MENU

The Outpost (2018-) [S01 : E01] | එක යනු හුදෙකලා අංකයකි.

2018 ජූලි 10 වෙනිදා විකාශනය ආරම්භ කරපු The Outpost (ඈත මුරපොල) කතාමලාව තමයි මේ. පළවෙනි කතාමාලාව කොටස් 10කින් සමන්විත වෙලා තිබුණා. මේකෙ දෙවැනි කතාමාලාව තවමත් විකාශනය අවසන් වෙලා නෑ. දෙවැනි කතා මාලාව කොටස් 13කින් සමන්විත බව තමයි මේකෙ නිර්මාණකරුවන් කියන්නෙ. ඒකෙන් කොටස් 09ක් විතරයි තවම විකාශනය වුණේ. CW Network සහ NBCU SYFY නාලිකාවල තමයි මේ කතාමාලාව විකාශනය වෙන්නෙ. මේකෙ රඟපාන ප්‍රධාන නළු නිළියන් කිහිප දෙනෙක් සහ ඔවුන්ගෙ චරිත තමයි මේ.

Jessica Green – ටැලොන්
Jake Stormoen – ගැරට් ස්පියර්ස් (කැප්ටන්)
Imogen Waterhouse – ග්වේන් කැල්කසාර් /රෝස්මන්ඩ් කුමරිය
Anand Desai-Barochia – ජැන්සෝ
Andrew Howard – සෙඩ්‍රික් වයිදර්ස් (මාර්ෂල්)
Robyn Malcolm – තැබෑරුම් හිමිකාරිය (ස්වාමි දුව)
ප්‍රධාන චරිතය වන “ටැලොන්” චරිතය කරන, අඩි 5 අඟල් 9ක් උස, අවුරුදු 26ක් වයසැති, ලස්සන නිල්පාට ඇස් දෙකක් තියෙන Jessica Green කියන්නෙ දක්ෂ අසරුවෙක් වගේම රළ මත ලිස්සායාමේ (Surfing) නිපුණයෙක්. එයා මීට කළින් Lightning Point (2012), Roman Empire (2018) රූපවාහිනී කතාමාලාවල රඟපාලා තියෙනවා.

කැප්ටන් ගැරට් ස්පියර්ස් විදිහට රඟපාන Jake Stormoenව නම් Extinct (2017) කතා මාලාව නරඹපු හැමෝම දැකල ඇති. Extinct කතා මාලාවෙ ඩන්කන් විදිහට රඟපෑවෙ මෙයා තමයි.

ටැලොන් කියන්නෙ Blackbloods කියන, අමුතු බලවේගයක් තියෙන ජන කොට්ඨාසයකට අයිති ගෑණු ළමයෙක්. (මේ ජන කොට්ඨාසය හැඳින්වෙන නමේ විදිහටම එයාලගෙ ඇඟේ දුවන්නෙ කළු පාට ලේ) එයා පුංචි කාලෙදි එයාගෙ පවුලෙ හැමෝම එක්ක, එයාලගෙ මුළු ගමම සමූල ඝාතනයකට ලක්වෙනවා. ඒත් ටැලොන් විතරක් බේරෙනවා. ඒ සමූල ඝාතනය කරපු අයව හොයාගෙන රටේ ඈත කොනක තියෙන මුරපොලකට ටැලොන් යනවා. එහෙට ගිහින් තමන්ගෙ නෑදෑ සනුහරේම මරපු මිනිස්සුන්ගෙන් පළිගන්න එක තමයි ටැලොන්ගෙ එකම බලාපොරොත්තුව.

මේ මුරපොලේදි ටැලොන්ට මුණගැහෙන ගැරට්, ග්වේන්, ජැන්සෝ, එක්ක ටැලොන්ගෙ මේ පළිගැනීමේ චේතනාව ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙයිද? ටැලොන්ට මොන විදිහෙ දුක් ගැහැට විඳින්න වෙයිද? Blackbloods (කළු ලේ ඇත්තන්) කියන තමන්ගෙ ජාතියෙ අයගෙ රහස්, බලවේග ගැන හොයාගන්න පුළුවන් වේවිද? තමන්ගෙම කියල කවුරුත් නැති ටැලොන්ගෙ අනාගතය කොහොම වේවිද? මේ වගේ ප්‍රශ්නවලට උත්තර ඔයාලට මේ කතා මාලාව බලාගෙන යද්දි හොයාගන්න පුළුවන් වෙයි.

ඉතින් අද ඉඳන් දිගටම මේ කතා මාලාවට උපසිරැසි කරන්න මම හිතාගෙන ඉන්නවා. අද තමයි 01වෙනි කතා මාලාවෙ 01 වැනි කොටස තමන්ගෙ නෑදෑයින් සමූළ ඝාතනය වෙලා අවුරුදු 13කට පස්ස, ඒ වැඩේ කරපු එවුන්ව හොයාගෙන ගෝල්වුඩ් කියන මුරපොලට ටැලොන් යන ගමන තමයි මේ කොටසෙදි පෙන්නන්නෙ. ඒ අතරෙදි ඒ සමූළ ඝාතනය සිදු වුණු විදිහ ගැනත් අපට පෙන්නනවා. ඒ වැඩේ කරපු එක හතුරෙක්ව ටැලොන්ට එහෙදි මුණගැහෙනවා. එහෙමනම් මේ කොටස බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් මම නවතිනවා.

දෙවැනි කොටසින් ඉක්මනටම හම්බවෙමු..

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | SD | 318MB |

Direct Download

| HDTV | x264 | 480p | 190MB |

| HDTV | x264 | SD | 318MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *