MENU

The Punisher [S01: E13] | අවසානයට…

Marvel’s the Punisher එහෙමත් නැතිනම් The punisher කියන්නෙ නෙට්ෆ්ලික්ස් ආයතනය වෙනුවෙන් ස්ටීව් ලයිට්ෆුට් අධ්‍යක්ෂවරයා විසින් පනිශර් කියන කොමික් චරිතය ඇසුරෙන් නිර්මාණය කරපු ටෙලි කතා මාලාවක්. Marvel Television,ABC Studios සහ Bohemian Risk Productions එක්කාසුවෙන් තමා මේක නිෂ්පාදනය වෙලා තියෙන්නෙ. මෙහි පනිශර් චරිතයට පණ පොවන්නෙ Jon Bernthal (වෝකින්ග් ඩෙඩ් බලපු අය නම් මෙයා ගැන හොඳට දන්නවා).  ෆ්රෑන්ක් කාසල්, පනිෂර් නාමයෙන් මුළු නිව්යෝක් නගරයේම සිටින අපරාධාකරුවන් භියෙන් මුසපත් කරවමින් තමන්ගේ බිරිඳව හා දරුවන්ව මැරූ ඝාතකයන්ගෙන් පළිගන්නා අන්දම ඩෙයාඩෙවිල් සීසන් 2න් ඔයාල දකින්න ඇති.බලපු අය දන්නවනෙ මෙයා කොහොම වැඩ්ඩෙක්ද කියල…එතනිං එහාට ෆ්රෑන්ක් කාසල් වටා ගෙතුනු කතාව තමා සීසන් එක පුරාම තියෙන්නෙ.

තමන්ගෙ පවුල මරාදැමූ මිනීමරුවන්වගෙන් පලිගත් ෆ්රෑන්ක් කාසල් තමන්ගෙ අනන්‍යතාව පීට් කැස්ටිග්ලියෝන් විදිහට වෙනස් කරගෙන ඉදිකිරීම් ස්ථානක වැඩ කරමින් සිටිමුත් මයික්‍රෝ නැමැති නන්නාඳුනන පුද්ගලයාගෙන් ඔහුට හදිසියේම ලැබෙන දුරකථන ඇමතුමෙන් ඒ සියල්ල වෙනස් විය.මයික්‍රෝ ෆ්රෑන්ක්ට CD තැටියක් තබා යන අතර එහි අන්තර්ගතව තිබුණෙ හමුදා භටයින් පිරිසක් යම් පුදගලයෙක්ව වද දී මරාදමන දර්ශන ඇතුළත් වීඩියෝ පටයක්ය.ෆ්රෑන්ක් මේ තැටිය සම්බන්ධයෙන් සෙවීමට කැරන්ගෙ සහය පතන අතර අවසානයේ ෆ්රෑන්ක්ට කැරන්ගෙන් මාර්ගයෙන් දැනගන්න ලැබෙන්නේ මයික්‍රෝ යනු ඩේවිඩ් ලිබර්මන් බවත් වීඩියෝවෙ ඉන්න ඝාතනයට ලක්වෙන පුද්ගලයා කැන්ඩහාර්වල නියෝජිතයෙකු බවත්ය. තවද ඊට හේතුව හා සම්බන්ධ හමුදා නිළධාරීන් කවුරුන්ද යන වගද පසුව ඔහුට දැනගන්නට හැකි විය.ෆ්රෑන්ක් පවුලෙ අයව ඇමට තියාගෙන ලිබර්මන්ට ලං විය .
මේ අතර වාරයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින නියෝජිත මඩානි කැන්ඩහාර්වල තමන්ගේ කලින් සහයකයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයක යෙදෙමින් සිටි අතර ..කාලයේ ඇවෑමෙන් කාසල් ජීවත්ව සිටින බව මඩානිට දැනගන්නට ලැබුණි.කාසල්ට හා ලිබර්මන්ටද මඩානිගෙ කැන්ඩහාර් ඝාතන විමර්ශනය ගැනද දැනගන්නට ලැබුණ අතර අවසානයේ කාසල් හා ලිබර්මන් එක්වී කැන්ඩහාර් වලදී සිද්ධ වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන මඩානී හට සහය පල කිරීමට එකඟ විය.මේ අතර වාරයේ සැකකරුවන් පිරිසක් පසු පස හඹා ගිය මඩානි හා ඇගේ පිරිසට එල්ලවූ ප්‍රහාරයෙන් මඩානිගේ සහයකයකු වන ස්ටයින් මරණයට පත් වන්නේ බිල් රෝව්ලින්ස් යන නම කරලියට කැඳවමිනුයි.මේ අතරවාරයේ නගරයේ පිපිරවීම් සිද්ධ කරන පොර මානසිකත්වයෙන් පෙලෙන තරුණයෙකු කැරන් පේජ්ව සහ සෙනට්සභිකයෙකු ඝාතනය කිරීමට උත්සහ කරන අතර කාසල්ගේ මැදිහත්වීමෙන් එය ව්‍යර්ථ විය. සෙනෙට් සභිකයා සිටියේ ඇන්විල් ආරක්ෂාව යටතේ බැවින් එහි ප්‍රධානි බිලි රූසෝ ද මෙයට මැදිහත් වන අතරම මඩානී ද එයට මැදිහත් වීමක් සිද්ධ වුණි. ඒ වන විට ලොවටම ත්‍රස්තවාදියෙකුව සිටි කාසල් එතනින් පලා යාමට සුදානම් වුවත් මඩානිගේ ග්‍රහණයට නතු වන අතර බිලිගේ වෙඩි පහරකට ලක් විය . ඒත් සමගම ස්ටයින්ගේ මරණයේ නියම මිනීමරුවා බිලි රූසෝ බවත්, ඔහු රෝව්ලින්ස්ගේ අතකොළුවක් බවත් මඩානි වටහා ගන්නවා.අනාවරණය වීමත් සමගම කාසල් හා ලිබර්මන්ගේ මරණයේ දැඩි අවශ්‍යතාව දැනෙන බිලි කරන්නේ ලිබර්මන්ගේ බිරිඳ හා පුතනුවන් පැහැර ගැනීමයි. ඔවුන් දෙදෙනාගේ ගැලවුම සඳහා ලිබර්මන් හා කාසල් ඔහුට යටත් විය යුතු යැයි බිලී විසින් දන්වා සිටි අතර මේ අතර වාරයේ කාසල් විසින් සැලසුම් සහගතව ලිබර්මන් හා ඇයගේ දියණිය මඩානිගේ භාරයට පත් කලේය.එමෙන්ම කාසල් ඔහුව සොයා ආ සියලුම ඇන්විල් සොල්දාදුවන් අනුකම්පා විරහිතව මරා දැම්මේ බිලී හටද පණිවිඩයක් යවමිනි.
පසුව ලිබර්මන්ගේ බිරිඳ හා ගැහැණු දරුවා බේරාගැනීම සඳහා බිලී පැවසූ හුවමාරු ස්ථානයට ගිය කාසල් හා ලිබර්මන් මඩානිගේද සහය ඇතිව ඔවුන්ව බේරාගත් අතරම උපක්‍රම ශීලීව ලිබර්මන්ගේ ව්‍යාජ මරණයක් මවා පා ඔහුව බිලී රූසෝ අතට පත් නොවී කාසල්ව පමණක් බිලී රූසෝ අතට පත් වීමට ඉඩ සැලැස්වූවේ කාසල්ගේ සැලසුමට අනුවය.ලිබර්මන් පවුල යලි එක්කාසු වෙන අතරවාරයේ රූසෝ සහ රෝව්ලින්ස් කාසල්ව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය අතර ඔහුට අප්‍රමාණ වද හිංසා වලට භාජනය වීමට සිදුවූ අතර අවසානයේ ඒ සියල්ල විඳදරාගත් කාසල් රොව්ලින්ස්වත් මරා දැමූවේය.. බිලී රූසෝ පැනගත්තේය…අවසානය කුමක් වේවිද ඔයාලම බලාගන්න…..

 

 

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WebRip | x264 | 457MB |

170767E00BF74EF7BA5B48EC5664454BB3BD48DC

| WebRip | x264 | 720p | 1015MB |

E77EEDBE7174CD81D3289664B218104FA1C13279

 Direct Download

| WebRip | x264 | 480p | 228MB |

| WebRip | x264 | SVA | 475MB |

| WebRip | x265 | 720p | 290MB |

 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Punisher [S01: E13] | අවසානයට…

  • rajitha

    Kalin episode ganne khmd

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *