MENU

The Legend of Bruce Lee (2008) AKA Li Xiao Long chuan qi | බෘස්ලී පුරාවෘතය

ඔන්න යාලුවනේ මං අද ගෙනාවේ අපි හැමොම දන්න බෘස් ලීගේ ජිවිත කතාව දැක්වෙන the legend of bruce lee කියන ෆිලුම.මේක 2008 ටිවි සීරිස් එකක් විදිහට ඇවිත් 2010දි ෆිල්ම් එකක් විදිහට රිලීස් කරා.මේ ෆිලුම සබ් දාන්න හුගක් කල් ගත්තා.බයිස්කෝප් ඇඩ්මින් අයියලාට ස්තුතියි මෙච්චර කල් බලං හිටියට. ෆිලුම විනාඩි 183ක් ඒ කියන්නෙ පැය 3ක් තියෙනව. ඒක හින්දා විඩියෝ පිටපත ලොකු mb ගානක් ඇති.මේකෙ බෘස් ලීට රගපාන්නෙ danny chan කියලා චින නලුවෙක්…ආයේ බෘස්ලී වගෙමයි.ඒ හින්දා ෆිලුම තාත්වික ගතියක් තියෙනවා.මාර emotional ෆිලුමක් මට නම්..ෆිල්ම් එක ගැහුවේ චීනෙන්.අපි ඇත්තටම බෘස්ලීව දන්නෙ එයාගේ ෆිල්ම් වලින්..අපි දන්නෙ එයා විශිෂ්ඨ සටන් නලුවෙක් විදිහට.මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ ඔයගොල්ලො වෙනදටත් වඩා බෘස්ලීව අගය කරාවි..එයාගේ ජිවිතය දැනගත්තට පස්සෙ පුදුම වේවි…

බෘස්ලී කියන්නෙ හොන්කොන් වල ඉපදුනු කෙනෙක්…එයා මාස්ටර් යිප්මාන්ගෙන් තමයි වින්ග්චූන් කුන්ංෆු ඉගෙන ගෙන තියෙන්නෙ..යිප් මාන් ගැන ඔයගොල්ලො ip man චිත්‍රපට මාලාව නරඹලා දැනගන්න ඇතිනේ..ඉතින් බෘස් ලී ඇමෙරිකාවට ආපු එක නිසා තමා එයාගේ ජිවිතය හුගක් වෙනස් වුනේ..මොකද කිව්වොත් හොන්කොන් වගේ නෙමෙයි ඇමෙරිකාව නිදහස් රටක්.සම්ප්‍රදාය කඩාගෙන නව ආරයක් බිහිකළ කෙනෙක් තමයි බෘස් ලී.ඔයගොල්ලො නොදන්නවා ඇති කුන්ංෆු අද අපි ඉගෙනගන්නෙ බෘස්ලී හින්ද..මොකද එයා තමයි ඉස්සෙල්ලම විදේශිකයන්ට කුන්ංෆු සටන්ක්‍රම උගන්වන්න පටන් ගත්තෙ.ඒ වගෙම බෘස් ලීට තිබ්බ සටන් කලා දැක්ම නිසා මුලු සටන් සක්වලම කනපිට පෙරලුනා.ඒ කාලේ සටන් ශෛලින් වලින් ප්‍රයොගිකව සටන් කරන්න බැහැ කියලා පෙන්නා දුන්න.බෘස්ලී ඒ කාලේ ජනප්‍රිය සටන්කරුවන්ට අභියෝග කරා ඒ සටන්කරුවන්ගේ ක්‍රමෝපායන් හොයන්න. ජුජිත්සු,වින්ග්චූන්,බොක්සිං,මුයිතායි,ටයිකොන්ඩෝ වැනි හුගාක් සටන් ක්‍රම හොයල බලල ජිට්කුන්ඩො නිර්මාණය කලෙ.බෘස්ලී තමන්ගේ දැනුම ආශ්‍රයෙන් පොතක් ලිව්වා.ඒක දැනටත් හුගක් සටන්පාසල් වල අත්පොතක් විදිහට පාවිච්චි කරනවා.ඒක තමයි tao of jeetkunedo කියන්නෙ.ඒක ඔයගොල්ලන්ට ඔනෙ නම් ගුගල් එකෙ පොඩි සර්ච් එකක් දාලා pdf ෆයිල් එක නොමිලෙ ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්.ඒ වගෙම mixed martial arts ඇතිවෙන්න සංකල්ප ඇතිවුණේත් බෘස්ලී හින්දා.ඒත් තවමත් බෘස්ලීගේ මරනය අභිරහසක්.විවිධ මත නම් බිහිවෙලා තියෙනවා.බෘස්ලීගෙන් පස්සෙ එයාගෙ පුතා බ්‍රැන්ඩන් ලී රගපාන්න කරලියට ආවා.ඒත් අවාසනාවන්ත ලෙස එයා මරල දැම්මා.බෘස් ලි අද හිටියා සටන් ලොකය කොයි අතට යන්න තිබ්බද කියලා හිතාගන්නවත් බෑ. .

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 

Direct Download

| DVDRip | x264 | 480p | 808MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Legend of Bruce Lee (2008) AKA Li Xiao Long chuan qi | බෘස්ලී පුරාවෘතය

  • Bro meka 2giga.link ekata upload karala denna berida?
    openload slow bro…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *