MENU

The Originals [S05 : E11]| විවාහය..

පෙර කොටසින්

හෝප්ගේ වියරුව පාලනය කරන්න ඕන නිසා ක්ලවුස් හිතුවේ එයාට හෝප්ගේ තරහව ක්ලවුස්ගේ පිටින් යන විදිහට පහර දුන්නම හරියාවි කියලා. නමුත් එහෙම වුණේ නැහැ මොකද හෝප් වෛර කලේ ක්ලවුස්ට නෙවේ රෝමන්ට නිසා. මේ නිසාම රෝමන්ව හංගලා තිබුණු තැනින් ක්ලවුස් එයාව පැහැරගෙන ඇවිත් හෝප්ට බාර දුන්නා නම් ඇති තරම් වද දීලා මරලා දාන්න කියලා. එහෙම බාර දුන්නත් එයාට බැරි උනා රෝමන්ව මරලා දාන්න. මොකද මොන තරම් නපුරක් ඇග ඇතුලේ තිබුනත් හෝප් කියන්නේ එයාගේ අම්මා වගේම හොද කෙනෙක්. ඒ නිසයි ක්ලවුස් කිව්වේ ඒ විදිහේ පිහිටීමක් හෝප්ට ලැබුනේ එයාගේ පවුලේ පැත්තෙන් නම් නෙවෙයි කියලා.

මේ අතරේ වස වීමට ලක් වුනු මායාකාරයො ටික ආයෙමත් ඇහැරලා. නිකන්ම නිකන් නෙවෙයි ඇමේට්ගේ වැම්පයර් ලේ වලින්. මරණයෙන් ඇහැරුණු අයට විකල්ප දෙකයි තිබුනේ, එක්කෝ ලේ බිලා පෝෂණය වෙනවා එහෙම නැත්තම් මැරිලම යනවා. මායාකාරයො කියන්නේ කොච්චර උනත් හොද තැනක් තියන් ඉන්න කොටාශයක්. මේ නිසාමයි අයිවී එහෙම තීරණය කලේ මැරිලා යන්න. අනික් පැත්ත ගැන කතා කරනවානම් ඇමේට් අතහැරලා දාපු ගොඩනැගිල්ලක ලොකු වැඩ වගයක් ලැස්ති කර කරයි ඉදලා තියෙන්නේ මාසෙල් එතනට යද්දී. කොහොම කොහොමින් හරි මාසෙල්වත් අල්ලගෙන එයා මාසෙල්ගේ වේනම් එහෙම නැත්තම් විෂ අරගෙන ගිහින් ඔරිජිනල්ස් පරම්පරාව මරලා දාන්නයි හැදුවේ. මාසෙල්ගේ විෂ ටික අරගෙන ඒ වැඩේට බැස්ස එමෙට් වගේම එයාගේ කට්ටිය ගියාට පස්සෙ ජෝෂ් එතනට ගියා මාසෙල් කරදරේක වැටිලා ඉන්නවනම් උදව් කරන පරමාර්ථයෙන්. මාසෙල්ව නම් බේරගන්න එයාට හැකියාව ලැබුනත් ඒ වෙලාවේදී එතන ඇති වෙච්ච සටනෙදි එමෙට්ගේ පැත්තේ වැම්පයර් කෙනෙක් ජෝෂ්ට ඇනපු විෂ සහිත සිරින්ජරයෙ තිබුණු විෂ ජෝෂ්ගේ ඇගට ගිහින් එයා එතනම මැරිලා ගියා.

හෝප්ගේ ඇග ඇතුලේ තියෙන හොලොව් එලියට පිට කරලා නිදහස් කරලා දාන්න ඕන නිසාත්, එයාගේ තරහ පිට කරන්න ඕන නිසාත් එලයිජා ඇන්ටොනෙට් එක්ක ගහපු උගුලට එමෙට්ගේ කට්ටිය එක්කන් ඇබිත් වට කරලා හෝප් එයාගේ තරහව පිට කරලා එතන හිටිය හැම වැම්පයර් කෙනෙක්වම මරලා දැම්මා. එතැනදී උඩ තට්ටුවේ හිටිය ඩේක්ලන් වගේම තවත් මනුස්සයෙක්ටත් හෝප් තරහ පිට කරන්න පාවිච්චි කරපු විදිහ නිසා ලොකු හානියක් වෙලා තිබුනේ. ඩේක්ලන්ව නම් මං හිතන්නේ ක්ලවුස් එයාගේ ලේ දීලා බේරගෙනද කොහෙද ඒත් අර බිල් කියන වයසක මනුස්සයා මැරිලා ගිහින්. ඒ කියන්නේ හෝප් එයාගේ වෙයවුල්ෆ් පැතිකඩ මතුකරගත්තා හා සමාන වෙන දෙයක්.

අද කොටසින්

අමුතුවෙන් කියන්න දෙයක් නම් නැහැ මොකද අද කොටසත් ආදරය වගේම දුකෙන් පිරුණු හරිම සංවේදී කොටසක්. කොච්චරවත් මතක තිබුණේ නැහැ කියන කෙනෙක්ව මිට කලින් මතකේ තියාගෙන දුක් වේවි පසුතැවෙන කෙනෙකුයි, නිතරම වගේ පවුල වෙනුවෙන් හිටිය කෙනෙක් එක මොහොතකට හරි කරදර, දුක්ගැනිවිලි අමතක කරලා දාලා පවුලේ අයට පස්සේ ආදරය කරන කෙනාව විවාහ කරගන්නත් මොන තරම් නම් දුකක් විදින්න සිද්දවෙනවද කියලත් දැකගන්න ලැබෙයි.

තවත් කොටස් දෙකක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ලබන සතියේ කොටසින් මුණගැහෙමු. ජය!

——
අද කතාවේ නම “Til the Day I Die”
අධ්‍යක්ෂණය: Geoff Shotz
ලිව්වේ: Kyle Arrington & Marguerite MacIntyre
විකාශනය වුනේ: 2018 ජුලි 11
මීළග කොටසෙන්: “The Tale of Two Wolves” | 2018 ජුලි 25

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..www.facebook.com/baiscopedownload 

 Torrents Download

| WEB-DL | x264 | TBS | 490MB |

A216FDF3063EA3CAEFBB42137FB1E08E5BBCD58B

Direct Download

| WEB-DL | x264 | 480p | 120MB |

 

| WEB-DL | x265 | 720p | 150MB |

 

| WEB-DL | x264 | TBS | 490MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *