MENU

The Protector [S01 : E07] | පුරාවස්තු හොරකම

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාට,

ඔන්න එහෙනම් අලුත් අවුරුද්දට බයිස්කෝප් අපෙන් ඔයාලට දෙන අලුත් අවුරුදු තෑග්ගත් එක්ක තමා මාත් මේ ඔයාලා හම්බවෙන්න ආවේ. The Protector. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ මුල ඉදන් බලපු කෙනෙක්ට කතාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නොවැ. බාගෙන බලනකම් ඉවසිලි නැතුව ඇති . ඔන්න ඔයා මේ සීරීස් එක නොබලා අහම්බෙන් නම් මේක අහු වුණේ, ඔයාටයි මම කියන්නේ. සුපිරි ටීවී සීරීස් පිස්සෙක් අනිවාර්යයෙන් නැරඹිය යුතුම සීරීස් එකක්. කොහොමත් ටිකක් සුපර්නැචුරල් කතා බලන්ඩ කෙළ හලන මම වගේ ඈයොන්ට දවස ගත කරන්ඩ මම නම් නිර්දේශ කරන්නේ මේ වගේ සීරීස් එකක්ම තමා. කතාව ඒ තරම්ම පට්ට. එක දිගට එපිසෝඩ් දහයම කිසි ගින්නක් නැතුව බලන්ට ඇහැකි. ඉතින් මෙච්චර පට්ට පතුරු කතාවකට සබක් ගහලා ඔයාලා හමුවට එන්ඩ මටත් වාසනාව තියෙන්ඩ ඕන. ඒක තිබිලා බෑ කවිශල් අයියා වගේ යාළුවෝ ඉන්න ඕන. එයා බාර ගත්ත සීරීස් එක තමා මෙහෙම අපි අතරේ බෙදා දුන්නේ. උන්නැහෙට පිං දෙනවා සියල්ලට කලින්……

හරි ඉතින් මොකද්ද අද කතාව?

දැන් කට්ටිය දන්නවා ඇතිනේ අපේ ආරක්ශකයා දැන් තමන්ට ඉමෝටල්වරයෙක් මරන්න ඕන වෙන මූලික අවශ්‍යතාවන්ගෙන් දෙකක් සපුරගෙන ඉවරයි. දෙකක් කිව්වට එක හමාරක් වගේ. දැන් තියෙන්නේ කිනිස්ස හොයා ගන්න රාජකාරිය. මේ කිනිස්ස තියෙන්නේ කෞතුකාගාරයක. ඉතින් බොහොම ආරක්ශිත ලෙස තැන්පත් කරලා තියන මේ කිනිස්ස ආරක්ශකයා එහෙමත් නැත්නම් අපේ හකාන් අතට ගන්න එක තමා අද කතාවේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙයාලා මේකටත් සුපිරි ගේමක් ගහනවා, ඒත් ඉතින් කොයි කතාවේ වගෙත් මේකෙත් ගේම පොඩ්ඩක් ගැස්සෙනවා. එහෙනම් කුතුහලයක් ඇතිනේ, තවත් කුහුල අවුස්සන්නේ මොකටද? ඔන්න ගෙනාවා, බාගෙන බලන්ඩයි තියෙන්නේ , යන ගමන් කතාව ගැන හරි කමෙන්ටුවක් හලාගෙන ගියාට අමනාපයක් නෑ ඔන්න.
ඊළග කතාංගයෙන් හමු වෙනකම් සමු ගන්නවා. ඔබ සැමට ආරක්ශකයාගේ පිහිට ලැබේවා!!! ?

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB | x264 | 720p | 3.2GB | Complete S01 |

Direct Download

| WEB | x264 | 480p | 200MB |

     

| WEB | x264 | 720p | 350MB |

     

| WEB | x265 | 720p | 220MB |

     

| WEB | x264 | 720p | 3.2GB | Complete S01 |

     

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Protector [S01 : E07] | පුරාවස්තු හොරකම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *