්නවා. මිනිස්සුන්ට කරදර කරන්න ගන්නවා. ඉතින් කොහොමහරි මිනිස්සුන්ට මෙය කරදරයක්. ඒවගේම තමයි බියෙන් ජිවත් වෙන්නෙ. නමුත් පොලිසීයෙ කට්ටිය මෙය මුලදී විශ්වාස කරන්නෙ නැහැ. ඔහුට සමච්චල් කරනවා. ඉන්පසුව වියරු වැටුණු ජැක් පොලිස් නිලධාරියාව මරණවා. එතනින් පස්සෙ දේවල් තවත් දරුණු වෙනවා. අදෘශ්‍යමාන මිනිසා ගැන හැමෝම වගේ දැනගන්නවා. ඉතින් මෙයාලට ඔහුව අල්ලගන්න පුළුවන් වෙයිද? කාටවත්ම නොපෙනෙන කෙනෙක්ව? උමතුවෙන් මිනී මරණ කෙනෙක්ව? එහෙනම් බලන්නකෝ.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 960MB |

| Bluray | x264 | 1080p | 890MB |

Direct Download

| Bluray | x264 | 1080p | 890MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *