ඔන්න එහෙනම් හයවැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු.
කලින් කොටස –
අතරමංව හිටිය කණ්ඩායමට අමුතුම විශාල නිවහනක සෙවන පතන්නට සිද්ධ වෙන්නේ ලග එන මහා වැස්සෙන් ආරක්ෂා වෙන්නට වුවමනා නිසාවෙන්. නමුත් අමුතුම නීතිරීති ගොන්නක් කැටිකර ගත් මේ නිවහනේ සැප පහසුව නිසාවෙන් කණ්ඩායමේ බොහොම දෙයෙක් ඒ වෙත ඇදගන්නට සමත් වුනත් මාර්ටින් නම් ආරම්භයේ ඉදලම සැකයෙන් තමයි මේ පිරිස සම්බන්ධයෙන් පසු වුනේ. මේ සියල්ල අස්සේ සිමෝනා තවත් ඇපලෝන් සේවකයෙක් හඳුනා ගැනීම සිද්ධ වුන විදිහ මතක ඇති. ඒ වගේම කලින් කොටස ලේයා සහ ඇයගේ ඉතිහාසය වෙනුවෙන් බොහොම ඉඩක් වෙන් වුන හැටි ඔබට දැකගන්නට ලැබෙන්නට ඇති. අසරණ ඇයගේ මතය වුනේ මේ සියල්ලට ඇය සම්බන්ධ බවයි… ජිවිතයේ එවැනි අමිහිරි මතකයක් එකක් ජිවත් වෙන ඇයට සැබවින්ම මොන වැරදි තිබ්බත් අර ක්‍ෂේම භුමිය ඇත්තටම උදව් වුන බවයි පෙනුනේ…
කොහොම නමුත් පිරිස සහ මාර්ටින් එකම මොහොතක වගේ ස්ථාන දෙකක ඔවුන් මිනීමස් අනුභව කල විත්තිය දැනගන්නවා…. නමුත් අවාසනාවට ඔවුනට එතනින් ඉවත් වෙන්නට ඉඩක් ලැබෙන්නේ නැහැ, ඒ සියල්ල අස්සේ ඊලග බිලි පුජාව වෙනුවෙන් ලේයා තෝරාගනු ලබන්නේ කණ්ඩායමේ බලාපොරොත්තු ගොන්නක් හුළඟට විසිකරමින්. නමුත් කොහේදෝ සිට පැමිණි කැරන් ලේයා වෙනුවෙන් තමුන්ගේ ජීවිතය හුවමාරු කරන්නේ රාක්ෂයන් අතර වුවත් මිනිස් ගති ගුණ ඇති බව පෙන්වා දෙමින්… ඉතින් එතනින් ගැලවුන අපේ කණ්ඩායම වික්ෂිප්ත වීම එදිනට නිමා කරන්නට තරම් වාසනාවන්ත නොවන්නේ ඇපලෝන් සේවකයා ඔවුන් කල දෙය ගැනීම නිසාවෙන්. ඔහුට අනුව අක්ක මලෝ දේපල සොයා යන ඔවුන්ගේ පියා මේ ලෝක විනාශය ඇති කල පුද්ගලයා වනවා… එය උදාහරණ සහිතව ඔහු ඔප්පු කර පෙන්වන්නේ ඔවුන් ඉදිරියේම ඇපලෝන් එන්නතක් තමුන්ට එන්නත් කරගැනීමෙන්… ඉතින් එහෙම තමයි අපේ කතාවේ අවසානය සනිටුහන් වුනේ කලින් කොටසට….
ඔහොම තමයි කලින් කොටස අවසාන වුනේ, මේ වෙනකොට අපි කරුණු කාරණා කිහිපයක් දැනගන්නට සමත් වෙනවා. ඒ වගේම එන්න එන්න මේ ප්‍රේහෙලිකාවේ අපි දන්න කරුණු ප්‍රමාණය වැඩි වෙනවා…
ඇදහැලෙන වර්ෂාව බොහොම විසකුරුයි, තෙමුනොත් ඉරණම මරණය වන බව.
ඔවුන්ගේ බංකර් එක වගේ තවත් බංකර් රට පුරා පැතිර තිබෙන බව.
රස්මුස් තමයි මේ සියල්ලෙන් මිනිසුන් බේරා ගැනීමේ යතුර.
ලෝකයම විනාශ වී වල්වැදි ඇති බව.
ලෝකයේ පණ බේරාගත් තවත් මිනිසුන් සිටිනා බව.
මාර්ටින්ගේ අතීතය.
ආහාර සහ සියලුම අංගයන්ගෙන් සම්පුර්ණ තවමත් හරි හැටි භාවිතා නොවූ බංකර් ආසන්නයේ ඇති බව.
සිනෝමාගේ පියා කෙසේ හෝ තවත් බංකර් එකක් වෙත පැමිණ ඇති බව.
පියා ස්වීඩනයට යන්නට ඇති බව.
නගරයේ මිනිසුන් කෑමබීම වෙනුවෙන් එකිනෙකා ඝාතනය කරගන්නා බව.
බියට්‍රිස් පෙනෙන චරිතය නොවන බව.
ජින් අතින් ඝාතනයක් සිදුවී තිබෙනවා.
බංකර් නිර්මණය කර තිබෙන්නේ මුර සංචාරයේ යෙදෙන අමුත්තන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන්.
ෆ්‍රෙඩ්රික් ඇන්ඩර්සන් ලෝක විනාශයට සෘජුවම වගකිව යුතුයි.
ජින්ගේ ජිවතුන් අතර ද ? නැත්නම් මියගිහින් ද ? යන ප්‍රශ්නය කණ්ඩායම සතුයි.
ෆ්‍රෙඩ්රික් ඇන්ඩර්සන් මාරක වැස්සේ නිමැවුම්කරුවා බව.
මාරක වැස්ස ඇපලෝන් සමාගමේ පරීක්ෂණයක අතුරු ප්‍රතිඵලයක් බව.
ඉතින් මේ කරුණු හිත දරාගෙන අද කොටස තුල සිද්ධ වෙන දෙය ගැන පොඩ්ඩක් කතා කරමු….
අද කොටස –
අද කොටස බොහොම ලස්සනට ආරම්භ වෙලා දුක හිතෙන අවසානයක් උරුම කරගත් කොටසක්. ලස්සන පරිසරයක අවදි වෙන අපේ පිරිසේ අරමුණ තවත් ඉදිරියට ගමන් කිරීම. නමුත් මේ වෙනකොට අමුත්තන් ඔහුන්ට බොහොම ලගා වෙලා… කොරේ පිටට මරේ කියන්නා වගේ පිටත් වෙන්න සුදානම් වෙන මොහොතේ රස්මුස් තමුන්ට හෙලවිය නොහැකි බවත් ඔවුන්ට දන්වනවා… ඉතින් ඊලග බංකරය වෙත කෑම සොයාගෙන යන මාර්ටින්, සිමෝනා, පැට්‍රික් සහ ලේයා ඇතුළු පිරිස ඇපලෝන් කුමන්ත්‍රණයේ තවත් පිටුවක් පෙරලා ගන්නේ බොහොම දුක්කිත සතයක් අවබෝධ කරගනිමින්. ඇපලෝන් සමාගම එලෙස ලෝකය විනාශ කල අතරේ ඉතිරි වුන මිනිසුන් ඇත්තෙන්ම කොහොම මිනිසුන් දැයි අද දැකගත හැකි වේවි, මම මේ කතා කරන්නේ අපේ කණ්ඩායම ගැන… අද නියම මිතුරන්, සිත යට සතුරන් දැකගත හැකි දවසක්… ඒ වගේම අද නිධාන කතාව හිමි වෙන්නේ පැට්‍රික් හට ඔහුගේ අතීතයත් අපට බොහොම පාඩම් කියා දෙනවා.
මේ සියල්ල එකක් රස්මුස් සහ බියට්‍රිස් අතර ආදරය වගේම මාර්ටින් සහ සිමෝනා අතර ආදරයත් දළුලා වැඩෙන හැටි දැකගත හැකි වේවි… ඒ වගේමයි අද බොහොම අපුරු සිදුවීමක් සිද්ධ වෙන්නේ සැබවින්ම ප්‍රශ්න ගොඩක් ඔබට, මට දායාද කරමින්… නමුත් අද කතාවේ අවසාන ඊටත් ප්‍රශ්නාර්ථයක් නමුත් ඊට පෙර මොහොත දුක්කාන්තයක්….
තවත් කොටස 2ක් පමණයි ඉතිරිව තියෙන්නේ. ඉතින් එහෙනම් ඊලග කොටසින් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!
Torrents Download
| WEBRip | x264 | XviD | 2.7GB | Complete S01 |
6276c5ff15299452976df2032e206af744587427