MENU

The Originals [S04 : E04] | හොලොව්..

කෝල්, ෆ්‍රේයා වගේම එලයිජාට ඕනේ වුණේ මේ අය ඉන්න තැනින් වෙනින් හුගක් දුර තැනකට යන්නයි. නමුත් ක්ලවුස්ට ඕනේ වුණේ එයාගේ පුංචි දුව හෝප් එක්ක දවසක් ගත කරලා එහෙන් යන්නයි. හෝප් මුලින් කට්ටියව දැකලා බය වුණා. විශේෂයෙන්ම ක්ලවුස්ව දැකලා. කොහොම හරි ක්ලවුස් හෝප්ව යාළු කරගෙන හොද දවසක් ගත කලා. මේ අතරේ වින්සන්ට් එයාගේ බිරිද එක්ක ගත කරපු ඔරිජින් කතාවකුත් වගේම සිද්දීන් ගණනාවක් පෙන්නුවා. ඒ දවස්වල නගරය අත්පත් කරන් හිටිය මාසෙල්ට විරුද්ධව පාවිච්චි කරන්න මේ අය අදුරු බලවේග පාවිච්චි කරන්න උත්සහ කරලා තියෙනවා. නමුත් ඒවා නරක අතට හැරිලා ප්‍රතිවිපාක හැටියට එයාට එයාගේ බිරිදව නැති වෙලා තියෙනවා ඩීමන් කෙනෙක් ආවේශ වෙලා. දැන් මේ නපුරම තමයි ආයේ ඇවිත් ළමයින්ව බිලිගන්නේ. කොහොමහරි මේවා කරපු කෙනාව නම් හොයාගෙන විනාශ කලා. නමුත් ඒ මනුස්සයා කිව්වා ඒ නපුර තාමත් තියෙනවා කියලා. මේ පාර ඒ නපුර පෝෂණය කරන්න බිලිදෙන්න හැදුව ළමයි පස්දෙනාගෙන් එක්කෙනෙක් තමයි හෝප් කියන්නෙත්. හෝප්ගෙන් මේක අයින් කරන්න වින්සන්ට්ට පුළුවන්. මේ නිසාම මාසෙල්ගේ අවසරය ඇතුව හෝප්ව ආයෙමත් නිව් ඔර්ලින්ස් වලට ගෙන්නන්න හදන්නේ.

අද කොටසෙදි දැනගන්න පුළුවන් අර නිල්පාට එලිය මොකක්ද කියලා? ඇත්තටම ඒක ආත්මයක් කියලා මේකේ සදහන් කරන්නේ. නම හොලොව්. මං මේකේ තේරුම දාලත් ආයේ හැම තැනම “හොලොව්” කියලම තිබ්බා. මොකද ඒක නිකන් ආත්මයක නමක් නිසා. මෙතනට අනුව නම් “බඩගින්න” කියලා ගන්න පුළුවන්. මොකද මේ ආත්මය කරන්නේ පෝෂණය වෙලා ශක්තිමත් වෙන එකනේ. හෝප්ව එක්කගෙන ක්ලවුස්, එලයිජා වගේම හෙයිලි එනවා. හෝප්ව බේරගන්න පුළුවන් වෙයිද? එතකොට අර අනික් ළමයි ටික කීනි කාරයා මොනවා කරන්න ඇතිද? මේ ඔක්කෝටම උත්තර මේ කොටසෙදි බලාගන්න පුළුවන්. අද නම් සුපිරිම සුපිරි කොටසක් හරිය යන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 163MB |    

3d5b7e1567316be4a20ce126f06da14e4f268867

| HDTV | x264 | SVA | 241MB |    

535716ef2271f8e4b973d6f9352676c8c9103f26

| HDTV | x264 | 720p | 1GB |    

845fcc17f59622fd5323308abe389f4309335194

| HDTV | x265 | 720p | 187MB |    

50d2076049b31f684fb9f7cf499f28242dfcdedf

Direct Download

| HDTV | x264 | 480p | 106MB |            

| HDTV | x264 | SVA | 241MB |          

| HDTV | x264 | 720p | 1GB |            

| HDTV | x265 | 720p | 135MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *