MENU

The Originals [S05 : E02] | හැමදේකටම මුල ඇයයි..

හොදයි එහෙනම් ඔරිජිනල්ස් අවසාන කතාසමයේ දෙවැනි කොටස තමයි මේ අරන් එන්නේ. කොහොමද පහුගිය සතියේ ආරම්භය හොදද? කියන්න නම් වැඩි දෙයක් නැහැ මොකද කතාවේ වැඩිහරියක්ම පාදක වෙලා තිබුනේ හෝප් සම්බන්ධයෙන්. පොඩ්ඩක් මතක් කරන් ඉම්මුකො. කතාව ආරම්භ වුණේ වසර හතකට පසු. ඒ කියන්නේ හෝප්ච බේරගන්න එයාගේ පවුලේ අය හොලොව්ගේ ඇටකටු ටික වෙන වෙනම අරගෙන ගිය සිද්දිය. කතාව පටන් ගත්තෙම ක්ලවුස්ගේ උමතු වැඩකින්. ක්ලවුස් උමතු වැටිලද? නැහැ එයා කරන්නෙ එයාගේ අයියාගේ ඒ කිව්වේ එලයිජාගේ හතුරන් විනාශ කරලා දාන එක. මොකද එලයිජා දැන් ඉන්න තත්වය අනුව එයා ලගට කවුරු ඇවිල්ලා මොන දේ කලත් එයා දන්නේ නැහැ. මේ බව දැනගන්න ලැබුනෙත් කැරොලයින් ක්ලවුස්ව හොයාගෙන ආව නිසා. ඒකත් රෙබෙකාගේ කීමට. ඒ විතරක් නෙවෙයි තමන්ගේ අයියව නොදැක ඉන්න බැරි හන්දා එයා මුණගැහෙන්නත් ගිහින් හොලොව්ව පොඩ්ඩක් ඇවිස්සුවා. ඒකෙන් වෙච්ච බලපෑම මොන වගේද කියලා මං හිතන්නේ ඔයාලට වැටහෙන්න ඇති. හැමදේම ලේ වෙලා වැගිරෙන්න ගත්ත හැටි.

ඒවගේම තමයි පුංචි හෝප් දැන් ලොකු වෙලා තරුණ අවධියේ පසුවෙන කෙනෙක් වෙලා. එයාව පුංචි කාලේදී එලාරික්ට ගෙනත් බාර දුන්නා මතකනේ. එයාව දැම්මේ සැල්වටෝර්ලා දෙන්නා (ස්ටෙෆාන් හා ඩේමන්) සිහිවෙන්න එලාරික් වගේම කැරොලයින් පසුකාලීනව නිර්මාණය කරපු ඉස්කෝලයට. ඔය ඉස්කෝලේ තමයි සැල්වටෝර්ලාගේ ගෙදර වෙලා තිබුනේ. නමුත් ඒ දෙන්නගේ මිය යාමත් එක්ක තමයි ඒක පසුකාලිනව ඉස්කෝලයක් වුණේ. ඉතින් හෝප් මේ ඉස්කෝලේදී නරක වැඩක් කරනවා. ඒ තමයි එයාගේ ලේ තවත් ඒ පාසලේ ඉන්න කෙනෙක්ට දීලා හයිබ්‍රිඩ් කෙනෙක් කරන එක. මේ නිසාම එයාව ඉස්කෝලෙන් ටික දවසකට තහනමක් පැනවෙනවා. මෙයා ලී දීපු කොල්ලා දැන් ලෝකේ ඉන්න හයිබ්‍රිඩ්ලාගෙන් කෙනෙක්. මේ නිසාම නිව් ඔර්ලින්ස්වල ඉන්න වැම්පයර්ලා බයවෙලා විතරක් නෙවෙයි එයාට වෙනස්කම් කරපු එයාගේ වෘක රැලේ අයත් එයාව මගහරින්න අරන්. හැමෝම එයාව දකින්නේ තර්ජනයක් හැටියට. මොකද අර ක්ලබ් එකේ වැඩ කරපු පොපීවත් මරලා ලේ බිව්වා. මේ ප්‍රශ්ණ වලට මැදිහත් වෙලා විසදන්න පුලුවන්කම හෙයිලිට ලැබුනත් කෝල් එකක් ගන්න ගිය වෙලාවේදී එයාට පහර දීමක් එල්ල වෙනවා. තේරුණ හැටියට නම් ඒ පහර දීම වුණේ මායාකාරයෙක්ගේ අතින්.

අද කොටස තුලින් බලාගන්න පුලුවන් වේවි ක්ලවුස්ගේ නැවතත් නිව් ඔර්ලින්ස් වලට ඇවිල්ලා හෙයිලිව හොයන්න මහන්සි වෙන හැටි. එතකොට හෝප්ට එයාගේ තාත්තාව දකින්න තියෙන වුවමනාව මොන තරම් ප්‍රබලද කියලා. ඒවගේම තමයි හෙයිලි අතුරුදහන් වීමට වගකිවයුත්තා ලගම හිටිය කෙනෙක් කියලා. කතාව නම් මෙදාපාර තේරුම් ගන්න අමාරුයි මොකද මේ අය ආයෙමත් අදුරටම තමයි යන්න හදන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් හමුවෙමු. ජයෙන් ජය!!

 Torrents Download

| HDTV | x264 | SVA | 205MB |

064CA7FC5549F0A54C852C216799BCE2D8AB4AC3

Direct Download

| HDTV | x264 | 480p | 140MB |

 

| HDTV | x265 | 720p | 175MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Originals [S05 : E02] | හැමදේකටම මුල ඇයයි..

  • the musketeers tn series eka denna puluwanda plzzz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *