MENU

The Originals [S05 : E04] | පරණ හතුරන් හා නැවතත් පාලනය අත්පත් කරගැනීම…

කලින් කොටස වෙන් වෙලා තිබ්බෙම එලයිජා වෙනුවෙන්. හෝප්ව බේරගන්න කැප කිරීම කලාට පස්සේ එයාමයි මාසෙල් ලවා එයාගේ මතකේ අමතක කරලා දැම්මේ. ඒත් මේ කිසිම දෙයක් මතක නැතුව කොටින්ම තමන් වැම්පයර් කෙනෙක්වත් කියලා මතක නැතුව එදා මාසෙල් ලවා මතකේ අමතක කරලා දැම්මට පස්සේ එලයිජා නැගිටින්නේ බස් එකක ඉදලා. එතනින් නැගිටින එයාට ලොකු බඩගින්නක් ඇතිවෙනවා. මොන දේ කෑවත් අන්තිමට මනුස්සයෙක්ව දැකලා ලේ පිපාසය ඇති වෙලා පස්සේ ඒ හිටිය මනුස්සයාගෙන් ලේ බිලා තව තවත් අයගේ ලේ බොන්න පටන් අරන් තිබුණේ. එතකොට තමයි එයාට ගෑනු කෙනෙක්ව මුණගැහෙන්නේ ඇන්ටොනෙට් කියලා. පස්සේ මේ දෙන්නා හුගක් සුහද වෙලා ආදරේ කරනත් පටන් ගන්නවා. මේ කාලෙදි තමයි එලයිජා එයාවත් නොදැනීම නිව් යෝ(ර්)ක් වලට ගිහින් ඉද්දි එයාට මාසෙල්ව මුණගැහුණේ. පස්සේ මාසෙල් හැමදේම වගේ එලයිජට කියලා දීලා එයාව හරවලා යැව්වා. බාර් එකේ සිංදු කිය කියා සතුටින් කාලය ගත කරපු එලයිජාව ගෙදර එක්කන් යන්න ක්ලවුස් එන්නේ. ඒත් ඒ ඉල්ලීමයි ක්ලවුස්වයි අහක දාලා එලයිජා ඇන්ටොනෙට් එක්ක ගියෙ. අන්තිමට එලයිජාට ඕන වුණේ එයාගේ ඩේලයිට් මුදුව ගලවලා දාලා හිරු එලියට නිරාවරණය වෙන්න. අමුතුවෙන් කියන්න ඕන නැහැනේ එයා මැරෙන්නේ නැහැ කියලා. නමුත් මමනම් හිතන්නේ එයා එතැනදී කලේ අවුරුදු දහස් ගානක් පුරාවටම පවුල ගැනම බලන්න ඕන කිය කියා පවුලේ හැම ප්‍රශ්නයකදීම හිටිය එලයිජා මයිකල්සන් කියන පුද්ගලයාව පැත්තකට කරපු එක. මොකද මාසෙල් එයාට කිව්වා එයා ඒ කලේ හොද දෙයක් වගේම ඈත් වෙලා ඉන්න කියලා.

අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් වේවි හෙයිලිව පැහැරගෙන ගිය අය මොන විදිහේ සෙල්ලමක්ද කරන්නෙ කියලා. තමන්ගේ දුවට අම්මව ගෙනත් දෙනවා කියලා පොරොන්දු වුන ක්ලවුස් නිව් ඔර්ලින්ස් නගරේ උඩු යටිකුරු කරන්න පටන් අරන්. මේ නිසාම වැම්පයර්ලා, වෘකයින් වගේම මායාකාරයින් භේද වෙන විදිහේ වැඩක් තමයි ඉස්සරහට වෙන්නේ. අද කොටසෙ අන්තිමට තමයි ක්ලවුස්ට දැනගන්න ලැබෙන්නේ හෙයිලිව පැහැරගෙන ගිහින් තියෙන්නේ එයාගේ පරණ හතුරෙක් කියලා. කවුරු වෙන්න පුලුවන්ද? හොදට මතකතියආගෙන බලන්න මොකද මේ තමයි අවසන් කතාසමයේ අවසන් කොටස් දහයේ පටන්ගැන්ම.

එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් හමුවෙමු. ජයෙන් ජය!!

 Torrents Download

| HDTV | x264 | SVA | 219MB |

79C6AFF314D612178953D0C6F326E5CD1531E4A7

Direct Download

| HDTV | x264 | 480p | 150MB |

 

| HDTV | x265 | 720p | 180MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *