MENU

The Protector [S01 : E02] | තරුණ ආරක්ෂකයාගේ ආගමනය…!

ඔන්න එහෙනම් අරගෙන ආව ඉතා ඉක්මනින් The Protector කතා මලාවෙ දෙවැනි කොටස. වැඩි කතා නැතුව බහිමු කතාව පැත්තට…

පෙර කොටසින්…
කලින් කොටස බලලා කට්ටිය ෆුල් හොල්මන් වෙලා ඇත්තේ නේද? දැක්කනේ ආරක්ෂකයා කියන්නේ කවුද කියලා. හකන් කියන්නේ ගොඩක් රස්සා කරන්න ගිහින් වැඩ අණාගත්ත තරුණ කොල්ලෙක්. එයාගේ යාළුවත් එක්ක තවත් වැඩකට අත ගහන්න හදනකොට සල්ලි මදි වෙනවා. ඉතින් එහෙම ඉන්නකොට හකන්ගේ තාත්තගේ ඇන්ටික් බඩු කඩේට ගෑනු කෙනෙක් එනවා කමිසයක් හොයාගෙන ඒ කමිසේ හොයලා දන්න කියලා ඕන ගානක් දෙන්නම් කියලත් එයා කියනවා, හකන්ගේ තාත්තා නෙසෙට් මෙහෙම එකක් නෑ කියලා කිව්වත් හකන් මේක කලින් දැකලා තියෙන නිසා පොඩ්ඩක් අර ගෑනු කෙනාට ඒ කමිසය දෙන්න හදනවා. ඒත් නෙසෙට් ඒ වැඩේ නවත්තලා කොහොමහරි එතනින් ගැලවෙනවා. එහෙම යනකොට හකන් යනවා ඒ කාලේ ඉස්තාන්බූල්වල ධනවතා වෙන ෆෙයිසල් එර්ඩම්ගේ ගොඩනැගිල්ලේ ජොබ් එකක් ගන්න, ඒත් වැඩේ හරියන්නේ නෑ. හකන්ට ඕන වෙලා තියෙන්නේ කවදහරි ෆෙයිසල් එර්ඩම් වගේ වෙන්න, ඒත් ඒකට් එයාට සල්ලි නෑ. කොහොමහරි හකන් එයාගේ යාළුවා මෙමෝ එක්ක අර කමිසය නෙසෙට්ගෙන් අරගෙන කලින් ඒ කමිසය හෙව්ව ගැනු කෙනාට විකුණන්න හදනකොටම නෙසෙට් එතනට එනවා. ඇවිත් ඒ වැඩේ නවත්තනවා. ඒත් එක්කම එතනට ආයුධ සන්නද්ධ සෙට් එකක් ඇවිත් හතරවටේටම වෙඩි තියනවා, ඒ වෙඩිල්ලක් නෙසෙට්ට වැදෙනවා. මෙමෝව ඒ ආපු උන් පැහරගෙන අරගෙන යනවා. ඊට පස්සේ නෙසෙට්ව හකන් රෝහලකට අරගෙන යන්න හැහදුවත් නෙසෙට් කියනවා එයාව පාර්මසියකට අරගෙන යන්න කියලා, එතනට කොහොමින් හරි හකන් එයාව අරගෙන යනවා, එතනදි තමයි නෙසෙට් මැරෙන්නේ. එයාගේ අවසාන වචන ටික වුනේ….

“කවදාවත් ඔයාගේ බලය ගැන සැකයක් තියාගන්න එපා….
ඔයාගේ බලය තමයි ඔයාගේ දෛවය….”

එහෙම තමයි එයා කිව්වේ. ඉතින් හකන්ව නෙසෙට් අරගෙන ගිහින් තියෙන්නේ පක්ෂපාතීන් කියන ආරක්ෂකයාගේ සේවයට ඉන්න කට්ටියක් ගාවට. එතන හිටපු ඒ සීනෙප් සහ එයාගේ තාත්තා ඊට පස්සේ හකන්ට තත්වය පහදල දුන්නා දකින්න ඇතිනේ. කමිසය අන්දලා ඊට පස්සේ මොකද්ද වුනේ කියලත් දකින්න ඇති නේ. ඒක තමා ඒ කොටසේ හොදම කොටස. ඇගේ මයිල් කෙලින් නොවුනා නම් වැඩක් නෑ.

අද කොටසින්….
අද කොටස මුලින්ම ආරක්ෂකයාගේ ආයුධ සහ එයාගේ අනන්‍යතාව ගැන කියනවා. ඊට පස්සේ හකන් මෙමෝව හොයන්න සීනෙප් සහ එයාගේ තාත්තට හොරෙන්ම යනවා. මෙමෝව අරගෙන ගියපු කට්ටිය එයාට මොකද්ද කරන්නේ කියලා ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවම්. ඊට පස්සේ මේ ආරක්ෂකයා පස්සේ පන්නන්නේ කවුද එයා කවුද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. මසාර් තමයි ඔක්කම මෙහෙයවන්නේ. එතකොට මෙමෝව බේරගන්න ගිහින් සීනෙප් සහ හකන්ට වෙන අකරතැබ්බයකුත් ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් වැඩෛ කතා ඕන නෑ. කට්ටිය අරගෙන ම බලන්නකෝ.

එහෙනම් මම ගිහින් එන්නම්.. ඊළග කොටස් ටික අපෙ අනිත් සෙට් එක අරගෙන එයි. මම අපහු 9වැනි කොටසින් එන්නම්. ජය වේවා!

අද කතාවේ නම – Episode #1.2
අධ්‍යක්ෂණය – Can Evrenol
කතාව රචනය – N. Ipek Gökdel, Binnur Karaevli
රංගන ශිල්පීන් – Çagatay Ulusoy, Ayça Aysin Turan, Hazar Ergüçlü
මේ කොටසට IMDb අගය – 8.0
විකාශනය – 2018 දෙසැම්බර් 14
ඊලග කොටස – Episode #1.3

” Never Doubt Your POWER.
POWER is Your Destiny……. “


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB | x264 | 720p | 3.6GB | Complete S01 |

Direct Download

| WEB | x264 | 480p | 106MB |

     

| WEB | x264 | PHOENiX | 180MB |

     

| WEB | x265 | 720p | 180MB |

     

| WEB | x264 | 720p | 3.2GB | Complete S01 |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “The Protector [S01 : E02] | තරුණ ආරක්ෂකයාගේ ආගමනය…!

  • The protector eke season 1 complete download krnna puluwan link ekak ona. Uda dila thiyna eka weda ne.

    Reply
    • Dilan Ranga

      ලින්ක් වැඩ.ඩවුන්ලෝඩ් කරගන්න දන්නෙ නැත්නම් කියන්න.ලින්ක් වැඩ නෑ කියන්නෙ නැතිව..

      Reply
  • Frontier TV sirise aka 1 wani epiya download karanna be.mokada karanna akata?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *